වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්‍රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්‍රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1942 හි සිව්වන මාසය වන කටක රවිය 2020 ජූලි 16 වෙනි ගුරු දින 10.47 පැයට උදාවී අගෝස්තු 16 වෙනි ඉරු දින 19.11 පැය දක්වා පවතී. මෙම මාසය තුළ රවි...
2020-07-09 19:30:00
ප්‍රමාණයෙන් කුඩා තාරකා රාශියකි. තාරකා රාශි චක්‍රයේ ප්‍රථම තාරකා රාශියයි. එළුවකුගේ රුවක් නිරූපණය කරයි. නැගෙනහිරින් පිහිටි මීන තාරකා රාශියටත්, බටහිරින්...
2020-07-02 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක්ව පවතින පංචාංගය වන්නේ දිනය, නැකත, තිථිය, යෝගය සහ කරණය යන අංග පහය. මෙම අංග පහෙන් මිනිසාට ලැබෙන පංචාංග ගුණය අති...
2020-07-02 18:30:00
ගොඩක් අයගෙන් ඇසෙන දුක්මුසු ප්‍රතිචාරයක් මේ. ඡ්‍යොතිෂය වගේම එක එක පැතිකඩ තිබෙන ඉපැරණි ශාස්ත්‍රයක් තමයි, ගුප්ත විද්‍යාව, හරියටම තේරුම්ගත නොහැකි...
2020-07-02 18:30:00
සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමට නිවසක් අවශ්‍ය වේ. නමුත් ඒ සැමට එම අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට හැකිවේද, අද අප රටේ පවතින ප්‍රධාන ප්‍රශ්න අතරින් නිවාස ප්...
2020-07-02 18:30:00
දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි කටක රවි 17 භාග නිකිණි මහේ පුර තෙළෙස්වක තිථිය ලත් ශනි දින සිකුරු, චන්ද්‍ර සප්තම දෘෂ්ටිය, කුජ, චන්ද්‍ර චතුර්කෝණ දෘෂ්ටිය රවි -...
2020-07-02 18:30:00
ඉෂ්ට දේවතාවා ගැන සලකා බලන විට යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාවට යම් යම් දේවතාවන් සිටින බවට මතයක් පැරැණි කාලයේ සිටම තිබේ. ආගම සිහිකර අවසානයේ දී තම තමන්ගේ...
2020-06-25 18:30:00
බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම සුබ ග්‍රහ ලොවයි- ජන්මියාට බෙහෙවින් ම සුබඵල උදාකරන්නේ ද ගුරු වන අතර ගුරුගේ දැක්මත් ගුරු ලග්න...
2020-06-25 18:30:00
ජන සමාජය දෙස බලන කල ‘එයා හරිම වාසනාවන්තයා, බලන්නකො දියුණු වෙච්ච හැටි’ යි ඔබට ඇසෙනු ඇත. තවත් කෙනෙක් දෙස බලා ඒ මනුෂ්‍යයාට නම් කිසිම වාසනාවක් නැහැ නෙ...
2020-06-25 18:30:00
රාහු සංයෝග ගැන කතා කිරීමට ප්‍රථමයෙන් රාහු ග්‍රහයා ගැන මදක් විමසා බලමු නවග්‍රහයින් අතරෙන් රාහු ද පුදුම විදියේ විශේෂයක් ඇති ග්‍රහයෙකි. රාහුට අන්‍ය ග්...
2020-06-25 18:30:00
2020 ජුලි මස 16 ගුරු පැය 11.30 න් ග්‍රහ ලොවෙහි පියරජු ලෙස සැලකෙන රවි, ග්‍රහ ලොවෙහි මව ලෙස හැඳින්වෙන සඳු හිමි කටක රාශියට පැමිණේ. එතැන් සිට 2020...
2020-06-25 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 21 භාග ඇසළමහේ පුර පසළොස්වක තිථියලත් ජුලි මස 05 රිවිදින පෙරවරු 10.01 ට චන්ද්‍ර බුධ සප්තමය චන්ද්‍ර කුජ...
2020-06-25 18:30:00
ශ්වීය ග්‍රහ වස්තූන් සංසරණයේදී ග්‍රහ සංයෝගයන් තුළින් බිහිවන ග්‍රහයෝග අතර ධර්ම කර්මාධිපති යෝගයට හිමිවන්නේ ප්‍රබල තැනකි. යම්කිසි ලග්න භාවයෙන් නවය...
2020-06-18 18:30:00
කිසිම අඩුවක් නැති දෝෂ නොමැති කේන්ද්‍රයක් නොමැත. විවාහ දෝෂ 20 ක් පමණ ඇති අතර විවාහයකට පොරොන්දම් ගැළපීම් කිරීමට හැකි වූවත් සාර්ථකම විවාහයක් පවත්වා ගෙන...
2020-06-18 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවේ වෘෂභ රවි 31 භාග පොසොන් අව අටවක තිථිය ලත් ජුනි 13 වෙනි ශනි දින රාත්‍රී 07.45 ට ...
2020-06-18 18:30:00
මීන රාශිය - කටක නවාංශකය - පුවපුටුප 04 පාදය - චන්ද්‍ර කුජ ෂඩ්කෝණ දෘෂ්ඨිය - චන්ද්‍ර ගුරු ත්‍රිකෝණ දෘෂ්ඨිය - ගුරු ශනි සහ රවි රාහු බුධ යෝග ආශ්‍රිතව...
2020-06-18 18:30:00