අධ්‍යාපන කටයුතු ගැන ජන්ම පත්‍රයෙන් දැනගන්න

ජුනි 23, 2023

 

“පුතා ලොකු උනහම මොකද කරන්නේ ?” යයි අප අසන්නේ එම දරුවා කුමන අංශයක

අධ්‍යාපනයකට යොමුවේදැයි දැනගැනීමටය. බොහෝවිට අපට ලැබෙන පිළිතුර වන්නේ “මම දොස්තර කෙනෙක් වෙලා බෙහෙත් දෙනවා” යැයි විය හැකිය. නැතහොත් “මම ටීචර් කෙනෙක් වෙනවා” මේ ප්‍රකාශවල ඇත්ත හෝ නැත්ත බලාගැනීමට යොදාගත හැකි පහසුම ක්‍රමය නම් එම දරුවන්ගේ ජන්ම පත්‍ර පරීක්‍ෂා කිරීමයි.

ජන්ම පත්‍රයක 4 වැනි භාවය මඟින් එය හිමිකරුගේ අධ්‍යාපනය ගැන පහසුවෙන් හඳුනා ගත හැකි වෙයි. ජන්ම පත්‍රයක 4 වැනි භාවය මඟින් ජන්මියාගේ මූලික අධ්‍යාපනය ගැනද 9 වැනි භාවය මඟින් උසස් අධ්‍යාපනය ගැනද අධ්‍යයනය කළ හැකිය. ඒ මෙසේය.

ජන්ම පත්‍රයක 4 වැනි භාවය යහපත් ලෙස පිහිටා 9 වැනි භාවයටද සම්බන්‍ධ වන්නේ නම් මූලික අධ්‍යාපනය සාර්ථක ලෙස නිමකර උසස් අධ්‍යාපනයට යොමුවන බව දැනගත හැකිය.

මෙම ජන්ම පත්‍රයේ 4 වැනි භාවය බුධ හිමි කන්‍යා රාශියේ රවි නක්‍ෂත්‍රයේ සහ සිකුරු හිමි උපස්ථානයේ යෙදී ඇත. රාශිය අධිපති බුධ ග්‍රහයා ලග්නය සහ 4 වැනි භාවය හිමියා විය. උපස්ථානයේ අධිපති සිකුරු ග්‍රහයා 5 වැනි සහ 12 වැනි භාව අධිපති 5 වැනි භාවයේම තැන්පත්ව සිටියේය. 5 වැනි භාවය මඟින් ජන්මියාගේ ඥාණවත් බව පෙන්වයි. මේ සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියේ රාහුගේ නක්‍ෂත්‍රයකය. රාහු 5 වැනි භාවයේම තැන්පත්ව සිටියේය. කුජගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වෙයි. කුජ 6 වැනි සහ 11 වැනි භාව අධිපතිව 5 වැනි භාවයේම තැන්පත්ව සිටියේය.

ජන්ම පත්‍රයේ 4 වැනි භාවයේ උපස්ථානය අධිපති සිකුරු ග්‍රහයා තැන්පත්ව සිටියේ රාහුගේ නක්‍ෂත්‍රයකය. මේ රාහු 5 වැනි භාවයේ තැන්පත්ව කුජගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වෙයි. කුජ 6 වැනි සහ 11 වැනි භාව හිමියාවිය. තරඟ ආදියේ පහසුවෙන් ජය ගන්නා බව පෙන්වයි. මෙම ජන්ම පත්‍රයේ 9 වැනි භාවය ශනි හිමි කුම්භ රාශියේ රාහු හිමි නක්‍ෂත්‍රයේ සහ රාහු හිමි උපස්ථානයේ යෙදී ඇත. රාශිය අධිපති ශනි ග්‍රහයා 7 වැනි සහ 8 වැනි භාව හිමියා විය උපස්ථානයේ අධිපති රාහු ග්‍රහයා 5 වැනි භාවයේ තැන්පත්ව කුජගේ නියෝජිතයකු ලෙස ක්‍රියාත්මක වෙයි. කුජ 6 වැනි සහ 11 වැනි භාව හිමියා විය.

ජන්ම පත්‍රයේ 9 වැනි භාවයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා තැන්පත්ව සිටියේ ශනිගේ නක්‍ෂත්‍රයකය. මේ ශනි 8 වැනි භාවයේ තැන්පත්ව තරඟ ආදියේ පහසුවෙන් ජය ගන්නා බව පෙන්වයි.

මෙම ජන්ම පත්‍රයේ උපතේ සිට පැවති ශනිගේ දශා කාලයේදී අධ්‍යාපන කටයුතු සම්බන්‍ධයෙන් බොහෝ ජයග්‍රහන ලබා ඇත. දශාව අධිපති ශනි ග්‍රහයා තැන්පත්ව සිටියේ 6 වැනි සහ 11 වැනි භාව හිමියා වන කුජගේ නක්‍ෂත්‍රයකය. ඉන් අනතුරුව ලැබූ බුධගේ දශාව තුළදී ද බුධ ග්‍රහයා තැන්පත්ව සිටි නක්‍ෂත්‍රය හිමි රාහුගේ 6 වැනි සහ 11 වැනි භාව ප්‍රතිපල ලබාදීම නිසා මේ ජන්මියා අධ්‍යාපනයෙන් ඉහළටම පත්ව ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.