වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
හත්වැන්න ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විවාහයට ගැලපෙන රාශි වෙයි. එම නිසා හතේ අඟහරු (කුජ) සිටීම ගැන මනා ලෙස නිරීක්ෂණයක් කළ යුතුය. එනම් කුජ (අඟහරු) ලේ ධාතුවට...
2020-01-16 18:30:00
ආයාචනාය මණිඅක්ඛි මහෝර තස්සයස්මී නිසීදි භගවා මණි මණ්පස්මීතස්සෝ පරිට්ඨිත මුපට්ඨිත වීතරාගංකල්යාණි චේතිය මහං සිරසා නමාමිබුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක්...
2020-01-09 18:30:00
සමස්ත ලෙසට නව වසර උදාවන්නේ සූ.උදාව සමඟ වේ. බුද දිනට සූ. උදාව 6.22 ට උදාවන ජනවාරි 01 දින නැකැත් බලය අනුව “පද්ම යෝගයෙන්” නව වසර උදාවේ.තත්කාල වේලාවට...
2020-01-02 18:30:00
ගොරකා පොතු, හීන්නාරං, දෙහි, බත්, එක තරමට ගෙන කොටා පොල්කිරි දමා මිරිකා කතා නොකර උලුක්කුවූ ස්ථානයේ ගාන්න.තුන් කුලුඳුල් අයකු ලවා උලුක්කු වූ ස්ථානය...
2019-12-12 18:30:00
වර්තමාන සමාජය තුළ විවාහය අසාර්ථක වූ අය අපට ඕන තරම් හමු වී ඇත. ඊට හේතුව වන සමාජ විද්‍යාත්මක කරුණු සමාජ විද්‍යාඥයින් අපට පෙන්වා දී තිබේ. එසේ වුවද...
2019-12-12 18:30:00
ස්ත්‍රියකගේ කුජ ශනි යෝගවීම කුජට අශුභයෙකු පෙනීම නිසා බොහෝවිට විරහ වේදනාකාරී වේ. කුජ ශුක්‍ර 22 වැනි දෙර්කාණාධිපති වීමද විරහවට නෑකම් කියයි. මකර ලග්නය වී...
2019-12-12 18:30:00
ඈත අතීතයේ මිනිසා පහසුකම් නොමැති කාලයක එක එක ඇදහීම් පිළිගෙන ඒවා ඉදිරියට ගෙන ආවා. නමුත් මිනිසා දියුණුවන්න වන්න ඒ සමහර ඇදහිම් බොහෝදුරට අවම වුණා.ඉන් එකක්...
2019-12-05 18:30:00
මිනිස් ජීවිතයේ ඉතාම බලසම්පන්න වූත් බරපතල වූත් කුසලාකුසල කර්ම ගරුක කර්මයන්හි හේතු වේ. මේවායේ සුබ අසුබ විපාක උසස් හෝ පහත් ලෙසින් ගෙන දෙවන තත්ත්වය...
2019-11-28 18:30:00
මෙකී යෝගයේ ඵල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පතපොතෙහි සඳහන්ව ඇත්තේ, ධර්මය පිළිබඳව මනා දැනුමක් ඇති දෙවි බඹුන් අදහන දැහැමි පුද්ගලයෙක් බවත්, අනෙක් අය අවවාද...
2019-11-21 18:30:00
අවසාන ත්‍රිත්වය තමයි අර්ථ ත්‍රිකෝණය. ඕනෑම කෙනෙකු ගේ ධනස්ථානය, ශත්‍රෘ ස්ථානය හා කර්ම ස්ථානය, ඒ කිව්වේ 2-6-10 රාශින් එක්කොට ත්‍රිකෝණයක් හැදුවම මේක...
2019-11-14 18:30:00
සමාගමයකට, ව්‍යාපාරයකට නම් තැබීමේදී හරි ප්‍රවේශම් වන්න ඕනෑ. දුවගේ නම් පුතාගේ නම් නිකං දමන්න එපා. ඒක වැරදුණොත් ව්‍යාපාරයට හෝ ඒ අයට බලපානවා. ඒක ඔබට...
2019-11-07 18:30:00
සුබග්රහයන්ගෙන් තොරව හය වැන්නේ පාපයන් පමණක් සිටී නම් හෙතෙම නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන්නෙකු වේ. කන්‍යා රාශියේ රවි හා සඳු සිටීනම් යටිබඩේ රෝග...
2019-11-07 18:30:00
‘වස් දොස්’ දෙස් දෙවොල් ආදී වශයෙන් දිවුරුම් ක්‍රම කීපයකි. සිය ඇදහිලි විශ්වාසයන්හි උත්තම වස්තූන් පරදුවට තබා කරණ දිවුරුම් ද මෙම අංශය තුළ පවතී. දිවුරුම්...
2019-10-31 18:30:00
පවුලකට දරුවකු ලැබුණ විට පවුලේ අයගේ සතුට අපමණ ය. තමාගේ පවුලට පැමිණි අලුත් අමුත්තා ඔවුන් පිළිගන්නේ ඉමහත් පී‍්‍රතියෙනි.කුල දෙටුවන් වන අත්තා (කිරි අත්තා...
2019-10-24 18:30:00
ගොතටුව පි‍්‍රයංගනී ජයසිංහ, වයස 36 මට දරුපල නොමැතිද?පිළිතුර – වෘශ්චික ලග්න ,තුලා නවාංශක උපන් නැකත සඳහන් කර නොමැත. දැනට දසාව ගුරු, පුත්‍රකාරක මෙන්ම...
2019-10-17 18:30:00
මනුෂ්‍ය ශරීරයේ පංච ඉන්ද්‍රියන් අතුරින් විශේෂ අංගයක් වන්නේ දෙනෙත හෙවත් ඇස් දෙකය. නමුත් නොයෙක් හේතූන් නිසා දෙනෙත නොපෙනෙන අය අප අතර ඇත.දෙනෙත් නොපෙනීම...
2019-10-10 18:30:00