වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
බඩ දැවිල්ල අද සමාජයේ බහුලව පවතින රෝගයකි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ “ගැස්ට්‍රයිටිස් “ ලෙසින්ද ආයුර්වේදයේ “අම්ලපිත්ත” ලෙසින්ද හැඳින්වේ....
2023-03-23 18:30:00
මිනිස් ජීවිතයේ බොහෝ රහස් කේන්ද්‍රයේ කොටු 12 තුළ සැඟවී තිබෙනවා. ඒක හරිම පුදුමසහගතයි. මේ ගැඹුරු ශාස්ත්‍රය දෙවියන් විසින් ඍෂීන් අතට පත් කරන්නට...
2023-03-23 18:30:00
අපල කියන්නෙ අපි පෙර සංසාරයේ කරපු වගේම මේ භවය තුළ කරන අකුසල කර්ම පල දීමයි. එතකොට තමා ඔය කට්ටිය කියන්නෙ අපල කියලා, අපල ඇති කියනවා. ගොඩක් අය...
2023-03-23 18:30:00
උත්තරායනය වසන්ත සෘතුවෙහි මීන රවි 14 භාග බක් මහේ පුර සතවක තිථිය ලත් මාර්තු 28 වැනි කුජ දින දහවල් 12.22 ට සෞරග්‍රහ මණ්ඩලයෙහි බුධ ගුරු දැවැන්ත...
2023-03-23 18:30:00
ධනු හා මීන ලග්න හිමියන්ට මිල මුදල් ලොතරැයි ජයග්‍රහණ ව්‍යාපාර දියුණුව සෞභාග්‍යය උදාවන කාලයක් මීන රාශි ගතව සිටි ගුරු හෙවත් බ්‍රහස්පති...
2023-03-23 18:30:00
කෙනෙක් ස්වකීය වාසනාවන්තකම මත මෙලොව උපදින වෙලාව සිට මෙලොව හැර යන දිනයත්, ඒ දිනය අතරතුර කාලසීමාවේ සිදුවන හැම දෙයක්ම නිවැරදිව හදාගත් කේන්දරයේ නැත්නම්...
2023-03-16 18:30:00
මීන රාශිය කටක නවාංශකය, පුවපුටුප 04 පාදය, උත්‍රපුටුප 01,02,03,04 රේවති 01,02,03,04 පාද ගුරු, ශනි, බුධ ග්‍රහයන් හිමිව අපි‍්‍රයෙල් 14 පස්වරු 02.59 දක්වා...
2023-03-16 18:30:00
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පෙර අපරදිග බොහෝ රටවල් කාර්මිකකරණයට ලක්වීම හේතු කොට පෘථිවියේ බොහෝ රටවල්වල වායුගෝලය දූෂණය වීම නිසා ලෝක ජනගහනයෙන් 40%ක්...
2023-03-09 18:30:00
කුජගේ භෞම දෝෂය ඇත්තේ මේෂ ලග්නයට 2 වැන්නේ පමණයි. වෘෂභයට දෝෂ නැත. මිථුනයට 4 දී දෝෂ හට ගනී. කටකයට දෝෂ නැත. සිංහයට නැත. කන්‍යාවට නැත. තුලාවට 8...
2023-03-02 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට හංස යෝග බලය වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට සස යෝග බලය ලග්න දොළොසටම ගජ කේෂරී යෝග බලය හා සත්කලත්...
2023-03-02 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය සහ මාලවී යෝගය ද වෘෂභ- සිංහ- වෘශ්චික- කුම්භ රාශි 4ට සස යෝග බලයද රවි බුධ සහ...
2023-03-02 18:30:00
විදේශ ආධාර ලැබේකාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේසෞඛ්ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ 2023 මාර්තු...
2023-02-23 18:30:00
පංච මහා පුරුෂ යෝග අතුරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය ද වෘෂභ සිංහ වෘශ්චික කුම්භ රාශි හතරට සස යෝග බලය ද රාශි දොළොසටම අඟහරු දීප්ත...
2023-02-16 18:30:00
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන්...
2023-02-09 18:30:00
විශ්ව කේන්දරය හෙවත් ලෝක කේන්දරය මේෂය වූ විට එහි ලග්නාධිපති කුජ හෙවත් අඟහරු වෙයි. විශ්ව කේන්දරයේ අටවැන්නාධිපති වන්නේ ද කුජයි. ග්‍රහතරු අතරින්...
2023-02-09 18:30:00
ජන්ම කේන්ද්‍රයේ තුන්වන කොටුව හෙවත් තෙවන භාවය සහෝදරස්ථානය, වික්‍රමස්ථානය යන නම්වලින් හැඳින්වේ. සාමාන්‍යයෙන් ජන්මියාගේ සහෝදර සහෝදරියෝ, අසල්...
2023-02-09 18:30:00