ඡන්දය ඉල්ලන්න රාජ යෝග තිබේදැයි බලන්න

ඔක්තෝබර් 25, 2024

ග්‍රහ හැසිරීම් රටාව අනුව බලන විට උත්පත්ති කේන්ද්‍ර සටහනේ සනිටුහන් වන ග්‍රහයෝග ඔස්සේ පුද්ගල ජීවන තොරතුරු සොයා ගැනීමට හැකි වේ. අද අප කතාබහ කරන්නට සූදානම් වන්නේ දේශපාලන චරිතයක් නිර්මාණය කරන ග්‍රහයෝග පිළිබඳවයි. ඡ්‍යොතිෂයේ ග්‍රහයෝග සිය ගණනක් ඇත්තේය. එයින් විශේෂිත වූ යෝග බලපාන ආකාර විමසා බලමු.

කටකයේ ගුරුගෙන් ගුරුහංස යෝගයත්, සිකුරු මීනයේ මාලවී යෝගයත්, ශනි තුලාවේ සස යෝගයත් වෘෂභ, වෘශ්චික ,මීන, කන්‍යා, මේෂ ලග්නයන්හි උච්ච වී ස්වක්ෂේත්‍ර වූ විට මිථුන, ධනු, කුම්භ රාශිවල ඉහත ආකාරයෙන්ම වේ නම් සිරිසර සිංහාසන යෝගය ද උදා වේ.

2,6,8,12 ස්ථානවලට හැමවිටම ශුභ ග්‍රහයන් හෝ ශුභ දෘෂ්ටි යෙදී සිට උපත ලද්දේ නම් සිංහාසන යෝගය උදාවේ. ග්‍රහ චක්‍රයේ ඒ ඒ රාශි තුළ ක්‍රමවත්ව ධනාත්මක පැත්තේ ග්‍රහයින් සිටි විට රාජ්‍යත්වයට පත්වේ.

සිංහාසන යෝගයෙන් උපත ලත් විටදී දේශපාලනයට සමත් වේ. මේ ග්‍රහ සංයෝග හා හැසිරීම් රටාව ඉතාමත්ම ධනාත්මක වීම අනිවාර්ය වන්නේය.

මෙකී උසස් ග්‍රහයෝග සමඟ උපත ලත් විටදී දේශපාලනයට පමණක් නොව, දේශපාලන විද්‍යාවට ද සමත් වන්නේය. කෘෂිකර්මය කරන්නේ බහුතරයක්ම ගොවියන්ය. එහෙත් මේ කෘෂිකර්මය ඉහළින්ම හදාරා ඒ පිළිබඳ සුවිශේෂි උපාධි ලබාගත් විද්වතුන් ද සමාජයේ සිටී. එදා කුඹුරෙන්, ගවයින්ගෙන් ගොවිතැන සඳහා වැඩකටයුතු ගත්තේය. එහෙත් වත්මන්හි සීසෑමේ සිට වී වැපිරීම පැළ සිටුවීම අස්වැන්න කැපීම හා පෑගීම කෙරෙනුයේ යාන්ත්‍රානුසාරයෙනි. විශාල දියුණුවකට අද පත්වී තිබේ. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළ එය හරිහැටි මෙහෙය වීමට උගත් හසළ බුද්ධියක් තිබිය යුතුම ය. උඩින් පල්ලෙන් කරන දේශපාලනයට වඩා ගැඹුරින් දේශපාලන විද්‍යාව හදාරා ඒ පිළිබඳ විශාල දැනුමක් ඇත්තෙකු වීමට කේන්ද්‍රයේ ග්‍රහ හැසිරීම් රටාව ධනාත්මක විය යුතු වේ. ග්‍රහයින් පස්දෙනකු කාරකීය ග්‍රහ බලයෙන් අනූන නම් එය පංච මහා පුරුෂ යෝගය වේ. රුචක හා භද්‍රා යෝගය ඉතාම ප්‍රබලයි. කේන්ද්‍රයේ 2 වැන්න 11 වැන්න අධිපති පරිවර්තනය වෙමින් උපත ලද්දේ නම් එකී දශාකාල පරාසය තුළ ඉතාම සුබ වේ.

සිරිනාථ යෝගයද ඉතාම සුබයි. දේශපාලනයට ඉතාම යහපත් වේ. තවද ඒකාවලීයෝගය භද්‍රායෝගය රුචක යෝගය ඉතාම ප්‍රශස්ත වේ. ලග්නාධිපති ශනි උච්ච රාශියක් වන තුලාවට පිවිස උපත ලත් විට 10,7, 1 සිකුරු යෙදීමෙන් මහා බලවත්ව රාජ්‍යත්වයට පත්වේ.

2 ,11 අධිපති පරිවර්තනය වෙමින් උපත ලත් විට ඒ ඒ ග්‍රහ දශා කාලයන්හි සැප සම්පත් මෙන්ම දේශපාලන කරළියේ ජයග්‍රහණය අත්වේ.

සිකුරු හැර රවි සතුරු රාශි හැර 5,7 සේම 5,9,10,2,3 මූල ත්‍රිකෝණ වී හෝ ස්වක්ෂේත්‍ර වී හෝ උච්ච වී යෙදීමෙන් රාජ්‍යත්වයට හිමිකම් ඇති වන අතර දේශපාලනයේ ඉතාම ඉහළ තැනට පත්වේ.

විසි එක් මහා යෝගයද මේ දේශපාලන තන්ත්‍රයට කෙම්බිමක් වේ.

සිරිනාථ යෝගය යෙදුණ විට යහපත් අතිදක්ෂ දේශපාලකයකු වන්නේය. දොළොස් මාලිකා යෝගයද දේශපාලනයට යෝග්‍ය වේ.

විශාල සංඛ්‍යාවක් මහා යෝගකාරක තත්ත්වයෙන් පරිපූර්ණ වන්නේය. ඔබ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නම් මෙහි සඳහන් කරන යෝග සහ වෙනත් ග්‍රහයෝග ඔබේ කේන්ද්‍රයේ තිබෙන්නට පිළිවන. එම නිසා දේශපාලන පිටියට පැමිණීමට පෙර ඔබේ කේන්ද්‍රය නිරීක්ෂණය කිරීමෙන් ඔබට ජය අත්වේද යන්න තීරණය කළ හැකි වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.