වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
පොළොවට අධිපති.අෂ්ඨ බහිරවයා කේතාගෙන් වරම් අරගෙන 2020-2021 වසර දක්වා රැකගෙන ආ වස්තුව වසරකට දෙකකට තාවකාලිකව මුදාහරිනවා. එතකොට රාහුට හා කේතට බලය...
2020-02-27 18:30:00
කටුකරෝසනත් අතිවිඩයන් ගෙ න අක්රපට්ටා තුන්රැස් මුල් සමගි න මෙ හැම බරට වැල් මී අර ගෙ න මී පැණි සහ ගිතෙලින් අඹරා ගෙ න මහසන්නි විදුර සියලු සන්නියට අරළු...
2020-02-27 18:30:00
සිරුරට අමුතුම ප්‍රාණවත් බවක් හා රසයක් ඇතිකරන පැණිබීම නිතර නිතර පානය කිරීමෙන් මුඛ හා ආශි‍්‍රත රෝගවලට හා දත් දිරායාමේ රෝගවලට ලක්වේ.අද බෙහෙවින්ම පැණි...
2020-02-20 18:30:00
ක්‍රීඩා කිරීම. පුරුද්දක් ලෙස දිනපතා ව්‍යායාම කිරීම, ගෙවතු වගාව, කාර්යක්ෂමව නිවසේ වැඩපලවල නිරත වීමෙන් සෞඛ්‍යමය ප්රතිලාභ රැසක් ලබාගත හැකි බව ඔබ...
2020-02-20 18:30:00
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ ‘ලේක්හවුස්’ යනු ලංකාවේ පත්තර මහ ගෙදරය. එහි නිර්මාතෘවරයාණෝ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමන් මීට වසර එකසිය...
2020-02-20 18:30:00
මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රීය කරන එච්.අයි.වී. ඒඩ්ස් රෝගයසිරුරේ සෛල විනාශකරමින් මරණයට පත්කරන ස්පාඤ්ඤ ඉන්ෆ්ලූවෙන්සාව එච්1 එන් 1...
2020-02-20 18:30:00
ඒක ප්‍රශ්නයක් කළොත් ඉතා සංකීර්ණ පිළිතුරු ලැබේවි. ඔව් කියන්නෙත් නැතිව නැහැ කියන්නෙත් නැතිව අපි කරුණු ඉදිරිපත් කරමු. එතකොට අපේ පාඨකයෝ නිවැරදිව තීරණය...
2020-02-20 18:30:00
සුබසෙත සහ තරුණි පුවත්පත ඒකාබද්ධව පසුගියදා රටට ජනතාවට සෙත්පතා ආශිර්වාද ග්‍රහ පූජාවක් කඩුවෙල රංකඩු පත්තිනි දේවාලයේ දී සිදු කැරිණි. එම අවස්ථාවට දිවයිනේ...
2020-02-13 18:30:00
වයිරස යනු ප්‍රෝටීන දවටනයක් ඇතුළේ ඇති නරක ආරංචියක් ලෙස පීටර් ටෙඩාවෝර් නම්වූ විද්‍යාඥයා විසින් හඳුන්වා ඇත. ඒ වයිරසයකින් නරකක් මිස හොඳක් නම් වන බවක්...
2020-02-13 18:30:00
අපේ සමාජයේ සිරිත් විරිත් පරම්පරාවෙන් පැවත එන ඒවා විය හැකි ය. නැතහොත් සංස්කෘතියක් තුළ ඔවුන්ට ආවේනික වූ ඒවා විය හැකි ය.ඇතැම් සිරිත් විරිත් ආගම ධර්මය...
2020-02-13 18:30:00
මව්කිරි දරුවාගේ පරිසමාප්ත පෝෂණය බවට පත්වෙලා තිබෙන්නේ මානව පරිණාමයත් සමඟයි. මෙතරම් විශ්වාසවන්ත තවත් කිසිම මානව ආහාරයක් ලොව කිසිම කෙනෙකු නිපදවා නෑ....
2020-02-06 18:30:00
විවාහයක් වීමට අපේක්ෂිත ඕනෑම කෙනෙක් සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික පැත්ත වැඩි වශයෙන් සලකා බැලිය යුතු වනවා. විවාහ වී කලකට පසු පැරණි පුරුදු ඉස්මතු වනවා නම්...
2020-02-06 18:30:00
යුවතිපතියන් දෙදෙනෙකුගේ ප්රමුඛ බලාපොරොත්තුව වන්නේ තම විවාහයෙන් පසු ඔවුන්ගේ ම කුළුඳුල් සිඟිති දරුවෙකුගේ දරු සුරතල් බැලීමේ අවස්ථාව උදාවන තෙක්ය.සිඟිති...
2020-02-06 18:30:00
එක වහලයක් යට ජීවත් වන යුවල අතරින් 80% කට වැඩි ප්‍රමාණයක් අද ගත කරන්නේ යුග දිවියක් නොව විවාහක තනිකඩ දිවියකි. විවාහක තනිකඩයා යනුවෙන් අදහස් කරන්නේ කවුද...
2020-02-06 18:30:00
“ඉන්දියන් සාගරයේ මුතුඇටය” යන විරුදාවලිය ලද අපේ මේ මාතෘභූමිය අත්පත් කරගන්නට යුරෝපා ජාතීන් උත්සහ කළේ 16 වන සියවසේ සිටය. ඒ අනුව කි‍්‍ර.ව. 1505 දී ලංකාවට...
2020-01-30 18:30:00
වනිතාවන්ට සුවිශේෂි අවස්ථාවක් උදාකරවන ප්‍රථම ආර්තවය හෙවත් මල්වරය (ගැබ්දැරීමට) සුදුසු යැයි ‘රජසට’ නමකින් පැවැත්මකි. මෙම උදාවන සිද්ධිය විවිධ නාමයන්ගෙන්...
2020-01-30 18:30:00