වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
බලියන වචනයෙහි මූලික අර්ථය පූජාව යන්නය . එහෙත් අද එම වචනය මැටියෙන් අඹන ලද රූප හැඳින්වීම සඳහාද යොදනු ලැබේ. ග්‍රහ දෙවියන්ගෙන් සිදුවෙතැයි කියන අපල උපද්...
2020-11-26 18:30:00
උත්පන්න දශා –පරාසර ඍෂිවරයා විසින් ඉදිරිපත් කළ 14 වැනි දශාවයි.උත්පාත – 1 ෂෂ්ට්යාංශකයේ 43 අශුභ. 2. ආනන්දාදී අටවිසි මහා යෝග අතරින් 16 යෝගයඋතුර – එනම්...
2020-11-26 18:30:00
ස්ත්‍රියක හෝ වේවා පුරුෂයෙකු හෝ වේවා ගමනේ විලාසය ඇයගේ ද ඔහුගේ ද චරිතය කියාපාන කදිම සාධකයකි.සමහර කාන්තාවන් ගමන් කරන ආකාරය බලන විට ඉතා අශෝභනය. මුළු ඇඟම...
2020-11-26 18:30:00
මෙය පැළඳ ගැනීම තුළින් තමාට වඩා උසස් අය හා රාජ්‍ය පාලකයන්ද ප්රභූවරුන්ද තමාට වසඟවීම,නම්‍යශීලිවීම, තම අදහස අනුමත කිරීම, එකඟවීම , තම බස පිළිගැනීම හා ලාභ...
2020-11-26 18:30:00
දක්ෂිණායනය හේමන්ත ඍතුවෙහි වෘශ්චික රවි 05 භාග ඉල්මහේ පුර සැටවක තිථියලත් කිවිදින මකර රාශිය මකර නවාංශකය උතුරුසල දෙවන පාදය ආශි‍්‍රතව 2020 ක්වූ නොවැම්බර්...
2020-11-19 18:30:00
මේෂ ලග්නයමේෂ ලග්නය + වෘෂභ,මේෂ මිථුන නවාංශකයක නම් අඟහරු (කුජ) 22 වැනි දෙර්කාණාධිපති කටක, සිංහ, කන්‍යා – ගුරු (බ්‍රහස්පති) තුලා,වෘශ්චික, ධනු සඳු (චන්ද්...
2020-11-19 18:30:00
සඳු ලග්නාධිපතිගෙන් අපේ සිටියොත් සඳු සිටි රාශියෙහි වක්‍ර ග්‍රහයෙක් සිටියොත් රෝගියා විකාරකාරයකි. අට අධිපති ලග්නාධිපති අටේ හිටියොතින් (සම්බන්ධ නම් පමණක්...
2020-11-19 18:30:00
මහා භාරතීය මුනිවරුන් විසින් ස්ත්‍රී දේහ ලක්ෂණ විද්‍යාව ලොවට හඳුන්වා දී තිබේ.පැරණි බමුණු සමාජීය සබඳතාවලදී විශේෂයෙන්ම කාන්තාවකගේ හැඩරුව ගැන මුල්තැනක්...
2020-11-19 18:30:00
සඳු ශුක්‍ර යහපත් නම් විවාහයට යහපත් ය. ග්‍රහයන් දෙදෙනාම ස්ත්‍රී ග්‍රහයින් නිසා තවත් හොඳ ය. බුධ ශුක්‍ර යහපත් නැත. පැති දෙකකය. ශුක්‍ර ගුරු ද විවාහයට...
2020-11-12 18:30:00
කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයාට විශේෂ තැනක් හිමි වේ. ඵලාඵල කථනයේදීත්, නැකැත් සෑදීමේදීත් මෙම ග්‍රහයා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.22 වන...
2020-11-05 18:30:00
කේන්දරයක යටකී අශුභ යෝගයක් සමඟ ලග්නයත්, ලග්නාධිපතිත් සඳුත්, ධන භාවයන් දෙකක් වන දෙවැන්න සහ 11 වැන්නත්, එහි අධිපතියනුත් ධන කාරක, සෞභාග්‍ය කාරක, පෙරපින්...
2020-10-29 18:30:00
මෙරට පිරිමින්ගෙන් බොහෝ දෙනකු මත්පැන් පානයට අවතීර්ණ වී සිටින හෙයින් යුගදිවියට එළැඹීමට පෙර ඒ් පිළිබඳව වැඩි අවදානයක් යොමු කළ යුතුව ඇත.තමාගේ සහකරු...
2020-10-29 18:30:00
ජම්ම පත්‍රයක 6 වැන්න නිරෝගිභාවය කෙරෙහි බලය පවත්වන ස්ථානයයි. 8 වැන්න මරණයේ ස්වභාවය පෙන්වයි. රවි, කුජ, සඳු, හදිසි මරණ ගෙන දෙති. ශනි,රාහු, කේතු විඳ විඳ...
2020-10-29 18:30:00
දාරක සම්පත් හිමිකර ගැනීමට වාසනාව තිබේ ද යන්න කේන්ද්‍රයේ 5 වැන්න උපකාරක වේ. සමහර විට දරු සම්පත් අහිමිවීමට සැමියාගේ සරු බීජ ඍණ තත්වයේ තිබීම හේතු කාරක...
2020-10-29 18:30:00
විවාහය පුද්ගලයෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සඳහන් කළ හැකිය. එය පුද්ගලයෙකුගේ ඉපදීමත්, මරණයත් යන සිදුවීම් දෙක අතර ජීවිතයේ සිදුවන ඉතාම...
2020-10-15 18:30:00
ඔබේ ජන්ම පත්‍රයෙත් යෝග ඇති බව මට විශ්වාසයි. එහෙනම් ජන්ම පත්‍රයක් ඇති හැමදෙනාම ඡ්‍යොතිෂ්‍ය විශ්වාස කරන හැම කෙනෙක්ම යෝග ගැන සාමාන්‍ය දැනුමක්...
2020-10-08 18:30:00