සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 27, 2024

ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 17 භාග බිනර අව දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 17 භාග වප් පුර පෑලවිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා

කුජ - මිථුන

බුධ - කන්‍යා

ගුරු - වෘෂභ

ශුක්‍ර - තුලා

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රපල් ( 27 දා අලුයම 01.10 හත)

කුජ - අද ( 30 දා අලුයම 12.05 පුනාවස)

බුධ - උත්‍රපල් ( 28 දා රාත්‍රි 09.13 හත)

ගුරු - මුවසිරස

ශුක්‍ර - සා

ශනි - පුවපුටුප ( ඔක්. 3 දා දහවල් 01.11 සියාවස)

රාහු - උත්‍රපුටුප

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ඔක්තෝබර් 01 අඟහරුවාදා රාත්‍රි 09.42න් අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා අලුයම 12.20න් ගෙවේ. 02 බදාදා සිල්.

චන්ද්‍ර චාරය

29 දා අලුයම 03.40 සිංහ

ඔක්. 01 දා සවස 04.04 කන්‍යා

දිනූ තත්ත්ූවය

සැප්තැම්බර් 27 සිකුරාදා

කන්‍යා රවි 11 භාග බිනර අව දසවක තිථිය ලත් කිවිදින ඉර උදාව 05.59, ඉර බැසීම 06.04, පුෂ නැකත දවස පුරාම යෙදී පවතී. බිනර අව දසවක තිථිය දහවල් 01.25න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. ශිව යෝගය රාත්‍රි 11.37න් ගෙවී සිද්ධ යෝගය ලබයි. වණිජකරණය අලුයම 12.53න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.25න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.25න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකනිය

මරු - ගිනිකොන

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 28 සෙනසුරාදා

කන්‍යා රවි 12 භාග බිනර අව එකොළොස්වක තිථිය ලත් ශනි දින . ඉර උදාව 05.59, ඉර බැසීම 06.04, පුෂ නැකත අලුයම 01.24න් ගෙවී අස්ලිස නැකත ලබයි. බිනර අව එකොළොස්වක තිථිය දහවල් 02.54න් ගෙවී අව දොළොස්වක තිථිය ලබයි. සිද්ධි යෝගය රාත්‍රි 11.53න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බවකරණය අලුයම 02.05න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 02.54න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - උතුර

සැප්තැම්බර් 29 ඉරිදා

කන්‍යා රවි 13 භාග බිනර අව දොළොස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 05.59, ඉර බැසීම 06.03 අස්ලිස නැකත අලුයම 03.40න් ගෙවී මා නැකත ලබයි. බිනර අව දොළොස්වක තිථිය සවස 04.52න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. සාධ්‍ය යෝගය දවස පුරාම යෙදී පවතී. කෞලවකරණය අලුයම 03.48න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.52න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - උතුර

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

සැප්තැම්බර් 30 සඳුදා

කන්‍යා රවි 14 භාග බිනර අව තෙළෙස්වක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.59, ඉර බැසීම 06.02 මා නැකත උදේ 06.20න් ගෙවී පුවපල් නැකත ලබයි. බිනර අව තෙලෙස්වක තිථිය රාත්‍රි 07.10න් ගෙවී අව තුදුස්වක තිථිය ලබයි. සාධ්‍ය යෝගය අලුයම 12.29න් ගෙවී ශුභ යෝගය ලබයි. ගරජකරණය අලුයම 05.57න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රි 07.10න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - වයඹ

යෝගිනී - දකුණ

සුබ දිසාව - නැඟෙනහිර

ඔක්තෝබර් 01 අඟහරුවාදා

කන්‍යා රවි 15 භාග බිනර අව තුදුස්වක ලත් කුජ දින ඉර උදාව 05.58, ඉර බැසීම 06.02, පුවපල් නැකත උදේ 09.18 න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. බිනර අව තුදුස්වක තිථිය රාත්‍රි 09.42න් ගෙවී අමාවක තිථිය ලබයි. ශුභ යෝගය අලුයම 01.20න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.24න් ගෙවී ශකුණකරණය ලබා එය රාත්‍රි 09.42න් ගෙවී චතුෂ්පාදකරණය ලබයි.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - බටහිර

යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

ඔක්තෝබර් 02 බදාදා

කන්‍යා රවි 16 භාග බිනර අව අමාවක ලත් බුධ දින ඉර උදාව 05.58, ඉර බැසීම 06.02, උත්‍රපල් නැකත දහවල් 12.24න් ගෙවී හත නැකත ලබයි. බිනර අමාවක තිථිය දවස පුරාම යෙදී පවතී. ශුභ්‍ර යෝගය අලුයම 02.19න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. චතුෂ්පාදකරණය දහවල් 11.00න් ගෙවී නාගකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නිරිත

යෝගිනී - ඊසාන

සුබ දිසාව - දකුණ

ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 17 භාග වප් පුර පෑලවිය ලත් ගුරු දින ඉර උදාව 05.58, ඉර බැසීම 06.01, හත නැකත සවස 03.33න් ගෙවී සිත නැකත ලබයි. බිනර අමාවක තිථිය අලුයම 12.20න් ගෙවී වප් පුර පෑලවිය තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය අලුයම 03.22 න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. නාගකරණය අලුයම 12.20න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය දහවල් 01.40න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව -ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.