සතියේ පඤ්චාංගය

දිනූ තත්ත්වය
අගෝස්තු 4, 2023

ශක වර්ෂ 1945 ක් වූ කටක රවි 19 භාග ඇසළ අව තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 25 භාග ඇසළ අව දසවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - කටක

කුජ - සිංහ

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - සිංහ ( 07 දා උදේ 10.59 කටක)

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - අස්ලිස

කුජ - පුවපල්

බුධ - පුවපල්

ගුරු - බෙරණ

ශුක්‍ර - මා ( 07 දා උදේ 10.59 අස්ලිස)

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

අගෝස්තු 08 අඟහරුවාදා අලුයම 04.17න් අව අටවක ලබා 09 බදාදා අලුයම 03.55න් ගෙවේ. 08 අඟහරුවාදා සිල්

 

 

චන්ද්‍ර චාරය

04 දා රාත්‍රී 11.22 මීන

07 දා අලුයම 01.48 මේෂ

09 දා උදේ 7.45 වෘෂභ

 

දිනූ තත්ත්වය

අගෝස්තු 04 සිකුරාදා

කටක රවි 19 භාග ඇසළ අව තියවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.04. ඉර බැසීම 06.29. සියාවස නැකත උදේ 07.10න් ගෙවී පුවපුටුප නැකත ලබයි. ඇසළ අව තියවක තිථිය දහවල් 12.51න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය උදේ 06.15න් ගෙවී අතිගණ්ඩයෝගය ලබයි. වණිජකරණය අලුයම 02.31න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 12.51න් ගෙවී බව කරණය උදා වී එදින රාත්‍රී 11.14න් ගෙවී බාලවකරණය ලබා පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - ගිනිකොන

යෝගිනි - ගිනිකොන

සුබ දිශාව - නැඟෙනහිර

 

අගෝස්තු 05 සෙනසුරාදා

කටක රවි 20 භාග ඇසළ අව ජලවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 06.05, ඉර බැසීම 06.29. පුවපුටුප නැකත අලුයම 04.46න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. ඇසළ අව ජලවක තිථිය උදේ 09.45න් ගෙවී අව විසේනිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය අලුයම 02.32න් ගෙවී සුකර්ම යෝගය ලබා එය රාත්‍රී 11.17න් ගෙවී ධෘති යෝගය ලබයි. බාලව කරණය උදේ 09.45න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රී 08.27න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - කන

මරු - නැඟෙනහිර

යෝගිනි - නිරිත

සුබ දිශාව - උතුර

අගෝස්තු 06 ඉරිදා

කටක රවි 21 භාග ඇසළ අව විසේනිය තිථිය ලත් රවිදින. ඉර උදාව 06.05 ඉර බැසීම 06.28 උත්‍රපුටුප නැකත අලුයම 02.58න් ගෙවී රේවතී නැකත ලබයි. ඇසළ අව විසේනිය තිථිය උදේ 07.13න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. ධෘති යෝගය රාත්‍රී 08.33න් ගෙවී ශුල යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.13න් ගෙවී ගරජ කරණය ලබා එය සවස 06.18න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - උතුර

යෝගිනි - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

 

අගෝස්තු 07 සඳුදා

කටක රවි 22 භාග ඇසළ අව සැටවක තිථිය ගෙවී සතවක ලත් සඳුදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.28 රේවතී නැකත අලුයම 01.48න් ගෙවී අස්විද නැකත ලබයි. ඇසළ අව සැටවක තිථිය අලුයම 05.22න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. ශූල යෝගය සවස 06.22න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.22න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.50න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස, කෙණ්ඩ

අමෘත කලාව - නාසය / ගෙල

මරු - වයඹ

යෝගිනි - බටහිර / වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 08 අඟහරුවාදා

කටක රවි 23 භාග ඇසළ අව අටවක තිථිය ලත් කුජදින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.28 අස්විද නැකත අලුයම 01.21න් ගෙවී බෙරණ නැකත ලබයි. ඇසළ අව සතවක තිථිය අලුයම 04.17න් ගෙවී අව අටවක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය සවස 04.47න් ගෙවී වෘධි යෝගය ලබයි. බව කරණය අලුයම 04.17න් ගෙවී බාලවකරණය ලබා එය සවස 04.05න් ගෙවී කෞලව කරණය උදාව පවතී

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - බටහිර

යෝගිනි - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

අගෝස්තු 09 බදාදා

කටක රවි 24 භාග ඇසළ අව නවවක තිථිය ලත් බුධ දින. ඉර උදාව 06.05. ඉර බැසීම 06.28 බෙරණ නැකත අලුයම 01.36න් ගෙවී කැති නැකත ලබයි. ඇසළ අව අටවක තිථිය අලුයම 03.55න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. වෘධි යෝගය සවස 03.45න් ගෙවී ධෘම යෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.55න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.03න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ළැම

මරු - නිරිත

යෝගිනි - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

 

අගෝස්තු 10 බ්‍රහස්පතින්දා

කටක රවි 25 භාග ඇසළ අව දසවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 06.05.ඉර බැසීම 06.27 කැති නැකත අලුයම 02.32න් ගෙවී රෙහෙන නැකත ලබයි. ඇසළ අව නවවක තිථිය අලුයම 04.14 න් ගෙවී අව දසවක තිථිය ලබා පවතී. ධෘම යෝගය සවස 03.14න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. ගරජ කරණය අලුයම 04.14න් ගෙවී වණිජකරණය ලබා එය සවස 04.40න් ගෙවී විෂ්ටිකරය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - දකුණ

යෝගිනි - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.