වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
සෙත් කවි වස් කවිවල ආරම්භය අපේ බෞද්ධ ඉතිහාසයේ බොහෝදුරට ගෙනයාමක්. විශේෂිත වූ මෙම ශාස්ත්‍රය ඒ ඒ කවි සඳහා ගණ පිහිටීමක් කරයි. සර්ව සම්පූර්ණ වූ සෙත් කවියට...
2020-07-30 18:30:00
සඳු සූර්ය ග්‍රහ මණ්ඩලයට අයත් වුවත් පෘථිවියේ උප ග්‍රහයෙකි. දින 27 කට වරක් පෘථීවිය වටා ගමන් කරන සඳු වසරකදී එවැනි වාර දොළහකට වැඩි ප්‍රමාණයක් පෘථිවිය වටා...
2020-07-30 18:30:00
තාරකා රාශි චක්‍රයේ (Zodiac) 4 වැනි තාරකා රාශිය වන මෙය කකුළුවකුගේ හැඩය නිරූපණය කරන බැවින් කටක හෙවත් කැන්සර් යනුවෙන් හැඳින්වෙයි. සෑම වසරකම...
2020-07-30 18:30:00
රාශියක ප්‍රමාණය අංශක 30 කි. එම අංශක 30 සමාන කොටස් තුනකට බෙදූ විට ඉන් එක් කොටසක් දෙර්කාණයක් වේ. එවිට එක් රාශියකට දෙර්කාණ තුනක් ඇති බවත් දෙර්කාණයකට...
2020-07-30 18:30:00
මේ වන විටත් ඔබේ දරුවා ප්‍රාථමික හෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ අධ්‍යාපන තලයකට යොමුවී ඇත්නම් දරුවාගේ මානසිකමය දියුණුව සමඟ බද්ධ වූ දරා ගැනීමේ කුසලතාවය...
2020-07-30 18:30:00
මේ පොළෝතලයේ ජන්මය ලැබූ සියලුම දෙනාට භූමිලාභ හිමි බව ඔබ දන්නෙ නැහැ. එම නිසා ඔබේ හිමිකාරිත්වය ඔබට නැති වී යනවා. වර්ෂ 2020/2021 මැණික් /නිදන් මතුකරන...
2020-07-23 18:30:00
මන්ත්‍ර කර්මය සඳහා ආසන කිහිප ආකාරයකින් සකස්කර ගනී. එහෙත් ආධුනිකයන්ට පහසුක්‍රම කිහිපයක් මේ සමඟ ඉදිරිපත් කරමි. මල් තටුව මල් බුලත් පුටුව, ඇදැති පුටුව,...
2020-07-16 18:30:00
ඔබ අලුතින්ම නිවසක් ඉදිකිරීමට සූදානම් වන්නේ නම් ඔබේ කේන්ද්‍රය දක්ෂ වාස්තු විද්යාවේදියෙකු ලවා පරීක්ෂා කර ගන්න. එය ඔබට ඉතාම වාසිදායක හා ධනාත්මක...
2020-07-09 19:30:00
හස්ත රේඛා ශාස්ත්‍රය වූ කලී අත්ලේ පිහිටන රේඛා ගැන පමණක් නොව අංගුලිකා, නිය, පිටි අත්ල ආදි සියලුදේ පිළිබඳ අධ්‍යයනය කර ප්‍රතිඵල පැවසීමේ ක්‍රමවේදය කි....
2020-07-02 18:30:00
2020 ජුනි 30 ගුරු හෙවත් බ්‍රහස්පති ස්වකීය ස්වක්ෂේත්ර රාශියක් වන ධනු රාශියට පිවිසුනි. ගුරු හිරුට පමණක් දෙවැනි වේ. සෑම දෙයක්ම පතුරුවන විශාල කරන...
2020-07-02 18:30:00
රවිට :– පද්මරාග මැණික් රනින් නෙළුම් මලක්, රත්රන්, රතුරෙදි, තිරිඟු වලින් සාදන කෑම පරිප්පු, සීනි, වසුපැටියා සමඟ එළදෙනක්, රත්හඳුන් නෙළුම් මල් ( රතු ඉතා...
2020-06-25 18:30:00
පුද්ගලයෙකුගේ ජීවිතයේ සිදු කරනු ලබන පින්පව් පෙන්නුම් කරනු ලබන්නේ 9 වැන්නේ සිටින ග්‍රහයන් හා එහි අධිපතියා විසිනි. එමෙන්ම පුද්ගලයාගේ සසර...
2020-06-25 18:30:00
කේන්දරයක ත්‍රිකෝණ ස්ථානයක් වන 5 අධිපතියන් දුෂ්ට ස්ථානයක වන 6 අධිපතියන් යෝගවීමෙන් ගොඩනැගෙන මෙකී යෝග විශේෂය යම් ජන්මපත්රයක වේද? එකී ජන්ම පත්‍රය...
2020-06-25 18:30:00
ඡ්‍යොතිර් විද්‍යාවට අනුව සත්ව ලෝකය පාලනය කරනු ලබන්නේ භෞතික සහ ආධ්‍යාත්මික පරමාර්ථ මගිනි. භෞතික පරමාර්ථ යනු ඇසට පෙනෙන, කනට ඇසෙන, ස්පර්ශයට හසුවන දේවල්...
2020-06-25 18:30:00
ඕනෑම ජන්මියෙකුට තම ජීවිතය සැළකීමේදී ඒකාකාරීව පවත්වාගෙන යා නොහැකි ය. එය එසේ සිදු වන්නේ ද නැත. ජන්මීය ජීවිතවලට ඡ්‍යොතිෂය සහ සම්බන්ධ වන කල්හි, රවි...
2020-06-18 18:30:00
පෙරුම් පුරා වසර ගණනාවක් පෙම් දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොදුරුතම කඩ ඉම,...
2020-06-11 18:30:00