වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා...
2022-12-01 18:30:00
යමෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදුවෙන්නත් තවෙකෙකුගේ විවාහය නිසි කලට නිසි වයසට සිදු නොවන්නත් හේතුවක් තිබෙනවාද? මේ ගැන සොයා බැලීමට...
2022-12-01 18:30:00
විවාහ අපේක්ෂිත යුවළකගේ එකම ප්‍රාර්ථනාව යහපත් දරුසම්පතක් පිළිබඳ සිහිනයයි. මේ හැම බලාපොරොත්තුවක්ම පොරොන්දම් පරීක්ෂාව තුළින් තීරණය කරගත හැකිවෙයි. එමෙන්ම...
2022-11-24 18:30:00
දියවැඩියාවෙන් නොහොත් මධුමේහයෙන් පෙළෙන රෝගියකු ආහාර විහරණ ඖෂධ යන කරුණු අනුව රෝගය පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය. ආහාර පාලනයේදී සියලුම පැණිරස ආහාර සහ...
2022-11-17 18:30:00
මිනිසා නීරෝගිව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි.එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නීරෝගි බව රැක ගැනීමට සහ...
2022-11-17 18:30:00
පත්තිනි දේවමාතාව ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ බෞද්ධ හා හින්දු ජනයා ආදරයෙන් ගෞරවයෙන් තම පණමෙන් අදහන දෙවඟනකි. පත්තිනි දෙවියන් වෙනුවෙන් විවිධ පුද...
2022-11-17 18:30:00
විවාහ ජීවිතයට ඇතුළු වන නවක ජෝඩු ඊට කලින් පොරොන්දම් පරීක්ෂාවකට ලක් කරනවා. එවිට දැනුම තිබෙන ඡ්යෝතිෂවේදියා බොහෝ දේ දකිනවා. ආධුනික පන්තිවල දක්වන පරිදි...
2022-11-10 18:30:00
පොල් ශ්‍රී ලංකාවාසී අපට නැතුවම බැරි දෙයකි. පොල් ගසේ සියලුම කොටස් මිනිසාගේ විවිධ ප්‍රයෝජන සඳහා ගනු ලබන අතර එයින් ද පොල් ගෙඩියේ මදය ඉතා ප්‍රයෝජනවත්...
2022-11-03 18:30:00
දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්‍රම රාශියකි. ඒ අතර සාම්ප්‍රදායික විවාහ...
2022-11-03 18:30:00
2 කොටස මනාලයාගේ පැමිණීමමනාලියගේ නිවෙසට ඇතුළුවීමට ප්‍රථම මනාල මහතාගේ පියා විසින් මනාලියගේ නිවසට ගොඩ වැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්...
2022-10-27 18:30:00
සිංහල සංස්කෘතිය හා බැඳුණු අපේ විවාහ චාරිත්‍ර රාශියකි. හෙළ බෞද්ධයාගේ දෙවන උපත ලෙස සැලකෙන විවාහයේදී මේ චාරිත්‍ර ඉටු කිරීම ඉතා අගනේය. ...
2022-10-20 18:30:00
සූර්ය ග්‍රහණයක දී තත්කාල කේන්ද්‍රය යොදා ගත යුතු වන්නේ අමාවක පොහොය ලබන වෙලාවටයි. මේ අනුව 24 දින සවස් යාමයේ එකී වේලාවට මීන...
2022-10-20 18:30:00
ශ්‍රී ලංකා ජනරජ සිංහ රාශි ග්‍රහ සටහනේ තුන් වැන්නත් විශ්ව මේෂ රාශි ග්‍රහ සටහනේ හත් වැන්නත් ආශ්‍රිතව යෙදුණු නීච භංග රාජ යෝග බලැතිව, ගුරු ශනි...
2022-10-20 18:30:00
යම් අයකුගේ කේන්දරයේ සත්වැන්නේ ගුරු ග්‍රහයා උච්චව බලවත්ව පිහිටියේ නම් එම අයගේ විවාහ ජීවිතය ඉතාම වාසනාවන්ත වෙයි. කාන්තාවක් නම් ඇය සෑහෙන තරම් මිල මුදල්...
2022-10-13 18:30:00
කෙනකු නිවෙසක් ඉදිකරන්නේ දුකක් කරදරයක් නැතිව දිගුකාලයක් ජීවත්වීම සඳහාය. එසේ ප්‍රාර්ථනා පොදි බැඳගෙන හදාගත් නිවෙසේ පදිංචි වූ දා සිට කරදර නිමාවක්...
2022-10-06 18:30:00
අදවන් දිනෙක ජීවිතයෙන් සමුගත් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ජන්ම පත්‍රයෙන් බිඳක් මෙන්න.සිංහල සිනමාවේ පතාක යෝධයා වූයේ ඔහුය. කොටින්ම සිනමා සක්විති...
2022-09-29 18:30:00