වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පොරොන්දම් පරික්ෂා කිරීමේදී නොසැඟවිය යුතු කරුණු
සැප්තැම්බර් 6, 2019
විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය.
ජීවිතය අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවි ගත කිරීමට ගන්නා ප්රයත්නය මහඟු ප්‍රතිඵල මෙනයින් සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යමාන වේ.
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණයකට එළඹීමට පහසුතාවක් ඇතිවේ. විවාහයක අති සාර්ථකත්වයක් ඇති නැති නම් සාර්ථකත්වයක් ඇති විය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරික්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරික්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත් වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරික්ෂා කර බැලිය යුතු වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂයන් කුජ හා ශනි යෝග වීමෙන් ඇති වන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ලැබිය හැකිය.
බොහෝ විට විවාහයට එළඹිය හැකි තරුණ ස්ත්‍රීන් හෝ පුරුෂයන් දැන හඳුනා ගැනීමෙන්ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම් වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීමද කුජ, රාහු යෝගව සිටීමද කුජ කේතු යෝගව සිටීමද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසක ගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියාද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්‍රහයින් දෘෂ්ටි පැවැතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරික්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්රහයින්ගේ සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරික්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරික්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංගවී යන්නේ එවිට බව පෙනේ.
බොහෝම අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදු වන්නේ 1,4,7,8,12 යන ස්ථාන ජන්ම පතක කුජ යෙදී ඇති විටය. එසේම ස්ත්රීන්ගේ විනාශය සිදුවන්නේ, පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරුණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථාවද තිබේ. එසේම 1,4,7,8,12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිව යුතු වන්නේ ගුරු බලවත් විට ගුරුට අඟහරු නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කර ගත හැකි, අඩු කර ගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකිය.
1,2,3,4 යන නැකැත් පාදයන් නාශාංසක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇතිවීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගේ එක් අයෙකු මරණයට පත්වීම, දෙදරායාමට පත්වීම, රෝගි වීම, පොරොන්දම සියයට සියයක් ගැළපුනත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම , මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම , රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේදී පාපාංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18 ක් ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත්වීමට හේතු සාධක තිබේද යන්න සනාථ කර ගත හැකි පොරොන්දමින් මෙය සනාථ කර ගත හැකිය.
ජාත්‍යන්තර ඡ්‍යොතිෂ
විද්‍යා විශාරද
මහාචාර්ය
හේමපාල පතිරණ
෴ සබැඳි ලිපි ෴
සමාජයේ ඉතා වෙහෙස වී බර වැඩවල නිරතවන පුද්ගලයන් අතර බොහෝ සේ දැකිය හැකි පීඩාකාරී තත්ත්වයක් ලෙස මෙම ගල් තැලුම් හැඳීන්විය හැකිය. පාදවල වැඩි වශයෙන් දැකිය...
2021-03-25 18:30:00
ඉටු සහ අනිටු පල උදා කිරීම පිණිස යොදා ගැණෙන පද්‍ය ක්රමයෙහි දක්ෂතා දැක්වූ රචකයන් පිළිබඳවත්, ඔවුන්ගේ නිර්මාණ සැලකිය යුතු ප්‍රමාණයකුත් ඇතැම් පොතපත ආශි්...
2021-03-18 18:30:00
පුංසාමුනනත චිත්තානාං -මයමෙව සුඛාවහම්සාථිසංගනිවෘතතිර්වා -හඩගලොලං හි ජීවිතම් උඩඟු සිත් ඇති පුරුෂයින්ට සුව මාර්ග දෙකක් ඇත. එකක් වනාහී සියලු සැප...
2021-03-18 18:30:00
පුත්‍රකාරක මෙන් 5 වැන්නාධිපති ගුරු 5 වැන්නේ පතිතව රණ හංස යෝගය උදා කරමින්, අඟහරු සහ සඳු යන ග්‍රහයන්ගෙන් ශුභ කර්තරී යෝගයකට මැදිව සිටීම හේතු කොට ගෙන...
2021-03-11 18:30:00
නිවැරදි ජීවන රටාවකට අනුව ජීවත් වීමට හුරුපුරුදු වීම ඕනෑම කෙනෙකුට ඉතාම යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා ගන්න හේතු වෙනවා. එහෙත් නොදැනුවත්කම නිසා හෝ...
2021-03-11 18:30:00
තම නමේ මුල් අකුර තුළින් එළි දැක්වෙන චරිත ලක්ෂණ ඔබට කොතෙක් දුරට බලපා ඇත්ද යන්න බලමු. උදාහරණයක් ලෙස ඔබේ නම අජිත් නම මුල් අකුර වන්නේ ඒ අකුර වේ.එම මුල්...
2021-03-04 18:30:00
හත්වැන්නාධිපති කුජ නොවී ශුක්‍ර සමඟ කේන්ද්රගතවීමත් විවාහයට සුබ පල දෙන පිහිටීමකි. හත අධිපති තිර රාශියක නම් ස්ථිර ආදරයෙන් ජීවිතාන්තය දක්වා සමගි...
2021-03-04 18:30:00
අමනුෂ්‍ය දෝෂ නිසා අද සමාජයේ බොහෝ දෙනා නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ පා ඇත. තම තමන්ගේ ජීවන රටාව සාර්ථක කර ගත නොහැකිව රැකියා අවුල්, පවුල් අවුල්, දූ...
2021-02-11 18:30:00
මෙලොව (මඟුල් සක්වල) උපන් අයට විවාහය ජීවිතය සුවිශේෂම දායාදයකි. විවාහයක් වීමට අත් පා විකෘති නොවුන සිරුරක් තිබිය යුතුයි. ඊට ප්‍රථමව හොඳ මනසක් තිබිය...
2021-02-11 18:30:00
ප්‍රසාදිනි – හාලිඇලවිවාහය කවදා සිදුවේද?ධනලාභ තිබේද?ඔබගේ කේන්ද්‍රයේ විවාහයක් පවතින අතර එය තරමක් ප්‍රමාදවී සිදුවනු ඇත. කුමන වයසකදී සිදුවේදැයි නිශ්චිතව...
2021-02-04 18:30:00
කිංස්ලි - කරඳන වයස 29 කි. වර්ෂ ගණනාවක් ස්වයං වින්දනයේ යෙදුනෙමි. මේ වන විට වැහැරුණ ශරීරයක් ඇතිව දුකට පත්ව සිටිමි. 50ක 60ක අයකු මෙන් වයස පෙනේ. සම රැළි...
2021-01-28 18:30:00
යම් ග්රහයෙන්ගෙන් සුබ අසුබ පල ලැබෙන්නේ එකී ග්‍රහයාට අයත් මහ දශා, අන්තර් දශා කාල සීමාව තුළදී බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන යම් දැනුමක් ඇති අයවලුන් පවා...
2021-01-21 18:30:00
ඔබ ධන රේඛාව වශයෙන් හඳුන්වන්නේ දෛව රේඛාවයි. මෙම රේඛාව අත්ලේ කුමන ස්ථානයකින් ආරම්භ වුවත් එය අවසන් වන්නේ මැදඟිල්ලේ මුළු ප්‍රදේශයට අයත් ශනි මණ්ඩලයෙනි. ඒ...
2021-01-21 18:30:00
රාහු කේතු ලග්නයේ ගෝචරය ගැන කියන්න කලින් මේ දෙදෙනා ගැන සම්පූර්ණ නිවැරදි වැටහීමක් තබාගන්න ඕනෑ. මේ සටහන් ඔබ හොඳින් කියවන බව මට එන දුරකතන. කෙටි පණිවුඩ...
2021-01-21 18:30:00
ඡ්‍යොතිෂයේ වටිනාකම රැඳී පවතිනුයේ නිවැරදි පලාපල කථනය තුළ පමණක්ම නොවේ. කේන්ද්‍රයක් උඩින් පල්ලෙන් බලා පලාපල ප්‍රකාශ කිරීම ද නොකළ යුතු කටයුත්තකි.මේ නිසා...
2021-01-14 18:30:00
කළගුණ සැළකීම මූලික කරගෙන සොබාදහමට තුති පිදීම සිදුකෙරේ. ඉතිරවීම බුබුළු දැමීම සහ බත යන අරුත් දෙන පොංගල් දෙමළ වදන නිසා එම නම යෙදී ඇති බව නිසැකය. හිරු...
2021-01-14 18:30:00