මැදින් මස පුරාවට සෞරග්‍රහ මණ්ඩලය දෙදරවන ග්‍රහ යුද්ධ පහක්

මාර්තු 3, 2023

 

පංච මහා පුරුෂ යෝග අතරින් මිථුන කන්‍යා ධනු මීන රාශි හතරට හංස යෝගය සහ මාලවී යෝගය ද වෘෂභ- සිංහ- වෘශ්චික- කුම්භ රාශි 4ට සස යෝග බලයද රවි බුධ සහ සත්කලත්‍ර යෝග බලය ආශ්‍රිතව මෙම ග්‍රහ යුද්ධ සිදුවන්නේය.

 

ඒ අනුව මැදින් මහේ පළමු හා දෙවන ග්‍රහ ගැටුම් ඊයේ (02 දා) සිදුවිය. ඉදිරියේදී මැදින් මහ තුළ තවත් ග්‍රහ යුද්ධ තුනක් විශ්ව තාරකා මන්දාකිණියෙහි සිදුවෙනු ඇත.

ඒ අනුව මාර්තු 16 දින රාත්‍රී 10.44ට බුධ නැප්චුන් යුද්ධයත් මාර්තු 28 දින දහවල් 12.22 ට බුධ -ගුරු යුද්ධයත් මාර්තු 31 දින 03. 56ට ශුක්‍ර - යුරේනස් යුද්ධයත් සිදුවීමට නියමිතයි.

ඊයේ දින සිදු වූ ශුක්‍ර- ගුරු යුද්ධයත් බුධ-ශනි යුද්ධයත් පිළිබඳ ගෙන එන සමාලෝචනයකි මේ. උත්තරායනය වසන්ත සෘතුවෙහි කුම්භ රවි 18 භාග මැදින් මහේ පුර 11 තිථිය මාර්තු 02 වෙනි ගුරු දින දහවල් 11.07 ට රසකාමි සිකුරු ග්‍රහයා සුරගුරු බ්‍රහස්පති ග්‍රහයා අතර මහ සටනෙන් සිකුරු ග්‍රහයා ද මාර්තු 02 රාත්‍රී 08.05ට ඤාණකාරක බුධ සෙනසුරු ග්‍රහයා අතර සටනෙන් සෙනසුරු ග්‍රහයාද විජයග්‍රහණය කළේ ය. මාර්තුවේ යුද්ධ පහෙන් 16, 28, 31 දිනයන්හි බිහිසුණු ග්‍රහ යුද්ධ තුනක් ද විශ්ව තාරකා මන්දාකිණියෙහි විද්‍යාමාන වෙන්නේ ය.

ග්‍රහයන් දෙදෙනෙකු එකම දිනයෙහි එකම රාශියක එකම අංශයකට පැමිණි අවස්ථාවකදී කිරණ අතර ගැටුම්කාරී විෂමතා පෙනීයන්නේ ය. එවැනි මොහොතකදී එක ග්‍රහයකුගේ කිරණ මාලාවට ආවරණය වීම නිසා අනෙක් ග්‍රහයාගේ කිරණ මාලාව පෘථිවිය මතට නොවැටෙනු ඇත. ඡ්‍යෝතීර්විද්‍යානුකූලව පෘථිවියට නොවැටෙනුයේ කෙබඳු ග්‍රහයාගේ රශ්මි මාලාව ද නිවැරැදිව අවබෝධකර ගත හැකි නිසා පෘථිවියට රශ්මි මාලාව වැටෙන ග්‍රහයා විජයග්‍රාහී ග්‍රහයා ලෙස ප්‍රකාශ කෙරෙනු ඇත.

විවිධ රස, ගුණ අගුණ, ගඳ සුවඳ ආදී ඖෂධීය ගුණාත්මක බවක් වෘක්ෂලතාදියෙහි නිර්මාණය හේතු සාධකය ලෙස ‘ග්‍රහකිරණධාරා’ ආශි‍්‍රත වූ සංඥා ලෙස හුවා දැක්විය හැකිය. විශ්වය පුරාවට පායන එකම ඉරහඳ නමුත් අසාමාන්‍ය බවක් ප්‍රසාරණය කෙරෙයි. දේශගුණ රටාවෙහි විවිධත්වයක් විද්‍යාමාන කෙරෙයි. විවිධ රාජ්‍යයන්හි විවිධත්වයන් මිනිසා කෙරෙහිද බලපානුයේ ග්‍රහ කිරණ නිසි ප්‍රකාර නොවූ අවස්ථා යෙදෙන බැවිනි. ශුභ අශුභ බුද්ධිමත් ජ්‍යෝතිර්වේදියා සෘජුව ප්‍රකාශ කරලීමෙහි ප්‍රධාන හේතුව සෞරග්‍රහ මණ්ඩලයීය ආශි‍්‍රත අවබෝධ ඤාණකදම්බය තුළිනි.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි වෘෂභ රාශි සටහනෙහි අඟහරු සමවද, චන්ද්‍රයා 02 වැන්න වූ ධන ස්ථානගතව මිත්‍රශීලීවද කේතු සතුරුව 06 වැන්න වූ රෝග සතුරු ස්ථානගතවද ප්ලූටෝ සතුරුව 09 වැන්න වූ භාග්‍යස්ථානගතවද රවි සතුරුව බුධ සමව ශනි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණවද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රවද සිකුරු උච්ච ක්ෂේත්‍රව නැප්චූන් ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව 11 වැන්න වූ අය ස්ථානගතවද රාහු සතුරුව යුරේනස් සමව 12 වැන්න වූ වැය ස්ථානගතවද 22 වෙනි මාරක දෙර්කාණාධිපති ලෙස බ්‍රහස්පතිද සෙනසුරු බාධක ග්‍රහයා ලෙස ද අඟහරු 12 වැන්නෙහි මාන්දි ග්‍රහයා ලෙසද සෞරග්‍රහ මණ්ඩලය විද්‍යාමාන වෙන්නේ ය.

මෙකී ග්‍රහ යුද්ධ අවස්ථාවෙහි රවි හිමි සිංහ ජනරජ රාශි සටහනෙහි මාත්‍යු ස්ථානය වූ අටවැන්නෙහිදී සිකුරු පරාජයටත් බ්‍රහස්පති විජයග්‍රහණයටත් තුඩු දෙන්නේ ය. 05, 06, 09 ස්ථාන දුර්වල බවට දැඩිලෙස පාත්‍ර වී ඇත. 02, 06, 10 අර්ථ කෝණය අතිශය දුර්වලකාරී බවට පාත්‍ර වී ඇත. විශ්ව කේන්දර සටහනෙහි 12 වැන්න වූ වැය ස්ථානගතව සිකුරු ගුරු ග්‍රහ යුද්ධ සිදුවෙනු ඇත. 04, 08, 12 ස්ථාන ඉතා දුර්වල බවක් විශ්වය පුරාවට පරිවර්තනය කෙරෙනු ඇත. බුධ, ශනි ග්‍රහ යුද්ධය මාර්තු 02 රාත්‍රී 08.05ට සිදුවිය. විශ්ව කේන්දර රාශි සටහනෙහි 06 වැන්නෙහි බුධ, ශනි සටන පැවතිණි. ජනරජ සිංහ රාශි සටහනෙහි 07 වැන්නෙහි බුධ ද අතිශය දුර්වල බවක් ද පෙනීයයි. බ්‍රහස්පති පරාජිත වූ ද්වන්ධ සටනෙහි දී සාර්වාගමික දර්ශන න්‍යායාත්මකව ඇදහීමේ ප්‍රවණතාවයෙන් දුරස්ථ වෙන්නෙකි. සිකුරු ලෞකික ජීවන දර්ශනය නඟා සිටුවන්නෙකි. යුක්තිය සාමය සමඟිය සාධාරණත්වය කෙරෙහි මිනිසාගේ සිත් තුඩු නොදෙනු ඇත. සිකුරුගේ විජයග්‍රහණයට අනුව ඉහතින් දැක් වූ විෂමාචාර අවස්ථාවාදී මානුෂිකත්වය දිනෙන් දින අතිශය බිහිසුණු බවක් ගනු ලබයි. පාරිසරික හානි මෙන්ම පොදු ජනතාවගේ පාරිභෝජන රටාවෙහි මූල්‍යමය ප්‍රසාරණය අධිවේගී බවක් ගනු ලබයි. බේකරි සහ තේ පැන් ශාලාවල මිල දර්ශකය නවතාවයක් ගනු ලබයි. කොන්ත්‍රාත්කරණය මත ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙයි. දූෂණ මෙන්ම වංචනික ක්‍රියා කලාපයන් උත්සන්න කෙරෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවනට මෙන්ම අධ්‍යාපනික, සෞඛ්‍යය, සුබ සාධන ක්ෂේත්‍රයන් අනෙකුත් පැතිකඩයන්හි අවතක්සේරුකම් ද මතුවිය හැක. අර්බුද, ගැටුම්හි ප්‍රවණතාවය උත්සන්න කෙරෙයි. වෙළඳ ප්‍රජාව ඇතුළුව අඩු ආදායම්ලාභීන් සමඟ කොන්ත්‍රාත්කරුවන් හඹායන නව රැල්ලක් බිහි කෙරෙයි. සෙනසුරුගේ ජයග්‍රහණයද, ඤාණකාරක බුධ ග්‍රහයාගේ පරාජය ද විද්‍යාමාන විය හැක. විද්වත් පිරිස් නිහඬතාවය පළකෙරෙන අතර බොහෝ දුරට සතුරු එදිරිවාදිකම් රෝගාබාධක ආශි‍්‍රත පිරිස් යම් ආර්ථිකමය අංගයන් දියුණු කරගැනීමෙහි ප්‍රවණතාවයට පිළිසරණ වෙයි.

දේශපාලනික පැතිකඩ ධනය බලය මත දැඩි මුවහත් වීමකට භාජනය විය හැක. සාමාන්‍ය පොදු ජනතාව දහසක් බාධක අවහිර දුෂ්කරතා අතරින් දෛනික ජීවන ගමන් මඟ හඹා යයි. නිතරම ආවේගශීලි වූ ජන කොටස් තුළින් සමාජගත පසුබිම ආන්දෝලනාත්මක පසුබිමකට සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

 

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.