වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
2023 මැයි මස 06 සෙනසුරාදා දින ඉර උදාව පෙ.ව. 05.56 රාහු කාලය පෙ.ව. 08.56 සිට පෙ.ව. 10.26 දක්වා.
මැයි 5, 2023
මේෂ ලග්නය
වැඩ කටයුතුවල යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්යෝගය උනන්දුවද අඩුව යනු ඇත.
ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔලුවේ අමාරු ඇස්වල අමාරු ඇති වීමට ඉඩ තිබේ.
වෘෂභ ලග්නය
ගමන් බිමන්වල නිරතවීමට සිදුවන දිනයක් වන අතර ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇති වේ. රැකියා කටයුතුවල ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමට අපහසුතාවයක් නිසා පීඩා ඇති වනු ඇත.
මිථුන ලග්නය
ආගම දහම කෙරෙහි ශක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටී නම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබෙන අතර දානමානාදී කටයුතුවල නිරතවීමටද අවස්ථාව ලැබෙනු ඇත.
කටක ලග්නය
කම්මැළි අලසබවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක් ද ඇති බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙම් ගතියක් ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ ලග්නය
සහෝදරාදීන් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම්ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා ලග්නය
තම කතාව නිසා අන් අයගේ හිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මත භේද ඇතිවන දිනයකි.
තුලා ලග්නය
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇති වනු ඇත.
වෘශ්චික ලග්නය
ඉවසීමෙන් ප්‍රතිකාර කටයුතු කළයුතු දිනයක් වන අතර සිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු ලග්නය
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතු වලින් ලාභ ලැබීමට හැකිය. ආලය පිළිබඳ කටයුතුවලින් සිතට දුකක් ගෙන දෙන දිනයක් වේ.
මකර ලග්නය
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලට ද බාධා ගෙන දෙනු ඇත. යටිබඩ පීඩා කාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු ය.
කුම්භ ලග්නය
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එක තැනකටවී සිටීමට සිත් ගෙන දෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන ලග්නය
ආගමික සේවයට ළැදිව කටයුතු කරන ආගමික ඇත්තන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර කකුල්වල පීඩාකාරී බවක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
අලුත් අවුරුද්ද එළැඹීමට අත්තේ තවත් දින පහළොවක් පමණයි. අන් කවරදාටත් වඩා මෙවර අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර පිළිබඳව සමාජයේ සුවිශේෂී අවධානයක් යොමුව...
2024-03-28 18:30:00
අවුරුදු නැකැත්වල කිසිදු වෙනසක් සිදු වන්නේ නැති බවත් එය වසර ගණනාවකින් යෙදෙන රටටත් ජනතාවටත් සුබදායි ඉතාම බලවත් නැකැත් සීට්ටුවක් බවත් රාජ්‍ය...
2024-03-28 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිපියුමාකාර, විෂ්ණු, මහෞෂධ යෝගබලය ලග්න දොළසටම උදා කරමින් බ්‍රාහ්මණ වංශික අසුරුගුරු හෙවත්...
2024-03-21 18:30:00
කෝණ මාසය තුළ වුව ද අකුරු කියවීම වැනි කටයුතු ඉටු කිරීමට නැකැත් යෙදීම ඡ්‍යොතිෂයේ නියමයි. ඒ අනුව වසරකට වරක් හෝ දෙවරක් පමණක් යෙදෙන දුර්ලභ ගණයේ...
2024-03-14 18:30:00
මේෂ, කටක, තුලා, මකර ලග්නවලට රාජයෝග වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්නවලට ප්‍රශංසා කෝණ මාසය එළැඹෙයිමේෂ, කටක, තුලා, මකර, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ...
2024-03-14 18:30:00
එළැඹෙන මාර්තු 16 වැනිදා සෙනසුරාදා දුර්ලභ අවස්ථාවක් වන පුර තිථිය ඇති රෙහෙන නැකැත හා පී‍්‍රති යෝගය යෙදේ.මේ යෝගය යෙදෙන සෙනසුරාදා දිනවල හිරු...
2024-03-07 18:30:00
ඥානයට අධිපති බුධ සමඟ වරුණ හෙවත් නැප්චූන් මාර්තු 08 වැනිදා සිකුරාදා රාත්‍රී 08.37 ට කාල සර්ප යෝග බලැතිව, ගුරු දීප්ත ශුභ යෝග බලැතිව යුධ ප්‍රකාශ...
2024-03-07 18:30:00
සිංහ, වෘශ්චික, කුම්භ, වෘෂභ රාශි සතරම පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලයෙන් නොසැලී ඉදිරියට යා හැකි අභිමානණීය රාජකීය බැල්මක් හෙළමින් මාර්තු 15...
2024-03-07 18:30:00
ඕනෑම ශාස්ත්‍රයක කිසියම් කොටසක් කලක් යාමේ දී මැකී යනවා හෝ වෙනස් වනවා. ඒක සාමාන්‍ය දෙයක්. ආදි කාලයේ වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවන්ට ප්‍රථම දරුවකු...
2024-02-29 18:30:00
සෑම වසරකම සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ හතරක් හෝ හයක් ඇති වීම ස්වභාවිකය. එහෙත් චන්ද්‍රයාගේ බලපෑම මනස හා බැඳී ඇති බැවින් චන්ද්‍රග්‍රහණයක් යනු ජීවිතයේ...
2024-02-29 18:30:00
ග්‍රහ ලොව කුමරු ලෙස හැඳින්වෙන දැනුමට අධිපති බුධ 2024 මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 09.37ට තම නීච රාශිය වන මීනයට ප්රවිශ්ට වේ. මෙය දරුවන් ගැන...
2024-02-29 18:30:00
මාර්තු මාසය පුරා ග්‍රහ සංක්‍රමණ, ග්‍රහ සංක්‍රාන්ති, ඡායා චන්ද්‍ර ග්‍රහණය, ග්‍රහ යුද්ධ, කුම්භ සහ මීන රාශිවල රවි සංක්‍රාන්ති දෙකක බලපෑම අර්ධකාල සර්පයෝග...
2024-02-29 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් රුචක හා සස යෝග දෙක ද අතිශය බලවත් ධර්ම කර්මාධිපති යෝග බලයද උදා කරමින් මාර්තු 07 වැනිදා දක්වා බුධ කුම්භ රාශිගතව හැසිරීම ලග්න...
2024-02-22 18:30:00
පෙබරවාරි 20 කුජ දින නවම් මහේ පුර දොළොස්වක තිථිය – දිවිකරණයපෙරවරු 11.21 - පස්වරු 12.43 සහ 02.07 නැඟෙනහිර බලාහරක්, ඌරන් ඇතුළුව සත්ව හානි වළකයි. වැටවල්...
2024-02-15 16:30:00
ග්‍රහ මඬුල්ලේ සෙන්පති ලෙස හඳුන්වන අඟහරු පරදා සුකොමළ ගුණැති සිකුරු මකර රාශියේ ඇතිවන යුද්ධයෙන් ජය ගැනීම කාන්තාවන්ගේ විවිධ ශිල්ප ශාස්ත්‍ර දැනුම...
2024-02-15 18:30:00
රසලෝලී සිකුරු ග්‍රහයා සෙනසුරු හිමි මකර ලග්නගත වීම මැණික් පතල් පෑදීම, නිදන් වස්තු මතු වීම, මැණික් ආදී භූමි සම්පත් අපනයනයෙන් වැඩි ලාභ ලැබීම වැනි...
2024-02-09 01:30:00