වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ළමාවිය පසුකරමින් තරුණවියට පා තබන සෑම අයෙකුගේම අපේක්ෂාව වන්නේ සෙනෙහෙබර ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් සොයා ගැනීම මෙන්ම අනාගතයේදී පී‍්‍රතිමත් සහ සාර්ථක...
2019-06-27 18:30:00
කේන්ද්‍රයක භාව 12 කි. ඒ පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම මෙහි අරමුණයි. පළමු භාවය ලග්නස්ථානයයි.ලග්නස්ථානයභාව චක්‍රයේ ප්‍රධාන ස්ථානය මෙය වේ. පුද්ගලයින්ගේ...
2019-06-20 18:30:00
විෂ නිර්මාණය වී ඇත්තේ ප්‍රෝටීන් හා ජලය සංකලනය වීමෙනි. සර්ප විෂ ඝන උකු වළාකුළක් ලෙසින් දර්ශනය වන අතර එය ශරීරය තුළට වැදීමෙන් එන්සයිමයක් ලෙසින්...
2019-06-20 18:30:00
යම් යම් දේවල් සිතෙහි රඳවා ගන්නට උත්සාහ කළත් ඒවා සිතෙහි රැඳී නොසිටීමට විවිධ කාරණා බලපායි. එ වේලෙහි සිත එක අරමුණක නොපැවතීම, සිත ව්‍යාකූල වී තිබීම...
2019-06-20 18:30:00
ක්‍රි.ව. නවවන සියවසේදී ඉදිකරන ලද මිහින්තලේ රෝහල ලෝකයේ පැරණිතම රෝහල ලෙසටද විශ්වාසයේ පවතී. දේවානම්පියතිස්ස රජ සමයේදී ක්‍රි.පූ. 247 -207 මිහින්තලා කඳු...
2019-06-13 18:30:00
ලෝකයේ මෙන්ම ලංකා ඉතිහාසයේද විවිධ කාල වකවානු තුළදී සිදුවූ සිදුවීම් නිසා රාජ්‍ය හා සමාජ සංස්කෘතීන් තුළ ඇති වූ වෙනස්කම් විප්ලවයන් ලෙස සලකනු ලබයි. එවන්...
2019-06-13 18:30:00
ලග්නයක ශුක්‍ර වෙත ශනි පෙනීමත් රාහු මගින් පීඩාවීමත් පෙම් සබඳතා බිඳ වැටෙයි. ස්ත්‍රියකගේ කුජ ශනි යෝග වීම කුජට අශුභපාපී පෙනීම විරහ වේදනා ගෙන දෙන්නකි. තවද...
2019-06-13 18:30:00
අනුරාධපුර පූජා නගරයේ පිහිටි පූජනීය ස්ථාන අතර ප්‍රධාන වශයෙන් ගැනෙන පූජනීය ස්ථාන අට අටමස්ථාන වශයෙන් නම් කොට ඇත. එසේ නම් කොට ඇති අටමස්ථාන අතර ශ්‍රී මහා...
2019-06-13 18:30:00
ජුනි මාසය අවසානයට පෙර බිහිසුණු පාරිසරික විපර්යාස කීපයක්ම සිදු වීමට නියමිතය. ඒ ජුනි 18 කුජ දින 21.36 ට බුධ සහ කුජ අතර සිදුවන ග්‍රහ යුද්ධයත් ඒ ආසන්න...
2019-06-06 18:30:00
කුරුණෑගල ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයක විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය නාරන්විට සුමනසාර හිමියනට එක් දිනෙක සිතුනේ තම දායකයින් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ...
2019-06-06 18:30:00
ශ්‍රී ලංකාවේ හෘදය බඳු වූ කොළොම්පුරේ පිහිටි බේරේ වැවට ඉදිරියෙන් දකුණු දෙස බලා පිහිටි මහා ගොඩනැඟිල්ලකි. එය එවකට “පත්තර මහ ගෙදර” නමින් ප්‍රසිද්ධ විය....
2019-05-30 18:30:00
ශාන්තිකර්ම සඳහා බෙරවාදනය කිරීම ප්‍රධාන වශයෙන් පහතරට ප්‍රදේශයේ සිදුවේ යක් තොවිල් දේව තොවිල් හා බලි තොවිල් ඒ අතර වේ. පිරිත් පින්කම්වලදීද පහතරට බෙරයට...
2019-05-30 18:30:00
ආර්.ඇම්. අරුණ සම්පත් රත්නායක පංචාලි ඡ්යොතිෂායුර්වේදායතනයශ්රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර නමින් සුපතල ලේක්හවුස් ආයතනය විසින් 1969 මැයි 28 දින කුඩා...
2019-05-30 18:30:00
විවාහ නැකැත් පිළියෙල කිරීම බැලූ බැල්මට සරල කාරණයක් සේ පෙනුනද, විවාහය හා සම්බන්ධ කටයුතුවලදී වඩා බැරෑරුම් භාරදූර කටයුත්තක් වනුයේ මේ විවාහ නැකැත්...
2019-05-23 18:30:00
විවාහ නැකැත් පිළියෙල කිරීම බැලූ බැල්මට සරල කාරණයක් සේ පෙනුනද, විවාහය හා සම්බන්ධ කටයුතුවලදී වඩා බැරෑරුම් භාරදූර කටයුත්තක් වනුයේ මේ විවාහ නැකැත්...
2019-05-23 18:30:00
ස්වභාවික පරිසරය හා බුදුදහම අතර ඇත්තේ මනා සබඳතාවයකි. පරිසර සංරක්ෂණය හා පරිසර හිතවාදය බුදුදහමට මෙතරම් සැලකිල්ලක් දැක්වීමට මූලික හේතුව වන්නේ බෞද්ධ ආකල්ප...
2019-05-16 18:30:00