මැයි මාසයේ උපන් ඔබ ගැනයි...

අගෝස්තු 18, 2023

පසුගිය සතියේ සෑම වර්ෂයකම අප්‍රේල් මාසයේ උපන් අයගේ ජිවන තොරතුරු ඉදිරිපත් කරන ලද අතර අද අපි මැයි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු.

අප්‍රේල් මාසයේ 21 න් පසු 26 දක්වා මේෂ රාශියේ බලය කෙමෙන් අඩුවන අතර වෘෂභ රාශීයේ බලය කෙමෙන් වැඩිවේ. අප්‍රේල් මාසයේ 26 සිට සිකුරු ගේ බලය මැයි 21 දින දක්වා උපරිම බලයෙන් ක්‍රියාත්මක වන අතර මෙම කාලය පඨවි තිවංකයට අයිති වේ.

තිවංකය පඨවි වීමත් සිකුරු ධනාත්මක වීමත් නිසා මේ මස උපන් පුද්ගලයෝ ප්‍රබල චරිත ලක්ෂණ විද්‍යාමාන කරති. කායිකව මෙන්ම මානසිකවද දරාගැනිම අතින් ඔවුන් ඉදිරියෙන් සිටිති. ජයග්‍රහණය තෙක් ගැටලුවක් අල්ලාගෙන සිටිමට තරම් මොවුහු දක්ෂ වෙති. සමහර අවස්ථාවලදි මුරණ්ඩු ලෙස ක්‍රියා කරන අවස්ථාද දැක ගන්න ලැබේ.

එවැනි අවස්ථාවලදි ආදරය මඟින් මෙල්ල කරගත හැකි වේ. ආහාර රසවත් භාවය පිළිබද ඉතා උනන්දු පුද්ගලයන් මැයි මාසයෙන් බිහි වේ. එමෙන්ම ආහාර පිළියෙළ කිරිම ඒවායේ ගුණාත්මක භාවය පිළිබද කරුණු සහජයෙන්ම දන්නා අයවේ. නිවෙසට අවශ්‍ය ගෘහ භාණ්ඩ තෝරා ගැනීම සහ නිවෙස තුළ ඒවා සකස් කිරිමේ හොඳ හැකියාවක් ඔවුන් සතුය. අවස්ථාවට ගැළපෙන ආකාරයට ඇදුම් සකස් කර ගැනිම සඳහා මෙන්ම ඒ අනුව හැසිරිම මැයි මස උත්පත්තිය ලැබු අය සාර්ථකව කරන අයවේ. මෙම පුද්ගලයන්ගේ ආදරය ලබන්නන් හට සංග්‍රහ කිරිමට ඔවුන් ඉතා කැමතිය. එමඟින් ඔවුන් මහත් සතුටක් ලබති.

මැයි මාසයේ උපන් පුද්ගලයන් කැපී පෙනෙන්න ඉතාම කැමැතිය. එම නිසා නීතියක් වශයෙන්ම සිය වත්කම් වලට වඩා වැඩි වත්කම් පෙන්වයි. එයට හේතුව මෙම පුද්ගලයන් පාලනය වන්නේ හැගීම් මඟින් නිසා බැවිනි. ආදර වන්ත හැඟීම් මඟින් ඔවුන්ව බොහෝවිට මෙහෙය වෙනවා ඇත. මොවුන්ගේ සිරුරට උඩ කොටස පළල් වන අතර යට කොටස සිහින්ය. ගැහැණු අයගේ ඉතා විශාල පියයුරු සහ උරහිස සහිතය. එහෙත් දෙපා කුඩා වේ. පිරිමින්ගේ පුළුල් උරහිස් සහිතව ශරිරය ඉහළින් මහත් වි දෙපා කුඩාවේ. කුඩා පිටපතුල් දැකිය හැකිය.

මෙසැවොම ආදරය වෙනුවෙන් උපරිම කැපවීම් කරන පුද්ගලයෝය. ඒ වගේම වෛර කිරිමේ සිමාවක් ද මොවුන් තළ නැත. තමාගේ පරිසරයට ඉතා සංවේදී වේ. ගැහැණු පිරිමි සෑම අයකුම තමාගේ සම්බන්ධකම් තුළ අනේකාට ඊර්ෂ්‍යා ස්වභාවයක් ඔවුන් සතුය. මෙහිදි අතාත්වික කෝප ගැනීම්වලට ගමන් කරයි. නමුත් ඉක්මණින් ඒ ගැන සිතා පසුතැවිලි වේ. සමාව දීමට ඉක්මන්ය.

එහිදි ගන්නා ක්‍රියාමාර්ග සමහර විට අනෙත් පුද්ගලයන්ගේ සිනහා ගන්වන සුලුය. මේ අයට හැම අවස්ථාවක නායකයින් ලෙස ක්‍රියා කිරිමට හැකියාව ඇති අතර වගකීම් දෙවුර මත තබා වැඩ කරයි. සංගීතය රිද්මය වර්ණ ගැන්වීම් සහ භාවිතය පිළිබඳව හොද අවබොධයක් ඇත. එසේ වුවද මෙම දක්ෂතාවලින් මුදල් ඉපයීම බොහෝ විට සිදු නොවේ. මොවහු විශ්වාසවන්ත ගෞරවනීය මිත්‍රයෝ වෙති. හමුද නාවික සහ රජයේ තනතුරු දැරිම ඉතා සාර්ථක වේ. මේ සියලු දෙනාම පාහේ මල් සහිත අලංකාර ගෙවත්තක් තබා ගැනිමට උත්සහා ගන්නා පුද්ගලයන් වේ.

මැයි මාසයේ උත්පත්තිය ආර්ථික සරුසාර බවට හේතුවේ. මොවුන් සම්බන්ධතා මඟින් මෙන්ම හවුල් ව්‍යාපාර හෝ විවාහය තුළින් විශාල ධනයකට හිමිකම් ලබන පුද්ගලයන් වේ. සිකුරුගේ බලපෑම නිසා ආබාධිතයන්ට හෝ නැති බැරි අයට ත්‍යාගශීලි ලෙස උදව් කරයි. මුදල් අවශ්‍ය වන්නේ කලඑළියට ජීවත් වීමට බව මේ අයගේ විස්වාසයයි. මේ මාසයේ කාන්තාවන් විවාහය ගෙනියන්නේ ස්වාමියාට මුදල් ලැබීම පෙරදැරි කරගෙනය.මේ කාන්තාවක් කිහිප වරක් විවාහ දිවියට ඇතුළු වීමද මේ නිසා දැක ගත හැකිය. එසේම ඔවුනට ව්‍යාපාරික හැකියාවත් සංවිධානාත්මක හැකියාවත් දෙකම පවති. ඉඩම් සංවර්ධනය පතල් සහ ඛනිජ ද්‍රව්‍ය හෝටල් සහ ආපන ශාලා මොවුන්ගේ විශේෂ විෂයයන් වේ.

මොවුන් ගේ ප්‍රබල දුර්වලතාවයක් වන්නේ මත්පැනට හුරුවීමයි. වකුගඩු, උගුර සහ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත අසනීප මතු වේ. එමනිසා සියලු ආකාරයේ ඇබ්බැහි වීම්වලින් ඉවත් වී පරිස්සම් විය යුතුය. තවද මේ අයගේ නාස් සිදුරුවල ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ අවහිර වීම් දැකිය හැකිය. මෘදු ශරිරයේ සුළු

වැරදීමකින් වුවද පහරවල් මතුවී පෙනනු දැකිය හැකිය. මේ මස උපන් පුද්ගලයන්ට විවාහ සම්බන්ධතාවය සදහා සහ හවුල් ව්‍යාපාරවලට සුදුසු වන්නේ පෞද්ගලික අංක ගැළපීමට යටත්ව පඨවි තිවංකයට අයත් අප්‍රේල් 21 සිට මැයි 21 අයවලුන් සහ අගොස්තු 21 සිට සැප්තැම්බර් 21 දක්වාද දෙසැම්බර් 21 සිට ජනවාරි 21 දක්වා උපන් අයවේ. තවද සප්තමයෙන් ඔක්තෝබර් 21 සිට නොවැම්බර් 21දක්වා අයවලුන්ද සුදුසුය. නමුත් මේ කිසිම අයකු වයස අවුරුදු 25 ට පෙර විවාහ වීම කිසිසේත්ම යෝග්‍ය නොවේ. පළමු විවාහය අත් වැරදිමක් වීමට තිබෙන ඉඩකඩ වැඩිය.මැයි මස පුද්ගලයන්ට සාර්ථක වන්නේ දෙවැනි විවාහයයි. නමුත් මොවුන් ඉක්මනට වැඩිවියට පත්වි ඉක්මණින් විවාහයට පත්වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.