වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පොරොන්දම් පරික්ෂා කිරීමේදී නොසැඟවිය යුතු කරුණු
සැප්තැම්බර් 6, 2019
විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය.
ජීවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි ගත කිරීමට ගන්නා ප්රයත්නය මහඟු ප්‍රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ.
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණයකට එළඹීමට පහසුතාවක් ඇතිවේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරික්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරික්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත් වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරික්ෂා කර බැලිය යුතු වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ලැබිය හැකිය.
බොහෝ විට විවාහයට එළඹිය හැකි තරුණ ස්ත්‍රීන් හෝ පුරුෂයන් දැන හඳුනා ගැනීමෙන්ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම් වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසක ගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියාද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්‍රහයින් දෘෂ්ටි පැවැතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරික්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්රහයින්ගේ සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරික්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරික්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංගවී යන්නේ එවිට බව පෙනේ.
බොහෝම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදු වන්නේ 1,4,7,8,12 යන ස්ථාන ජන්ම පතක කුජ යෙදී ඇති විටය. එසේම ස්ත්රීන්ගේ විනාශය සිදුවන්නේ, පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරුණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථාවද තිබේ. එසේම 1,4,7,8,12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත් විට ගුරුට අඟහරු නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කර ගත හැකි, අඩු කර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකිය.
1,2,3,4 යන නැකැත් පාදයන් නාශාංසක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇතිවීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගේ එක් අයෙකු මරණයට පත්වීම, දෙදරායාමට පත්වීම, රෝගි වීම, පොරොන්දම සියයට සියයක් ගැළපුනත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම , මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම , රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේදී පාපාංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18 ක් ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත්වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කර ගත හැකි පොරොන්දමින් මෙය සනාථ කර ගත හැකිය.
ජාත්‍යන්තර ඡ්‍යොතිෂ
විද්‍යා විශාරද
මහාචාර්ය
හේමපාල පතිරණ
෴ සබැඳි ලිපි ෴
අහස් සිතියමේ ග්‍රහ හැසිරීම් රටාවට අනුව මෙලොව උපත ලබන මොහොතේ කොටු 12 හේ කේන්ද්‍ර තුළ සනිටුහන් වන ග්‍රහයන්ගේ සංයෝග හරහා විවිධ ග්‍රහයෝග නිර්මාණය වේ. යෝග...
2019-10-03 18:30:00
ඕම් ගිරිජායයි විද්මහේ ශිවප්පි්රයායයි ධීමහී තන්නෝ දුර්ගා ප්රචෝද්යාරක්ෂ රක්ෂ ජගන් මාතාදේවීමංගල චන්ඩිකේ හරිකේ විපදාංරාසෝ හරිස්ය මංගල කාරිකේහර්ෂ...
2019-09-26 18:30:00
ඡ්‍යොතිෂය පිළිබඳව උනන්දුවක් දක්වන පාඨකයන් බොහෝ විට අසන ප්රශ්නයකි නවාංශක සටහන මෙන්ම එහි ඇති වැදගත්කම හෝ ප්‍රයෝජන මොනවා ද? යන්න. මෙම ප්‍රශ්න පිළිබඳව...
2019-09-26 18:30:00
ධර්ම කර්මාධිපති යෝගයෙන් හැඩ ගැන්වෙන ධනු ලග්න හිමියන්ට භද්‍ර යෝග බලයෙන් ද ඔපවත් වන බැවින් ඉතා වාසනාවන්ත කාලයකි.මෙතෙක් ධනුවේ වක්‍රව ගමන් කළ සෙනසුරු...
2019-09-19 18:30:00
අශුභ ලෙස සලකන ග්‍රහයකු පීඩිතව, අශුභ ස්ථානයක බල රහිතව සිටි විට අශුභ ඵල පූර්ණ ලෙස ලබාදෙයි. පූර්ණ වශයෙන් අශුභ ග්‍රහයකු වුවද උච්ච, ස්වක්ෂේත්ර, මූල ත්...
2019-09-19 18:30:00
විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. ජීවිතය අවහිර...
2019-09-05 18:30:00
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. ...
2019-09-05 18:30:00
ඡ්‍යොතිෂ යනු බැබළීම සහිත යන්නයි. බැබළීම සහිත ශාස්ත්‍රය ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වේ. සොබාදහම සත්ව සංහතියට, මිනිස් ජීවිතයට, ග්‍රහ ලෝකාවලියට බලපාන අයුරු මෙම...
2019-08-29 18:30:00
ලග්නාධිපති හා පහ අධිපති යෝග වීම හරහා ප්‍රේමයට මුල් තැන දී විවාහයට මඟ පාදා ගනී. නමුත් ග්‍රහ බල දුබලතා අනුව වෙනස් වේ. ගුරු ආධ්‍යාත්මික පැතිකඩක් සඳහා...
2019-08-22 18:30:00
වයස 27 අනාගතය කෙසේද?පිළිතුර – වෘෂභ ලග්න සිංහ නවාංශක දැනට දසාව රාහු 8 වැන්න වූ මාරක ස්ථානයේ උපතේදී සිටින්නා වු රාහුගේ මහ දසා කාලය සුබදායක විය නොහැකියි...
2019-08-15 18:30:00
කෙනෙකුගේ උපතේදී ජන්ම කේන්දරයේ ග්‍රහයන් පිහිටා ඇති ආකාරය අනුව ග්‍රහ යෝග උදාවේ. එම ග්‍රහ යෝග හේතුකොට ගෙන ජන්මියාගේ ගතිගුණ සිරිත් විරිත්, ධන ධාන්‍ය ,...
2019-08-08 18:30:00
හෘද රෝග, මොළයේ ආබාධ, සමේ රෝග, රුධිර වාහිනි ආබාධ ඇතුළු රෝගාබාධ ගණනාවකම රවි පීඩාවට අහිතකර ලෙස බලපානු ලැබේ.රවි පීඩා පුද්ගලයා මුදල් පරිපාලනයේ අදක්ෂතා මතු...
2019-08-01 18:30:00
උපදින හැම සත්වයෙක්ම සැපයට කැමතියි. ඒ හැම සැප සම්පතක්ම ලබන්නට මූලිකවන්නේ ධනයයි. කේන්දරය අනුව අප පෙර කළ පින් පව් අනුව සැප සම්පත් ලබන්නටත් නොලබන්නටත්...
2019-08-01 18:30:00
කෙනෙකු කේන්ද්‍රයක් පරික්ෂා කර ගැනීමට පැමිණෙන්නේ ඔහු හෝ ඇයගේ ඥාතියෙකුගේ යම් කිසි සිදුවීමක්, දුකක්, කරදරයක් මුල්කරගෙන විය හැකියි.ඒ නිසා එක් එක්...
2019-07-25 18:30:00
හස්ත මුද්‍රාව ගැන කියනවිට එකවරම සිහියට නැගෙනුයේ මහා භාරතීය මුද්‍රානාට්‍යයක් පිළිබඳව ඇති ඉඟියකි. මුද්‍රාවක අභිනයෙන් ප්‍රකාශ වන්නේ සිරුරේ අවයවයන් ක්...
2019-07-18 18:30:00
ලේ, මුත්‍රා ඇතුලු කොටස් හා එක්ස් කිරණ හා විවිධ ස්කෑන් පරීක්ෂණවලින් අනතුරුව රෝගියාට වැළඳී තිබෙන රෝග තත්ත්වයන් පිළිබඳව නිගමනය කරනු ලබන්නේ බටහිර වෛද්‍ය...
2019-07-18 18:30:00