වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
උපන් මාසය අනුව ජීවිත වතගොත ඔබේ
උපන් නැකත, උපන් දවස, උපන් වේලාව අනුව ඕනෑම පුද්ගලයෙක් සඳහා අනාගත අනාවැකි සුබ අසුබ චරිත ලක්ෂණ කීමට ඡ්‍යොතිෂයට හැකියාවක් පවතී.
උපන් මාසය අනුවද යමෙකුගේ ගති පැවතුම් නිවැරදිව කීමට තරම් ඡ්‍යොතිෂ්‍ය ප්රබලය. ඡ්‍යොතිෂ්‍ය යනු කෙසේවත් ව්‍යාජ න්‍යායක් මත නොපිහිටන සැබෑ සංසිද්ධි මත පදනම් වූ විෂයකි. ඔබ උපන් මාසය අනුව ඔබේ චරිතාංග මෙලෙස හෙළිකරන්නට මූලාශ්‍ර ලබා දුන්නේ ඉන්දියාවේ ප්‍රකට ඡ්‍යොතිෂ්‍ය සඟරාවක් වන “මක්කල් සෝදිඩම්” සඟරාව බව සැලකුව මැනවි.
ජනවාරි – අනුන්ට ඉගැන්වීමට හපනෙකි
අධිෂ්ඨානශීලි පුද්ගලයෙකි. ඕනෑම පැවරුමක් දැඩි කැපවීමෙන් ඉටු කිරීමට නිතරම උත්සාහ දරයි. අධ්‍යාපනයෙන් ඉහළට යන්නට දැඩි ආශාවක් දක්වයි. එමෙන්ම අනුන්ට ඉගැන්වීමට ද (ගුරුකමට/) හපනෙකි. හැමවිටම අන් අයගේ දුර්වලතා මෙන්ම වැරදි ඉක්මණින් හඳුනා ගනී. එම වැරදි සහ දුර්වලතා නොබියව විවේචනයට ලක් කරයි. කාර්යක්ෂමව හා කාර්යශූර ලෙස ඕනෑම දෙයක් නිම කිරීමට දක්ෂ බැවින් යමක් සංවිධානය කිරීමේ ශක්තියද මනාව පිහිටයි. හිත දැඩි වුවද සංවේදී පුද්ගලයෙකි. ඕනෑම දෙයක් පිළිබඳව ගැඹුරින් සිතයි. අන් අය සතුටු කළ හැක්කේ කෙසේදැයි කල්පනා කරයි. සතුටුදායක දේට පවා එකවරම සතුටුවීමට නොසිතයි. ආදරණීය හැඟීම් උත්සන්න වුවද ආදරය ප්‍රකාශ කිරීමට ඉක්මන් නොවෙයි. සුපරික්ෂාකාරි ලෙස වියපැහැදම් කරයි. සමාජ සේවා කටයුතුවලට බෙහෙවින් පි‍්‍රයකරයි.
පෙබරවාරි – ආකර්ෂණීය පෙනුමෙන් යුතුය
බෙහෙවින්ම බුද්ධිමත් ය. එමෙන්ම අවංකය. යථාර්ථවාදී ලෙස ආදරය කරයි. අභ්‍යන්තරයෙන් ආදරණීය බව ප්‍රකට කරයි. විටෙක හාස්‍යයජනක ලෙස කටයුතු කිරීමට කැමතිය. මිතුරන් ඇසුරට පි‍්‍රය කරන මුත් අනවශ්‍ය මිතුරන් ඉක්මනින් ඇසුරෙන් දුරස් කරයි. නිතර සිත් රිදුම්වලට ලක්වේ. සිත් ඇඳගන්නා සුළු හා ආකර්ෂණීය පෙනුමෙන් යුතුය. මඳක් ලැජ්ජාශීලිය. නිහඬ බවට ඉතා පි‍්‍රය කරයි. ඉතාම සංවේදී පුද්ගලයෙකි. සෞන්දර්යාත්මක කලාකාමී හදවතක් ඇත්තෙකි. අනවශ්‍ය දේ ජීවිතයෙන් බැහැර කිරීමට මැදිවියේ ද උත්සාහ කරයි. සිහින හා බලාපොරොත්තු ඉටු කර ගැනීමට බොහෝ කැමතිය. විවේකයට හා විනෝදාත්මක කටයුතුවලට පි‍්‍රය කරයි. හැඟීම් ප්රකාශනයේදී ප්‍රබල තැනැත්තෙකි. සමහර විට අන්ධ විශ්වාසයන්ට නම්‍යශීලි වේ. විවාද සම්පන්න විචාරශීලි ගතිගුණ වලින් හෙබිය. වියදමට දක්ෂය. ලොල්ය. පිනට බරව කටයුතු කරයි. මඳක් ආත්මාර්ථකාමීය,එහෙත් දන්දීමට ඉතා කැමතිය.
(දකුණු ඉන්දීය ‘මක්කල් සෝදිඩම්” ඡ්‍යොතිෂ සඟරාව ඇසුරිනි)
සකස් කළේ රඹුක්කන
කීර්ති එස් . කුමාර
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>