බලගතු නැකතක මහිමය

නොවැම්බර් 1, 2019

මලලසේකරයන්ගේ නැකතින් පාලියෙන් සඳහන් කර මුල්ගල තබා ඉදිකළ ආනන්දයේ ශිෂ්‍ය නිවාසය පිළිබඳ විත්තිය

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී.ද.ඇස්. කුලරත්න මහතා විසින් පසුගිය වසර කීපය ඇතුළත විද්‍යාලයටත්, එය පාලනය කරන පරම විඥානාර්ථ බෞද්ධ සංගමයටත් කරන ලද විශිෂ්ට සේවය ගැන මහ ඉහළින්ම සළකා බැලූ එහි නිලධාරී මණ්ඩලය එතුමාට ගෞරව පිණිස කළේ වේතනය සහිතව හත්මසක නිවාඩුවක් ලබාදීමය.

කලකින් පසු තමනට මෙසේ ලැබුණු විවේකය තමන්ගේ ඉංගී‍්‍රසි ජාතික බිරිඳත් ආනන්ද ෆ්‍රැන්සිස් නම් වූ තම එකම පුතාත් සමඟ එංගලන්තයේ නිවාඩුව ගත කිරීම මෙහිදී කුලරත්න මහතාගේ අදහස විය. කාලයකට පසුව එහිදී එංගලන්තයේ විද්වතුන් හමුවීමේ මෙන්ම එහි සිටින තම නැන්දා මාමා ඇතුළු බිරිඳගේ නෑදෑ පිරිස හමුවීමත් එතුමාගේ මෙම ගමනේ ප්‍රධාන අරමුණ විය. ඒ සමඟම අවට රටවල සංචාරයෙන් වඩ වඩාත් නව දැනුමක් තම මොළයට ග්‍රහණය කර ගැනීමත් තවත් අරමුණක් ද විය.

මේ වන විට ආනන්දයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ ගුණපාල පියසේන මලලසේකර මහතා හට වැඩබලන විදුහල්පති තනතුර බාරදී එතුමන් මේ ගමන යන්නේ එහි නව දියුණුවක් පිළිබඳව ද බලාපොරොත්තු ඇතිවය. කුමක් නිසාද යත්, මලලසේකරයන් පුදුම අන්දමේ ශූරයෙකු බව පසුගිය වර්ෂ කීපයේදී ම එතුමන් අත්දැක තිබෙන හෙයිනි. මෙහිදී මෙදින කොළඹ ජැටියට ගිය මලලසේකර වැඩබලන විදුහල්පතිතුමෝ ගමන පිළිබඳව කුලරත්න යුවළට සුබපතා සිටියහ. ‘පුළුවන් නම් මා ආපහු එනකොට රුපියල් හැටපන්දාහක් හොයාගෙන අර මුල්ගල තබා තිබෙන ආනන්ද ශිෂ්‍ය නිවාසීය ගොඩනැගිල්ල වැඩ ඉවර කරලා කියාපන්කෝ’ යනුවෙන් මෙහිදී කුලරත්න මහතා කියා සිටියේ ය.

මලලසේකරයෝ ඒ ගැන කිසිවක් කීවේ නැත. මඳ සිනහවකින් එය සිතට ගත් බව පළ කළා පමණකි. ඔවුන් තිදෙනා ඒ වේලේ නැවට නැංගාට පසුව මලලසේකර මහතාණන් සිය මෝටර් රථයෙන් ආපසු ගියේ ආනන්ද විදුහලට නොවේ. සිය නිජ ග්‍රාමය වන පානදුරේටය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.