වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පොරොන්දම් පරික්ෂා කිරීමේදී නොසැඟවිය යුතු කරුණු
සැප්තැම්බර් 6, 2019
විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය.
ජීවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි ගත කිරීමට ගන්නා ප්රයත්නය මහඟු ප්‍රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ.
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණයකට එළඹීමට පහසුතාවක් ඇතිවේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරික්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරික්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත් වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරික්ෂා කර බැලිය යුතු වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ලැබිය හැකිය.
බොහෝ විට විවාහයට එළඹිය හැකි තරුණ ස්ත්‍රීන් හෝ පුරුෂයන් දැන හඳුනා ගැනීමෙන්ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම් වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසක ගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියාද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්‍රහයින් දෘෂ්ටි පැවැතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරික්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්රහයින්ගේ සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරික්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරික්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංගවී යන්නේ එවිට බව පෙනේ.
බොහෝම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදු වන්නේ 1,4,7,8,12 යන ස්ථාන ජන්ම පතක කුජ යෙදී ඇති විටය. එසේම ස්ත්රීන්ගේ විනාශය සිදුවන්නේ, පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරුණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථාවද තිබේ. එසේම 1,4,7,8,12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත් විට ගුරුට අඟහරු නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කර ගත හැකි, අඩු කර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකිය.
1,2,3,4 යන නැකැත් පාදයන් නාශාංසක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇතිවීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගේ එක් අයෙකු මරණයට පත්වීම, දෙදරායාමට පත්වීම, රෝගි වීම, පොරොන්දම සියයට සියයක් ගැළපුනත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම , මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම , රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේදී පාපාංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18 ක් ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත්වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කර ගත හැකි පොරොන්දමින් මෙය සනාථ කර ගත හැකිය.
ජාත්‍යන්තර ඡ්‍යොතිෂ
විද්‍යා විශාරද
මහාචාර්ය
හේමපාල පතිරණ
෴ සබැඳි ලිපි ෴
දරුවන් පිළිබඳ බැලීමට කේන්ද්‍රයක පස්වැන්න පරීක්ෂා කළ යුතු ය.මෙම ස්ථානයේ සිටින ග්‍රහයින් පහ අධිපතියා සමඟ සිටින ග්‍රහයා හෝ ග්‍රහයින් පස්වැන්නට වැටෙන ග්...
2021-01-07 18:30:00
මේ සටහන විස්තර කරන්න කලින් ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැනගන්න ඕනෑ. කලාව කියන්නේ එකක්, ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ තව එකක්. මේ ගැන...
2021-01-07 18:30:00
ඕනෑම අයෙක් මෙලොව එළිය දකින විට යම් ග්රහයෙකුගේ දශාවක් පවතිනු ඇත. එම දශාවට හිමි නැකත ජන්ම නැකත යනුවෙන් හඳුන්වයි. එක් ග්රහයෙකුට අයිති වන නැකැත් 03 ක්...
2020-12-31 18:30:00
මිනිසත් කමින් හොඳ සිතිවිලි ඇති වේවාරෝබිය සතුරු බිය කිසිවිට නොදැ නේවාආයුර්වේද, ඡ්‍යොතිෂ බල පැති රේවාදෙදහස් විසි එකේ නව හිරු රැස් දේවා
2020-12-31 18:30:00
රජ්ජු යෝගයචර (මේෂ, කටක, තුලා, මකර) යන රාශිවල පමණක් ග්‍රහයින් සිටීමෙන් යෙදේ.ප්‍රතිඵල ඇවිදීමට දක්ෂය. අනුන්ගේ සැපතට ඊර්ෂ්යාකරයි. ස්ථිර චින්තනයක් නැත....
2020-12-24 18:30:00
යම් කෙනෙකුගේ ජන්මපත්රය අනුව ගෙවෙමින් පවතින දසාව ශුභ ග්‍රහයකුට අයිති වූ පමණින් යහපත් ප්‍රතිඵල හෝ පාප ග්‍රහයකුට හිමිවූ පමණින් අයහපත් ඵල හෝ ලැබේ යයි...
2020-12-24 18:30:00
ඌර්ධව මුඛ නැකත් - ප්‍රාසාද, අභිෂේක, තොරණ බැඳීම, වැඩභාර ගැනීම ආදිය සඳහා සුදුසු නැකැත් ය. උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, පුෂ, රෙහෙණ, අද, සුවන, දෙනට,...
2020-12-17 18:30:00
පොල්කිච්චා -මළ හිරු බැස යන සැන්ඳෑයාමේ පොල්කිච්චා නාද කිරීම අසුබ ලක්ෂණයක් සේ සැළකේ. පොල් කිච්චෙක් නිවස තුළට වැදීම අසුබ ලක්ෂණයකි. උදය පාන්දර තනිව...
2020-12-17 18:30:00
ක්‍රි.පූ. 5 වැනි සියවසේදී පමණ ගී්රක පඬිවරුන් විසින් පදාර්ථ පිළිබඳ පරමාණුවාදය ඉදිරිපත් කිරීමට බොහෝ කලකට පෙර , දඹදිව විසූ ආයුර්වේද පඬිවරුන් විසින්...
2020-12-17 18:30:00
අතීතයේ විසූ අපේ පැරණි සෘෂිවරු එක් එක් පුද්ගලයන්ගේ ශරීරයේ පිහිටි විවිධ අංග ලක්ෂණ අනුව ඔවුන්ගේ චරිත ස්වභාවයන් පිළිබඳව විවිධ අනාවැකි පැවසීමට සමත් වූහ....
2020-12-17 18:30:00
අවුරුද්දේ මාස දොළහෙන් ලස්සනම මාස තමයි අප්‍රේල්, මැයි හැම ගහකම මල් පිපිලා මලින් බර වෙලා ලස්සනයි. සිංහල අයට අවුරුදු එන්නේ අප්රේල්වලටම නේ. අවුරුදු කාලා...
2020-12-17 18:30:00
කුජට ගසා ඇති රතු ලේබලය නිසා නම ඇසූ පමණින්ම සමහරු බියක් දක්වති. ඒ තරමටම අඟහරු හෙවත් කුජට ලැබී ඇති ප්‍රසිද්ධිය අධිකයි.කේන්ද්‍රයක 01,04,07,10 යන තැන්වල...
2020-12-10 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව, හස්ත රේඛා විද්‍යාව වගේම දේහ ලක්ෂණ විද්‍යාව අනුව ද කෙනෙකුගේ චරිත ස්වභාවයන් ප්‍රකාශ කළ හැකි බව අපේ ඍෂිවරු සඳහන් කර ඇත. මෙම ලිපියෙන්...
2020-12-10 18:30:00
භංග වෙනවා කිව්වේ නැතිවනවා කියන එකයි. භංග වෙන්න නම් නියමිත වූ සත්‍ය කැණුම ඉදිරිපත් වන්න ඕනෑ. එහෙනම් මෙවර කොරෝනා වසංගතය නියමිත පරිදි භංග වුණේ නැත්තෙ...
2020-12-03 18:30:00
ග්‍රහ මණ්ඩල යනු රවි, චන්ද්‍ර, ගුරු, බුධ, සිකුරු ආදි ග්‍රහයන්ගේ බලපෑම් ලබන අත්ලේ සුවිශේෂි ස්ථානයන් වෙයි.මේ අයුරින් සිකුරු මණ්ඩලය මහපටඟිල්ලේ මුල ප්...
2020-12-03 18:30:00
පක්ෂියා රජ හෝ භෝජන අවස්ථාවකට පිවිසි වේලාව පුර – අව මෙන්ම දවාලට හා රාත්‍රියට යෙදෙන ක්‍රම ගැන සැකිලිමත්වීම වීම වටී. ලංකා පංචාංග හා ඈපා යන ග්‍රහස්ඵුට...
2020-12-03 18:30:00