වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සැප්තැම්බර් 25 දින උතුම් සරසවි යෝගයක්
සැප්තැම්බර් 6, 2019
දරුවකුට වයස අවුරුදු 2 සම්පූර්ණ වී ලබන 3 වන වර්ෂය තුළ දී, එනම් 4 වන අවුරුද්ද ලබන්නට පෙර අකුරු කියවිය යුතු ය.
එබඳු වයසේ පසුවන පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී, අස්විද, මා, මුල, මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත්වලින් උපන් දරුවන්ට අකුරු කියවීමට සුදුසු ඉතා උතුම් සරසවි යෝගයක් මෙම සැප්තැම්බර් 25 දින පෙරවරු 06.06 යෙදේ. සුබ දිශාව වන්නේ උතුරයි.
බදාදා දිනයක රවි, බුධ, කන්‍යා ලග්නයේ සිටිමින් බුධ හෝරාවේ යෙදෙන මෙය අංග සම්පූර්ණ සරසවි යෝගයකි. මෙම අවස්ථාවේ පංචාංග ශුද්ධිය පැවතීමත් තත්කාල ග්‍රහ බලය ඉතා විශිෂ්ට අයුරින් පැවතීමත් මේ යෝගය වඩා පොහොසත් කරවන්නකි.
මෙදින යෙදී ඇති පුෂ නැකත අකුරු කියවීමට නිර්දේශිත නැකතකි. 11 තිථියද සුදුසු ය. බදාදා පුෂ නැකත යෙදීම මාතාංග යෝගයකි. තත්කාල කේන්ද්‍රයේ සඳු 11 වැන්නේ ස්වක්ෂේත්ර සිටී. ලග්නයේ සිටින බුධ හා සිකුරුගෙන් නීච භංග රාජ යෝගයක් ද යෙදී තිබේ. පස් වැන්නාධිපති කේතු සමඟ හතර වැන්නේ සිටී.
අකුරු කියවීමේ දී ප්‍රථමයෙන් දරුවාට ‘ස්වස්ති සිද්ධම්’ යන වැකිය කියවීම සුදුසු ය. තල, උක් හකුරු, වී, පොරි, මී පැණි, අඹ ඇතුළු පලතුරු, උඳු මිශ්‍ර කැවිලි, හබල පෙති, සුදුමල්, නෙළුම් මල්, සඳුන්, කපුරු, පිණිදිය පැන්, පඬුරු, බුලත් සහිතව සරස්වතී පූජාවක් තබා ගිතෙල් පහනක් දල්වා සරස්වතී දේවිය සහ ගණ දෙවියන් නැමද අකුරු කියවීම මැනවි.
ඡ්‍යොතිර්වේදී, විදුහල්පති
කපිල ඉන්ද්‍රික ගුණදාස
මාලිබොඩ, දැරණියගල
෴ සබැඳි ලිපි ෴
2024 නොවැම්බර් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.8.52ට උතුරු දිශාව බලා ශුභයි. මෙදින අස්විද නැකත පවතින අතර පුර 13 වැනි තිථිය පෙ.ව.9.45 දක්වා පවතිනු ඇත...
2024-10-31 18:30:00
මේෂ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ ලග්නවලට මහා පරිවර්තන යෝගයද වෘෂභ, කටක, තුලා, ධනු, මකර, මීන ලග්නවලට සාමාන්‍ය පරිවර්තන යෝගයද උදා කරමින් සිකුරු...
2024-10-31 18:30:00
පැළ සිටුවීම, බීජ තවාන් දැමීමට2024 නොවැම්බර් මස 04 වැනි සඳුදා පෙ.ව.05. 52ට හෝ පෙ.ව.10. 12ට නැගෙනහිර දිශාව බලා ශුභයි. ඔක්තෝබර් මස 28 වැනි සඳුදා රාත්‍රී...
2024-10-24 18:30:00
නොවැම්බර් මස 6 වැනිදා සිකුරු ධනු රාශි ගත වෙයි. ඒ සමඟම සඳු ද ධනු රාශිගත වීමෙන් ඉතා සොම්නස්දායක සඳු සිකුරු යෝගය උදා වෙයි. මේ යෝගය යෙදෙන්නේ කෙටි...
2024-10-24 18:30:00
බිම් සකස් කිරීමටඔකතෝබර් 27 ඉරිදා පෙ.ව. 11.54 සිට 12.10 දක්වා දකුණු දිශාව බලා ශුභයි.ඔකතෝබර් 29 අඟහරුවාදා ප.ව. 12.05 සිට ප.ව. 12.20 දක්වා නැඟෙනහිර...
2024-10-17 18:30:00
මේෂ, වෘෂභ, තුලා, කුම්භ යන ලග්න හිමියන්ට අතිශය සුබවාදී ප්‍රතිපල ලබා දෙමින් වප් පසළොස්වක පෝදා එනම් ඔක්තෝබර් 17 වැනිදා සිට සෙනසුරු වේගවත් ගමනක යෙදෙයි....
2024-10-17 18:30:00
බිම් සකස් කිරීමට* ඔක්තෝබර් මස 16 වැනි බදාදා පෙ.ව.11.54 සිට ප.ව.12.10 දක්වා උතුරු දිශාව බලා ශුභයි.* ඔක්තෝබර් මස 27 වැනි ඉරිදා පෙ.ව.11.53 සිට ප.ව.12.07...
2024-10-10 18:30:00
පොල් පැළ සිටුවීමටමේ මස 18 වැනි සිකුරාදා පෙරවරු 6.33 සිට 6.45 දක්වා කාලය තුළ උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීමට සුබ වේ.කොළ එළවළු වර්ග...
2024-10-03 18:30:00
සැප්තැම්බර් මස 30 වැනිදා සඳුදා පෙ.ව 06.11 සිට 06.24 දක්වා අතර කාලය තුළදී , බිම් සකස් කිරීමට කැළෑ එළිකිරීම ආරම්භ කිරීමට ශුභයි.ඔක්තෝබර් 05 වැනිදා...
2024-09-26 18:30:00
ඔක්තෝබර් මස 22 වැනිදාට යෙදෙන කුජ දින උදේ 08.02ට නැඟෙනහිර බලා ළිං කැපීම යහපති. ඒ නන්දා යෝගය යෙදෙන බැවිනි.මෙය ළිං කැපීම, අමුණු බැඳීම, පොකුණු සෑදීම,...
2024-09-26 18:30:00
මේෂ,කටක, තුලා, මකර රාශි සතරට මාලවී යෝග බලයද, වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට සස යෝගබලය ද පංචමහා පුරුෂ යෝග අතරින් උදාව තිබියදී වෘෂභයට සහ කුම්භයට...
2024-09-26 18:30:00
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම...
2024-09-19 18:30:00
ප්‍රබල සරස්වතී යෝග දෙකක් සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ යෙදීමට නියමිතය.ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 06.06ට නැඟෙනහිර බලා අකුරු...
2024-09-19 18:30:00
විශ්වයෙහි ඇතැම් රාජ්‍යයනට ද විද්‍යාමාන වනු ලබන “වළයාකාර” සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12.16ට ඥානකාරක බුධ හිමි කන්‍යා රාශිගතව...
2024-09-19 18:30:00
සැප්තැම්බර් 18 වැනි දින සවස 02.01 ට සිකුරු තම ස්වක්ෂෙත්ර භවන වන තුලා රාශි ගත වීමත් සමඟ මාලවී නම් මහාපුරුෂ යෝගය උදා කරමින් සකල කලාව මෙන්ම...
2024-09-19 18:30:00
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස,...
2024-09-12 18:30:00