පැනයට විසඳුම්

නොවැම්බර් 3, 2023

මිරිහාන -  සුමනා තලගල

ප්‍රශ්නය

අප කසාද බැඳලා වසර තුනකටත් වැඩි කාලයක් ගෙවුණත් තවම දරුවන් නැහැ. කේන්ද්‍රය අනුව මට දරුපල නැද්ද?

 

පිළිතුර

ඔබේ කේන්ද්‍රය ඉතා වාසනාවන්ත කේන්ද්‍රයක් එහි දරුපල තිබෙනවා ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නේ චන්ද්‍රයාමිත්‍ර භාවයෙන් සිටී. එයටගුරුගේ දෘෂ්ටිය ද ලැබෙයි. පළමු දරුවා ගැහැනු දරුවකු වීමට ද පුළුවන්. නමුත් එය නිශ්චිතවම කිව හැක්කේ ඔබගේ සැමියාගේ ද ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් පමණමයි.

නමුත් ඔබ සෘණාත්මක නොවන්න ධනාත්මකව සුබවාදීව සිතන විට කේන්ද්‍රයේ ඇති අයහපත් තත්ත්වයන් පවා අපට වෙනස් කර ගැනීමට ශක්තිය ලැබෙනවා.

ග්‍රහයන්ටම සියල්ල බාර දෙන්න එපා. නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න. නිතර බෝධි පූජා තබන්න. හැකිනම් කැලණිය, බෙල්ලන්විල, කළුතර වැනි විශේෂ පූජනීය ස්ථාන තෝරා ගන්ගන්න. එවැනි තැන්වලට බාරහාර වන්න. ළමා නිවාසයකට දානයක් දෙන්නත් අමතක කරන්න එපා. ඔබ ධනාත්මක වුනොත් ඔබට සුභ  පණිවිඩයක් ලබන වසරේ ම ලැබෙයි. පත්තිනි මෑණියන්ට මේ සියලු කුසල් අනුමෝදන් කර ඔබගේ ඉල්ලීම් ඉල්ලන්න.

 

රක්වානේ පද්මිණී පෙරේරා

ප්‍රශ්නය

මගේ වයසෙ දැන් ගෙවීගෙන යනවා නමුත් මට තවම සුදුසු මනමාලයෙක්  හමුවුණේ නෑ මා කළ යුත්තේ කුමක්ද?

 

පිළිතුර

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ හත අධිපතියා වන  සිකුරු රවි සමඟ සම්බන්ධව වී සිටින බව භාව කේන්ද්‍රය විමසීමෙන් පෙනී යනවා. ඒ අනුව සිකුරු අස්ථව ඇත . එවිට සිකුරු ගෙන් ලැබෙන ඵල හීන කරයි. අෂ්ඨක වර්ග අනුවත් සිකුරු දුබල ව සිටිනවා. මේ තත්වයන් තුළ ඔබගේ විවාහය ප්‍රමාද විය හැකියි.නමුත් ඔබ මෙහිදී ධනාත්මක විය යුතුමයි. ඔබට මෙහිදී කළ හැකි ජෝතිෂ්‍යමය ශාන්තිකර්ම බොහෝ තිබෙනවා.

විෂ්ණු කෝවිල් වල එවැනි ශාන්තිකර්ම සිදු කරනවා.  ඔබ මේ දිනවල ඔබගේ මිතුරු මිතුරියන්ට කිසිදු දෙයක් අපේක්ෂා නොකොට උදව්කරන්නට අමතක කරන්න නම් එපා. එය ඔබට තවත් ශාන්තිකර්මයක් වෙයි.

 

මිරීගම  නයනී විජේසිංහ 

ප්‍රශ්නය

මට රැකියාවේ නිතර නිතර ගැටලු ඇති වෙනවා. මම කොච්චර හොඳට වැඩ කරත් , කවුරු එක්ක හොඳට හිටියත් අනවශ්‍ය කරදර නිතරම වගේ ඇඟට වැටෙනවා. මට රස්සාව කරන එකක් දැන් අප්පිරියයි. මා කුමක් කළ යුතුද.

 

පිළිතුර

  ඕනෑම පුද්ගලයෙකුට බාධක ග්‍රහයකු සිටිනවා. ඔබගේ බාධක ග්‍රහයා ඔබගේ දහවැන්න වන රැකියා ස්ථානයට සම්බන්ධව දහවැන්නේ ම පතිතව සිටිනවා.

මේ නිසා යම් යම් ප්‍රශ්න රැකියා ස්ථානය ආශ්‍රිතව ඇති වන්නට පුළුවන්. බාධක ග්‍රහයාගේ ප්‍රශ්න වලින් මිදෙන්නට වෛදික  ජ්‍යෝතිශ්‍යය තුළ හඳුන්වා දී ඇත්තේ

ගණදෙවියන් වන්දනා කිරීමයි. ඒ සඳහා ඔබට ගැළපෙන සුදුසු මන්ත්‍රය සොයාගත යුතුයි.

එසේම රැකියාවේ ඇති ආතති  තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා ඔබ ආතති කළමනාකරණය සඳහා ද යොමු වන්න. 

 

ශාස්ත්‍රපති, මනෝ විද්‍යා උපදේශක,

ඡ්‍යොතිෂවේදී

චසිත නුවන්තික බුලත්සිංහල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.