වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
පුවපල් නැකතින් උපන් අය පංචපක්ෂි ක්‍රමවේදයට අනුව පිංගල හෙවත් බකමුහුණාට අයත් වේ. අන්‍යයන්ට වඩා සුවිශේෂි සහජ දක්ෂතාවයන්ගෙන් යුක්ත වන අතර, එතරම්ම කැපී...
2024-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ ගොඩනැඟීමට ගැඹුරු දාර්ශනික පදනමක් ඇත. ඡ්‍යොතිෂය චීනයේ තවමත් පවතින පැරණිතම දර්ශනයකි. පැරැන්නන්ට අවශ්‍ය වූයේ මානව කටයුතුවල වෙනස්කම් සහ දේවල්...
2024-05-09 18:30:00
මැයි 06 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව...
2024-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ මූලිකවම ග්‍රහයින් හත්දෙනෙකු ගැන කතා කරයි. එම ග්‍රහයින් නම් රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර හෙවත් සිකුරු හා ශනිය. මේ ග්‍රහයන්ට අමතරව...
2024-05-02 18:30:00
මේ දිනවල හදිසි අනතුරු හා මරණ පිළිබඳ හද සංවේදී වන සිදුවීම් රැසක් අපට අසන්නට ලැබිණි.හදිසි අනතුරු හා මාරක සිදුවීම් පිළිබඳව පූර්ව නිගමනයක් ලබා ගැනීමට ඡ්...
2024-05-02 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 20 භාග බක් අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග වෙසක් පුර දියවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි...
2024-05-02 18:30:00
මෙලොව උපදින සෑම කෙනෙකුගේම යටි අදහස ධනවත් වීමයි. අතමිට සරුසාර වී සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට සෑම කෙනෙකුම යත්න දැරීම ස්වභාවිකයි....
2024-05-02 18:30:00
අප්‍රේල් මාසයේ 26 වැනි දිනමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින...
2024-05-02 18:30:00
ග්‍රහ මඬුල්ලේ ප්‍රඥාකාරකයා, ධනකාරකයා, සෞභාග්‍යය උදාකරන්නා මෙන්ම ජීව කාරකයා ලෙස හඳුන්වන්නේ ගුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ දියුණුවට, උසස්වීමට අවශ්‍ය...
2024-04-25 18:30:00
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට...
2024-04-25 18:30:00
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන්...
2024-04-25 18:30:00
ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි අාපදා බහුල විය හැකිය අප්‍රේල් 29 සඳු දින (03) පෙරවරු 10.03ට සෙන්පති අඟහරු සමඟ නැප්චූන් අතර...
2024-04-25 18:30:00
1952 පෙබරවාරි මස 07 වැනි බ්‍රහස්පතින්දා උදේ 07.36ට ආසන්න කාලය තුළ පූර්ණ සූර්යග්‍රහණයක් මිනිත්තු 7කට වැඩි කාලයක් තුළ පැවතිණි. සතුන් කලබල විය....
2024-04-18 18:30:00
දිනූ තත්ත්වය ශක වර්ෂ 1946ක් වූ මේෂ රවි 06 භාග බක් පුර එකොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 12 භාග බක් අව දියවක ලත් ගුරු දින දක්වායි.ග්...
2024-04-18 18:30:00
මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක්...
2024-04-18 18:30:00
ඉහත මාතෘකාව යටතේ මේ ලිපිය සුබසෙතට ලිවීමට අදහසක් පහළ වූයේ මෑතකාලයේදී අසම්මත ලිංගික සම්බන්ධතාව ඉහළ ගොස් ඇති බවට ලොව පුරා පැතිර යන ප්රවෘත්ති සමඟය...
2024-04-18 18:30:00