වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
රාහු විසින් ග්‍රහණ ලත් සඳු පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී කුජ අට වැන්නේ සිටියොත් උපන් තැනැත්තා මව සමඟ මිය යයි. මෙසේම වූ රවි පාපයකුත් සමඟ ලග්නයේ සිටියදී...
2020-10-08 18:30:00
ඔක්තෝබර් 23 කිවි දින පෙ.ව. 10.45 සිට සිකුරු කන්‍යාවේ නීචවෙමින් දක්ෂිණායනය හේමන්ත සෘතුවේ තුලා රාශි 7 භාගය වප් මහේ පුර අටවක තිථිය හෙවත් නොවැම්බර් 17...
2020-10-08 18:30:00
ශක වර්ෂ 1942 තුලා රවිය උදාවන්නේ අධි වප් අමාවක දා සඳු තුලා රාශියට පැමිණ පැය 5 මිනිත්තු 39 කට පසු රවිද එම රාශියට පැමිණීමෙනි. ඒ අනුව 2020 ඔක්තෝබර් මස 17...
2020-10-01 18:30:00
පසුගිය මාස කිහිපයේදීම එක් එක් රාශිවල ද්විග්රහ සංයෝග ත්‍රිග්‍රහ සංයෝග වශයෙන් ලැගුම්ගත් සූර්යය ග්‍රහ මණ්ඩලය ඔක්තෝම්බර් මාසය ආරම්භ වෙද්දී සිංහ රාශියේ...
2020-10-01 18:30:00
ලොව පාලනය කරන්නාවූ සූර්ය දිව්යරාජතෙම කිවි හිමි තුලා රාශියට පැමිණීම 2020.10.17 වෙනි සෙනසුරාදා පැය 02.17න් සිදුවේ. එදින සිට 2020.11.16 තෙක් තුලා...
2020-10-01 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන - හංසයෝගය, මේෂ, කටක, තුලා මකර - සස යෝගය, මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, ධනු, මකර - මීන ගජකේෂරී යෝගය, රාශි...
2020-10-01 18:30:00
ඕනෑම ග්රහයෙකුට දිශාවක්, යානයක්, ස්ථානයක්, වර්ණයක් අයිති වනවා. ඒක ඍෂි මතය. අඟහරුවාගේ දිශාව යාම, වාහනය මොනරා, ලේ රතු වර්ණයෙන් යුත් අඟහරුවාගේ බල දිශාව...
2020-09-24 18:30:00
ඡ්‍යොතිෂය යන වදන ඇසෙත්ම නිරතුරු අප මතකයට නැඟෙන්නේ අප පෙරදිග විශේෂයෙන්ම ඉන්දියාව මූලාශ්‍ර කරගත් පෙරදිග දර්ශනයන්ට අදාළව ගොඩනැඟුණු ඡ්‍යොතිෂ ක්‍රමයයි....
2020-09-24 18:30:00
විවාහය යනු ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු විසින් එක්ව ජීවත් වීම සඳහා ඇති කරගනු ලබන ගිවිස ගැනීමකි. බොහෝ දෙනෙකු විවාහ ජීවිතයට එළඹෙනුයේ දහසක් බලාපොරොත්තු...
2020-09-24 18:30:00
සෙන්පති අඟහරුගෙන් මේෂ, කටක, තුලා, මකර, සතරට රුචක යෝගය ද ඤාණ කාරක බුධගෙන් මේෂ, කටක, තුලා, මකර සතරට භද්‍රා යෝගයද සුරගුරු බ්‍රහස්පතිගෙන් මිථුන,...
2020-09-24 18:30:00
රතු කුහුඹි ගෙවල්වලට පැමිණීම සම්බන්ධව ලොකු විස්තරයක් 2019 මුල් කාලයේදී ලිව්වා මතකයි. බොහෝ පාඨකයෝ ඒවා කියවලා සමහරු මට ප්‍රශංසා කරනවා. තවත් අය ඒ...
2020-09-17 18:30:00
මෙලොව ජීවත්වන මනුෂ්‍යයන් අතරින් වැඩිම පිරිසක් කෙසේ හෝ ධන බලයෙන් උසස් මට්ටමකට යාමට වෙහෙස දරති.අප කවුරු වුවත් ධනයෙන්, බලවත්වීමට වඩා තවත් සැපතක් ලොවේ...
2020-09-17 18:30:00
වෙශී, සුනථා, අනථා, දුරුධරා, වල්ලකී, රාශි දොළසටම යෝග උදාවද මේෂ, කටක, තුලා, ධනු, මකර...
2020-09-17 18:30:00
පළමුව අපි රාශි දොළහට ශරීරයෙහි අවයව බෙදීම ගැන සොයා බලමු 1.හිස සහ හිසට අයත් කොටස් 2. බෙල්ල, මුහුණ, පහළ කොටස් 3. පපුවේ ඉහළ කොටස්4.පපුව ,...
2020-09-10 18:30:00
යෝග පොකුරක් සමඟ විශ්වය හැඩ ගැන්වෙන ග්‍රහ සංකලනයක්කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ඉතා සුබයි කන්‍යා, වෘශ්චික, මකර ලග්නවලටද සාර්ථකත්වය ලබා ගත හැකියි....
2020-09-10 18:30:00
මසක පමණ කාලයක් “තුරුපල් තුන හත සිත දෙක කන්‍යා රැස “කීවාසේ රවි හිමි උත්‍රපල් නැකතේ” 2,3,4 පාදත් සඳු හිමි හත නැකත සම්පූර්ණව හා කුජ හිමි සිත නැකතේ...
2020-09-03 18:30:00