වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
උදේ පාන්දර කපුටන් හැඬීමට පෙර පිරිසුදු වතුර භාජනයකට ඉතිපිසෝ ගාථාව 108 වරක් හා “සම්බපාපස්ස අකරණං ගාථාව“ 108 වරක් මතුරා මුහුණකට සේදීම, බීමට ගැනීම, ගෙදර...
2019-09-26 18:30:00
ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ තමාට සම රාශි භවනක් වූ අඟහරුට අයත් වෘශ්චික රාශියට 2019 ඔක්තෝම්බර් මස 23 වන බුධ දින රාත්‍රී 11 පසුවී විනාඩි 24 ට...
2019-09-26 18:30:00
මත්ස්‍ය සලකුණ ඉතාමත් සුබ ඵල ගෙන දෙන පිහිටීමකි. අනේකවිද භවභෝග සම්පත් ලැබීමට හේතු වන්නකි. කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණ පිහිටා තිබේනම් ඇයට ලක්ෂ්මී...
2019-09-19 18:30:00
මිනිසෙකුට තම ජීවිත කාලය තුළ විවිධ සිදුවීම් රාශියකට මුහුණ දීමට සිදුවේ. ජීවිතයට යහපත සලසන සහ අයහපත සලසන සිදුවීම් ලෙස මෙම ක්‍රියාදාමයන් හැඳින්විය හැකිය...
2019-09-19 18:30:00
නඩුහබ, සතුරු කරදර, දුරීභූත කරන තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ සඳහා විජයග්රහණයට රැකියා ලාභ ගෙනදෙන නිලතල, තනතුරු, නම්බුනාම, කීර්ති, ප්‍රශංසා උදාකරන සකළවිධ...
2019-09-19 18:30:00
මේ යන්ත්‍ර රාජයා ගැන ඔබ කොතෙකුත් අසා ඇති බව දන්නවා. නමුත් මෙම යන්ත්‍රය ගෙල බැඳීමෙන් බොහෝ අවස්ථාවලදී ගුණ නොලැබූ බව රහසක් නොවේ. එසේ නම් ඉන් ගුණ...
2019-09-12 18:30:00
මනුෂ්‍ය ලෝකයේ උපත ලබන සෑම සත්වයෙකුටම මරණය නියතය. ධනය,කුලය හෝ වෙන යම් මොනම ඇත්තකුට වුවත් මරණයෙන් බේරීමට හැකියාවක් නැත.මනුෂ්‍යයෙකුගේ පරමායුෂ අවුරුදු...
2019-09-12 18:30:00
කේන්ද්‍රයේ දසවැන්න බුධට ඉතා යහපත් ස්ථානය වේ. සිහිකල්පනාව සහ වාග් ශක්තිය වැඩි කරයි.තැනට සුදුසු නුවණ ඇතිවේ. කරන ව්‍යාපාරවලින් ජය ලැබේ. කීර්තිය සහ...
2019-09-05 18:30:00
අප වෙසෙන විශ්වය තුළ මනුෂ්‍යයන්, තිරිසන්, පේ‍්‍රත භූත යන මනුෂ්‍ය, අමනුෂ්‍ය දෙවර්ගයම වාසය කරන බව පිළිගෙන ඉවරයි. විශේෂයකට තිබෙන්නේ ඒ අයගේ සංඛ්‍යාව,...
2019-09-05 18:30:00
ග්‍රහ ලොව ගුරු හෙවත් සුරගුරු නමින් පෙනී සිටින බ්‍රහස්පති ග්‍රහයාගෙන් සිදුවන ශුභ අශුභ ක්‍රියාවලියෙදි පුෂ්පරාග ගලක් පැළැඳ ගැනීමට පෙර එම ගල පිළිබඳත්...
2019-09-05 18:30:00
විවාහය සඳහා කේන්ද්‍ර පරික්ෂා කිරීමේදී කුජ, ශනි සංයෝගය ඇති භාවය එම භාවයේ තත්වය කාරකත්වය මතින් උච්ච මිත්‍ර බව යෝගකාරක බව තුළින් යහපත් බලපෑමක් ඇති කරයිද...
2019-08-29 18:30:00
තවත් නොබෝ දිනකින් උදාවන සැප්තැම්බර් මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියවීමට ඉතාමත් ප්‍රබල හා බලගතු සරස්වතී යෝගයක් සහිත සුබ නැකැතක් 2019...
2019-08-29 18:30:00
හූනියම් දෙවි හෙවත් ගම්බාර දෙවිඳුට පහන් දැල්වීම, පුද පූජා පැවැත්වීම බහුලව අද සිදුවෙයි. විශේෂයෙන් කොළඹ අවට ප්‍රසිද්ධ හැම විහාරයකම වාගේ හූනියම් දේවාල...
2019-08-29 18:30:00
ග්‍රහ මඬුල්ලේ සඳු , සිකුරු ස්ත්‍රීකාරක ග්‍රහ යුවලක් ලෙස සලකනු ලබන අතර මව්කාරක ග්‍රහ යුවලක්ද වෙයි. මෙම ග්‍රහයන් කාන්තාවකගේ උත්පත්ති කේන්ද්‍රයේ බලවත්ව...
2019-08-22 18:30:00
ජීවිතයේ පැවැත්ම පිළිබඳව හා කඩාවැටීම් , නැවත නැගීසිටීම පිළිබඳව මූලික වශයෙන් කියැවෙන මෙම ජීවන රේඛාව කුජ මණ්ඩලය හා ගුරු මණ්ඩලය අතරින් ආරම්භ වී කුජ තලාව...
2019-08-22 18:30:00
වශී ගුරුකම කරගෙන ඉන්න අය හරියට ප්‍රවේශම් වන්න ඕනෑ. හොඳට වගේම නරකටත් අයහපත් දේ කරනවා. ඉතාම ස්වල්ප වශයෙන් නිල මිරිකීමේ ක්‍රමයකුත් තිබුණා. ඒවා ක්‍රමයෙන්...
2019-08-15 18:30:00