බුධගේ අපලයට පිළියම්

ඔක්තෝබර් 18, 2024

බුධ වෘශ්චික රාශිගත වීමේදී ඇතැම් ලග්න හිමියන්ට යහපත මෙන්ම ඇතැම් ලග්න හිමියන්ට බාධක ස්වභාවයක් පවතී. බුධගේ අපලය සමඟ බුධ මහ දශා අතුරු දශා දැනට සඳු ග්‍රහයා කේන්ද්‍රකොට ගෙන ඒරාෂ්ටක අපල ලබා ඇති කේන්දර හිමියන්ට මේ කාල සීමාවේදී බෝධි පූජාවකුත්, ගණදෙවි, විෂ්ණු, සරස්වතී දෙවි දේවතාවන්ගේ පිහිට පැතීමට නැඟෙනහිර පැත්තෙන් ඇති කොහොඹ වෘක්ෂයට සාත්තු සප්පායම් කිරීම, කොළ ගිරවුන් නිදහස් කිරීම, ගිරවුන්ට කෑම දීම වැනි කටයුතු සෑම බදාදා දිනකම බුධ හෝරාව තුළ ඉටු කිරීමෙන් බාධක හා උපද්‍රවයන්ගෙන් මිදිය හැකි වන්නේය.

බුධගෙන් උසස් සුබ පලයක් භුක්ති විඳීමට නම් බදාදා දින උදේ 6.00ට බුධ හෝරාවේ බුධගේ පංචම කාල හෝරාවේ මිනිත්තු 4ක් පමණ වන බුධගේ සූක්ෂ්ම කාල හෝරාවෙන් ළා කොළ පැහැති වස්ත්‍රයකින් සැරසී විෂ්ණු, ගණදෙවි, සරස්වතී යන දෙවි කෙනෙකුට පහනක් තබා නැඟෙනහිර බලා ශුභ වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් ඉෂ්ට සිද්ධිය ඇති වන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.