වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත, වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත” යන සුභාෂිත පද පෙළෙහි දැක්වෙන පරිදි, අප මෙලොව එළිය දකින විට මොනයම් හෝ කුසලතාවයක්...
2020-06-11 18:30:00
රාහු කේතු ග්‍රහතරු නොවේ. සඳු පෘථීවිය වටේ යන ගමනේදී පෘථිවිය සූර්යයා වටේ යන ගමන් මාර්ගය සඳුගේ දික් කල නිරක්ෂයෙන් කැපෙන ස්ථානය යයි කියති.ඡ්‍යොතිශ්...
2020-03-12 18:30:00
මිනිසාගේ ඉපදීමත් සමඟ මරණයද ඔහු රැගෙන එන්නේ ය. මරණයෙන් මිදෙන්නට මිනිසාටද නොහැකි ය. මිනිස් සතාද ඉපදීමත් සමඟ මරණය රැගෙන එන්නේ ය.මානවයාගේ උපතත් මරණයත්...
2020-03-05 18:30:00
කිසියම්ම ප්‍රතිකර්මයක් කිරීමට හෝ කරවා ගැනීමට පෙර ඒ ගැන පුංචියට හෝ දැනීමක් වටහාගැනීමක් තිබුණොත් නේද වටින්නේ. පුංචි කාලේ අපට කුමන හෝ රෝගයක් හැදුනාම අපේ...
2020-03-05 18:30:00
දිනූෂා තිස් තුන් වැනි වියට පැමිණි තෙක්ම විවාහයට පත් නොවූවා ය. මෙම අවදිය වන තෙක්ම ගෙනෙන ලද විවාහ යෝජනා රැසකි. ඒ එකක් හෝ පල දැරීමක් නොවී ය. ප්‍රමාදය...
2020-02-27 18:30:00
විවාහය පිළිබඳ මාතෘකාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී වර්තමානයේ මේ හා බැඳුණු ගැටලු රැසකි. ඒ අතරින් සමාජයේ විවාහ අපේක්ෂිත එක් පිරිසක් වයසත් සමගින්...
2020-02-27 18:30:00
පෙරුම් පුරා වසර ගණනාවක් පෙම්දම් පුරා හෝ යෝජනාවක් මත හෝ එක වහලක් යටට නික්ම යන යුවතිපතීන්ගේ සොඳුරු කැදැල්ල එසේත් නැතිනම් ජීවිතයේ සොඳුරුතම කඩඉම,...
2020-02-20 18:30:00
චන්ද්‍රයාත් රාහුත් කේන්ද්‍රයේ ලං ලංව යෙදීම සඳු චණ්ඩාල යෝගයයි. මෙම යෝගයෙන් උපන් තැනැත්තා හදිසි තීරණ මත කටයුතු කරන අයෙක් වනු ඇත.යමෙක් මෙලොව බිහිවන...
2020-02-20 18:30:00
අප රටේ කොයිකවුරුත් අතේ පයේ තුනටියේ වේදනාවක් දැනෙන විට එහෙමත් නැතිනම් ඊයේ ශරීරයේ වේදනා දුන් ස්ථානය අද අතහැරී වෙනත් ස්ථානයක වේදනාව දැනෙන විට පොදුවේ ‘...
2020-02-13 18:30:00
වාස්තු විද්‍යාවට අනුව ගේ දොර ආදී භූමිගත වස්තූන්ට බලපාන ප්‍රබල දෝෂ භංග කිරීමට සමත්වන ප්‍රබලම ශාන්ති කර්මයක් වන කිරි ඉතිරවීමේ මංගල්‍යය (1) අභිනව නිවසක්...
2020-02-13 18:30:00
ඇදුම රෝගය ශ්‍රී ලංකාවේ ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කාර්මීකරණය වන රටවල කාලීන රෝගයක් බවට පත් වී ඇත.කර්මාන්තශාලා බිහිවීමත් සමඟ...
2020-02-06 18:30:00
දියුණුවන පින්වත් දරුවන් සඳහා ගුරු, ශුක්‍ර, චන්ද්‍ර හා සුභදායි බුධ 2,5,11 නිවේදකයෙකු වී හෝ 5 වැනි භාව ස්ඵුටයේ පාලක ග්රහයෙකු වී පලදායි රාශිවලට සහභාව...
2020-02-06 18:30:00
නව යොවුන්විය බෙහෙවින් පී‍්‍රතිමත් ය. කෙළිලොල් ය. තරුණ සිත් පිරිසුදුය. ගත ක්‍රියාශීලි ය.මේ නිසා ඉතාම ළාබාල වියේ සිටම රූපලාවණ්‍යාගාර වලින් ෆේෂල් කිරීමට...
2020-01-30 18:30:00
වසර තිහක් ජීවත් වන පුද්ගලයකුට ලග්න – ජන්ම –අෂ්ටම හා චන්ද්‍රාෂ්ටම ආදී ඒරාෂ්ටක සතරකට මුහුණදීමට සිදුවේ.ඊට අමතරව මාරක – බාධක ජන්ම කේන්දරයේ අටවැන්නාධිපති...
2020-01-30 18:30:00
ඕනෑම පුද්ගලයකුගේ අත්ල සටහනක් ගත් විට එහි ජීවන රේඛාව , හෘදය රේඛාව, ශීර්ෂ රේඛාව සෑමවිටමද දෛව රේඛාව බොහෝවිටද දක්නට ඇත. මේවා නොමැති වනුයේ ඉතාමත්...
2020-01-16 18:30:00
දුර්වල මානසික තත්ත්වයකට බොහෝ දෙනකු පත්ව සිටින්නේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ගැටලුවලට මුහුණදීමට තරම් ප්‍රබල ආත්ම ශක්තියක් නොමැතිවීම බව බටහිර මනෝ විද්...
2020-01-16 18:30:00