වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
අපේ දේශීය සාම්ප්‍රදායික විවාහයට පෙර සූදානම් වීමේදී සමහර පුද්ගලයින් සතුව කේන්ද්‍රයක් නොමැති නම් දෙදෙනාගේම ගැලපීම් පහසුවෙන් දැන ගත හැකි ඉතාම...
2020-09-03 18:30:00
පුද්ගලයෙකුගේ ශරීරයෙහි සංවේදී අවයවයන් අතර දෙතොල් ද වැදගත් වෙයි. එහෙත් එහි පිහිටීම වැදගත් වන්නේ ජනක තත්වය අනුවය. වර්තමානයේ නම් කාන්තාවන්ගේ දෙතොල්වල...
2020-09-03 18:30:00
වර්තමාන සමාජය තුළ විවාහයන් අවුල් වූ අය අපට ඕන තරම් හමු වී ඇත. ඊට හේතු එන සමාජ විද්‍යාත්මක කරුණු බොහෝ ය. ඊට අමතරව හස්ත රේඛා සළකුණු අනුව ඊට හේතු...
2020-09-03 18:30:00
තාරකා රාශි චක්‍රයේ 8 වන තාරකා රාශියයි. දක්ෂිණ අර්ධ ගෝල අහසේ යෝධ ප්‍රශ්නාර්ථ සලකුණක් ලෙස දිස් වන මෙම තාරකා රාශිය තුළින් ක්ෂීරපථයේ එක දඟර බාහුවක් (...
2020-09-03 18:30:00
නුවණැති මැදහතුන් - නොපත් සම මැදට පත් වූ දනෝ අඳුරු ගෙය තුළ වැද - අන්තැබු වඩු සොයනුයෝ වෙත් නැණවත් මධ්‍යස්ථයන් නොමැති සබාවට පැමිණි මිනිසුන්...
2020-08-27 18:30:00
අලුතින් නිෂ්පාදන කර්මාන්ත සහ වාණිජ ව්‍යාපාර ආරම්භ කිරීමට අදහස් කරන ව්‍යවසායකයන් බොහෝවිට අසන ප්රශ්නයකි කුමන ආකාරයේ ව්‍යාපාරයක් තෝරාගත යුතුද? යන්න....
2020-08-20 18:30:00
අහස් සිතියමේ සනිටුහන්වන ග්‍රහයින් අතර සුවිශේෂී තැනක් හිමි වී ඇත්තේ කුජ (අඟහරු)ටයි. විශේෂයෙන් රුධිරය එඩිතරකම, ඉදිරිපත්වීම, ප්රචණ්ඩත්වය නිවේදනය කරනු...
2020-08-20 18:30:00
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. මැතිවරණයෙන් ජය ලැබූ අය ද, පරාජය වූවෝ ද වෙති. දේශපාලන නායකත්වය ලැබීමට නම් එයට බලය දෙන ග්‍රහයෝග ජන්ම පත්‍රයේ පිහිටා...
2020-08-20 18:30:00
තාරකා රාශි චක්‍රයේ 7 වන තාරකා රාශිය ලෙස සැලකෙන මෙම තාරකා රාශිය ‘තුලා’ යනුවෙන් හැඳින්වෙන්නේ තරාදියක හැඩයක් ඉන් නිරූපණය කරන බැවිනි. අඳුරු තාරකා රාශියක්...
2020-08-20 18:30:00
මුහුණේ ලස්සන පිළිබඳව ඇහි බැම ද වැදගත් තැනක් ගනියි. මේ නිසා අද ඇතැම් කාන්තාවෝ ඇහිබැම කෘත්‍රිම ද්‍රව්‍ය ඇසුරෙන් සකස් කර ගනිති. ඇහි බැම සිහිනියට දිගටියට...
2020-08-13 18:30:00
රවිගේ සුපල දශාව සුවඳ, ඇත් දත්, දිවි සම්, දිවි නියපොතු, රන් සුල්දැල් ලබයි. රජුගෙන්, යුධයෙන්, නපුරු අයගෙන් වාසි පැමිණේ. බියක් සිතේ නැත. ධෛර්ය ඇත....
2020-08-13 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යාව අනුව බන්ධුස්ථානය ගෘහස්ථානය මාතෘස්ථානය සුබස්ථානය ආදී නම්වලින් හඳුන්වන කේන්ද්‍රයේ සිව්වැනි භාවයෙන් මේ පිළිබඳව දැනගත හැකි ය. එනම්...
2020-08-13 18:30:00
ඔබ ලියන අකුරුවල විවිධත්වයක් ඇත. එසේම විවිධ රටාවලට ලිවිය හැකි ය. සිතා මතා ලියන විට පැහැදිලිව ඇත. ඉක්මණින් කෝපයෙන්, බියසුළු වීමෙන් සතුටින් ආදරයෙන් ලියන...
2020-08-13 18:30:00
තාරකා රාශි චක්‍රයේ 6 වන තාරකා රාශිය වන මෙය, කන්‍යාවකගේ රුවක් නිරූපණය කරන බැවින් ලතින් නාම වරනැගීමට අනුව Virgo යනුවෙන් හැඳින්වෙයි. සෑම...
2020-08-13 18:30:00
පුන්‍යස්ථානය, භාග්‍යස්ථානය, තපස්ථානය , ශුභස්ථානය , ගුරු ස්ථානය ආදී නම්වලින් හැඳින්වෙන කේන්ද්‍රයේ නව වන කොටුවෙන් හෙළිවන්නේ ඔබේ ජීවිතයට භාග්‍ය හෝ අභාග්...
2020-08-06 18:30:00
තාරකා රාශි චක්‍රයට (Zodiac) අයත් 5 වැනි තාරකා රාශියයි. මෙම තාරකා රාශියට බටහිරින් කටක (Cancer) තාරකා රාශියත්, නැගෙනහිරින් කන්‍යා (Virgo) තාරකා රාශියත්...
2020-08-06 18:30:00