ඔබේ කේන්දරේ බාධක ග්‍රහයා හා බාධක රාශිය හඳුනාගන්න

ජූලි 21, 2023

කවුද මේ අපේ කේන්දරේ ඉන්න බාධක ග්‍රහයා කියන්නේ ?

බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ඡ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ. තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳී භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ.

 

එම කාරණය තව දුරටත් විග්‍ර කළොත් ?

ඔව්. ඉතාම හොද ප්‍රශ්නයක් මම ඉතාම කෙටියෙන් බොහොම සරලව කියන්නම්. සෑම කෙනකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොටගෙන කොටු 12 ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනකු උත්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරි සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයකු ඕනෑම කෙනකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා.

 

ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයෙක් සිටිනවාද ?

ඔව්. ලග්න 12 ටම බාධක ග්‍රහයන් 12 දෙනෙකු සිටිනවා.

 

ඔබ ඉහත සඳහන් කළ ග්‍රහයන් 12 දෙනකු ගැන. එතකොට මේ ග්‍රහයන් 12 දෙනාම ලග්න 12ට බාධක ග්‍රහයන් වෙනවාද ?

නැහැ. නැහැ නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අනික් ග්‍රහයන් 7 දෙනා පමණයි අදාළ වන්නේ.

 

ඇයි අනෙක් ග්‍රහයන් 5 ස් දෙනා අදාළ කර නොගන්නේ ?

ඉතාම හොඳ ප්‍රශ්නයක්, ඔව් ග්‍රහයන් 12 දෙනකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ඡ්‍යොතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ඡ්‍යොතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡයා ග්‍රහයින් නිසාත් ප්ලූටෝ, නෙප්චූන්, හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා ඈතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ඡ්‍යොතිෂ සිද්ධාන්තයක්.

 

ලග්න අනුව බාධක ග්‍රහයන් වන්නේ කුමන ග්‍රහයන්ද ?

පළමු හා දෙවැනි ලග්නයන් වන මේෂ හා වෘෂභ යන ලග්න 2 කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.

මිථුන හා කන්‍යා යන ලග්න 2 කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය. සිංහ හා මකර යන ලග්න රාශි 2 කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද ධනු හා මීන යන ලග්න රාශි 2 කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.

 

එතකොට කටක, තුලා, වෘශ්චික, හා කුම්භ යන යන ලග්න රාශි 4ට බාධක ග්‍රහයන් වන්නේ කුමන ග්‍රහයන්ද?

කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්, බාධක ග්‍රහයන් වෙනවා.

 

මේ ආකාරයට බාධක ග්‍රහයන් වගේම බාධක රාශියකුත් අපේ කේන්දරයට තිබෙනවාද?

පැහැදිලිවම ඔව්. ඕනෑම ලග්නයකට බාධක ස්ථානයක් වන බාධක රාශියක් තිබෙනවා.

 

එම බාධක රාශියත් අපට හඳහන තුළ බාධා හා කරදර ගෙන එනවාද ?

ඔව්. බාධක රාශියත් අපල, කරදර, බාධා හා ප්‍රමාදයන් ගෙන එනු ලබනවා. විශේෂයෙන්ම එම කේන්දරයේ බාධක රාශිය වන ස්ථානයට අදාළව කියවෙන ඵලයන් සඳහා මෙහිදී බාධාවන් වනු ලබනවා.

 

චර රාශි, තිර රාශි, උභය රාශි ලෙස ලග්න වර්ග කිරීමක් තිබෙනවා නේද? මෙම වර්ග කිරීම ලග්නයන්හි බාධක රාශිය කෙරෙහි බලපාන්නේ කෙසේද ?

ඔව්. ඒ මෙහෙමයි. ඕනෑම චර රාශියක 11 වැන්නත් ඕනෑම තිර රාශියක 09 වැන්නත් ඕනෑම උභය රාශියක 7 වැන්නත් බාධක රාශිය ලෙස අප ඡ්‍යොතිෂයේදී හඳුන්වනු ලබනවා.

 

මොනවාද එතකොට මේ චර රාශි කියන්නේ ?

මේෂ කටක තුලා හා මකර යන රාශි හෙවත් ලග්න චර රාශි ලෙස හඳුන්වනු ලබනවා.

 

තිර රාශි කියන්නේ මොනවාද?

වෘෂභ සිංහ වෘශ්චික කුම්භ යන රාශි තිර රාශි ලෙස හැඳින්වෙනවා.

ඉතිරි ලග්න රාශි 4 වන මිථුන, කන්‍යා, ධනු හා මීන යන රාශි නේද උභය රාශි ලෙස හැඳින්වෙන්නේ?

ඔව්. ඔබ හරි ඒ සඳහන් කළ ඉතිරි රාශි 4 උභය රාශි ලෙස හඳුන්වනවා.

 

අපි හිතමු යම් කේන්දර හිමියකුට ඉහත සඳහන් කළ බාධා ග්‍රහයන්ගෙන් දැඩි බාධාකාරී අපල තත්ත්වයක් ගෙන දෙනවාද?

ඔව්. එම මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්ය්‍යන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි.

 

අපි හිතමු කෙනකුගේ බාධක ග්‍රහයා සුබ ග්‍රහයෙක් වී බාධක ග්‍රහයාගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් පැමිණියා කියා. එවිටත් එය ඔහුට හෝ ඇයට අපල ඇති කරනවාද?

බාධක ග්‍රහයා ගුරු හෝ සිකුරු වැනි සුබයෙක් වුවත් ඔහුගෙන් ඇතිවන්නේ බාධාවක්.

 

සුබ ග්‍රහයෙක් නොවී පාපී ග්‍රහයෙක් වූ විට තත්වය කෙබදු වන්නේද ?

පාපී ග්‍රහයකු වීම සුබදායක නැහැ. කේන්දරේ එම අදාළ ග්‍රහයාගේ තත්ත්වය මත මෙහි ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙනවා. සුබ ග්‍රහයකු වුවත් පාප දුෂ්ටිවලින් පීඩීත නම් එම තත්ත්වය සුබදායක වන්නේ නැහැ.

 

එම කාරණනය තවදුරටත් ටිකක් පැහැදිලි කළොත්?

ඔව් මම මෙහෙම පැහැදිලි කරන්නම්. අපි උදාහරණයක් ලෙස හිතමු යම් කෙනකුගේ ජන්ම පත්‍රය හෙවත් හඳහනේ මම ඉහත සඳහන් කල බාධක ග්‍රහයා විවාහ ස්ථානය වන ලග්නයෙන් 7 වැන්නේ තැන්පත් වී සිටිනවා කියා. එවිට අනිවාර්යනේම එම ජන්මියාගේ විවාහයට එම තත්ත්වය බලපානු ලබනවා. මේ තුළ බොහෝ විට විවාහයට විවිධ බාධක හා ප්‍රමාදයන් එල්ල වීමේ ප්‍රවනතාවයක් තිබෙනවා.

 

එසේ නම් මෙම බාධක ග්‍රහයාගේ බලපෑම එල්ල වෙන්නේ විවාහයට පමණද ?

නැහැ. නැහැ. මම ඒ කිවුවේ එක් උදාහරණයක් පමණයි. බාධක ග්‍රහයා අපේ කේන්දරේ තැන්පත්ව සිටින ස්ථානය හෙවත් භාවය අනුව එම භාවයට අදාළ කාරණය සම්බන්ධයෙන් බාධා කරදර හා අපල උදා වීමේ හැකියාව තිබෙනවා. මෙම බාධක ග්‍රහයා රැකියා ස්ථානය වන 10 වැන්නේ පිහිටා සිටිය විට රැකියා අංශවලින් බාධා කරදර ඇතිවිය හැකියි. නැතිනම් 4 වැන්නේ නම් ගෙවල් දොරවල් යාන වාහන ගැන වන්න පුළුවන්. ඒ වගේම 5 ැන්නේ නම් දරුඵල හෝ අධ්‍යාපනය ගැන වන්න පුළුවන්. එසේත් නැත්නම් අපි හිතමු 2 වැන්නේ 11 වැන්නේ කියා, එවිට ආදායම සම්බන්ධයෙන් බාධා කරදර ඇතිවිය හැකියි. ඒ ආකාරයට මෙම බාධක ග්‍රහයා පිහිටා සිටින භාවය අනුව ප්‍රතිපල වෙනස් වෙන්න පුළුවන්.

අපි හිතමු බාධක ග්‍රහයාගේ විදශාවක් ක්‍රියාත්මක වුනා කියලා එවිටත් ඉහත තත්වය බලපානු ලබනවාද?

ඔව් ආසන්නව ම ගෙවනු ලබන දශා කාලය තුළ ක්‍රියාත්මක වෙනවා.

 

කේන්දරේ අනෙකුත් ග්‍රහ ශක්තීන් මත බාධක ග්‍රහයාගේ බලපෑම වෙනස් වීමේ හැකියාව තිබෙනවාද?

ඔව්. එසේ තිබිය හැකියි. එය අවබෝධ කර ගත හැක්කේ නිවැරැදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුවයි.

 

යම් කේන්දර හිමියෙකුට ලග්නයට අනුව අදාළ වන බාධක ග්‍රහයා ඔහුගේ හෝ ඇයගේ බාධක ස්ථානයේම සිටියොත් එය හඳුන්වන්නේ කුමන ආකාරයෙන්ද?

බාධක ග්‍රහයා බාධක රාශිය හෙවත් බාධක ස්ථානායේම සිටින විට අප එම ග්‍රහයා ඡ්‍යොතිෂයේදී මහා බාධක ග්‍රහයා ලෙස හඳුන්වනු ලබනවා.

 

එක් එක් ලග්නවලට මේ බාධක ග්‍රහයා භාවයන්වල අධිපතිත්වයත් දරනවාද ?

ඔව්.

ඒ කුමන අකාරයටද ?

පළමු ලග්න හය වන මේෂ ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 10 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘෂභ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සෙනසුරු බාධක ග්‍රහයා වන අතර 9 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මිථුන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු හෙවත් බ්‍රහස්පති බාධක ග්‍රහයා වන අතර 2 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. කටක ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. සිංහ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී කුජ හෙවත් අඟහරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වන භාවයන් වල අධිපතිත්වය ලබනවා. කත්‍යා ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී ගුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.

තුලා ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී ශුක්‍ර හෙවත් සිකුරු බාධක ග්‍රහයා වන අතර 1 හා 8 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. වෘශ්චික ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සඳු හෙවත් චන්ද්‍රයා බාධක ග්‍රහයා වන අතර 9 වන භාවයේ අධිපතිත්වය ලබනවා. ධනු ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 7 හා 10 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මකර ලග්නයට බාධක ස්ථානය 11 වැන්න වී කුජ බාධක ග්‍රහයා වන අතර 4 හා 11 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.

කුම්භ ලග්නයට බාධක ස්ථානය 9 වැන්න වී සිකුරු බාධක ග්‍රහයා වන අතර 4 හා 9 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා. මීන ලග්නයට බාධක ස්ථානය 7 වැන්න වී බුධ බාධක ග්‍රහයා වන අතර 4 හා 7 වන භාවයන්වල අධිපතිත්වය ලබනවා.

 

මෙම බාධක ග්‍රහයාගෙන් උදාවන අපල තත්ත්වයන් ග්‍රහ ශාන්ති කර්ම මගින් සමනය කර ගත හැකිද ?

පැහැදිළිවම ඔව්. ඒ සඳහා උගත් ඡ්‍යොතිෂවේදියකු මගින් නිවැරදි ජන්ම පත්‍ර පරීක්ෂාවකින් අනතුරුව අදාළ ග්‍රහ ශාන්ති කර්ම ඉටු කිරීම තුළින් එම අපල තත්වයන් සමනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

 

බාධක ග්‍රහ අපල දුරු කිරීමට පොදුවේ කළ හැකි ග්‍රහ ශාන්ති කර්ම මොනවාද ?

අදාළ බාධක ග්‍රහයා හා රාශිය හඳුනා ගැනීමෙන් පසු ඒ සඳහා එම නිෂ්චිත ග්‍රහයාට අදාළව අපල දුරු වීම සඳහා බෝධි පූජාමය පින්කම්, අටවිසි බෝධි පූජා, දේව පූජා, සෙත් කවි ගායනා, මැණික් පැළදීම්, යන්ත්‍ර දැමීම් වැනි කාරණා ඉටු කළ හැකියි.

 

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක, පුවත්පත් ලේඛක,

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.