වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අත් අකුරු පවසන ඵලාපල
මැයි 31, 2019
ලොකු අකුරු ලියන අය බෙහෙවින් වියදම් කිරීම මෙන්ම අන්‍යයන්ට ධන ධාන්‍ය මුදල් ආදිය ලෝබ නැතිව පරිත්‍යාග කිරීමද ඉතාමත් ඉටුකරන්නෝ ය. රූල් නැති කඩදාසියේ ලිවීමේ දී බොහෝ අයට පේළි එකම ක්‍රමයකට ලිවීමට අපොහොසත් ය.
“එයාගේ අත් අකුරින් නම් පෙනෙන්නේ ලෝභයෙක් වගේ. මේ අත් අකුරින් නම් පෙනෙන්නේ ලෝබ නැති කෙනෙක්නේ.” මෙලෙස විවිධ කතා පැවසෙන්නේ මේ අත් අකුරු පිළිබඳ දන්නා දක්ෂයෙක් නොවෙන්නට ද විය හැකි ය. එහෙත් අත් අකුරු ස්වරූපය අනුව එලෙස නිගමනය කිරීමට ඇතැමුන් ඉදිරිපත් වන මෙම අත් අකුරු පිළිබඳ බොහෝ අය මනා සෙවිල්ලෙන් මෙන්ම සියුම් ලෙස හෝ ඒ අය අත්අකුරු පිළිබඳ යමක් දන්නවා යන්න නොවේද?
මෙයින් පෙනී යන්නේ අත් අකුරු විද්‍යාව කෙරේ දැනුම නොවූවට අත් අකුරු නිතර දැකීම මෙන්ම ඒ අය ඇසුරින් ඒ අයගේ ගුණ දක්නට ලැබී පැවසෙනවාද යන්න අපට හැඟී යයි.
එය කෙසේ වුවද අත් අකුරු විද්‍යාවේදී අකුරු හැඩය, ලිවීමේදී පේළිය ඇදවීම, කෙළින් ලලියවීම මෙන්ම විවිධ සැඟවුන තොරතුරු විද්‍යාමානවීම විමසා බලමු. එවැන්නක් විමසීමේදී සෙවිය යුතු විවිධ දේ රාශියකි.කෙනෙකු ලිවීම කරන අවස්ථාවේ වචන අතර, පේලි අතර ඉඩ තැබීමේ පිළිවෙල කඩදාසියේ දෙපැත්ත හිස් තීරු තබන අන්දම අකුර පැත්තට නැමීම ආදිය අකුරක කලාත්මක බවද දක්නට ලැබිය හැකි ය.
මගේ මෙම උත්සාහය එක් එක් අයගේ අකුරු ගෙන විමසා ප්‍රතිඵල විග්‍රහයක් කිරීම නොවේ. අත් අකුරු විද්‍යාව අනුව මූලික කරුණු කීපයක් අවධානයට යොමු කිරීම පමණි.
අරපරිස්සමින් කටයුතු කරන අය මෙන්ම ඉතිරිකිරීමේ අදහස තිබෙන අය පේළි අතර පරතරය ඉතා අඩුව තබයි. දෙපැත්තකින් එක පැත්තක හිස් තීරුවක් ලිවීමට පාව්චිචි කිරීම නිරායාසයෙන්ම ඇතිවේ.
අකුරු ඉතා කුඩාවට ලියන අය එක්තරා තත්ත්වයකට ලෝබ බවද දක්නට ලැබේ. එහෙත් සමහර අය කඩදාසිය ඉතුරු කලාට මුදල් ලැබුණ අවස්ථාවලදී මුදල් වියදම් කරන්නේ උපයන වේගයටද අඩුවය. මෙවැන්නෙක් කෙනෙකුගෙන් යමක් ඉල්ලා ගැනීම මෙන්ම ණය ගෙවීමට අකමැති බවද බොහෝ විට දක්නට ලැබිය හැකි ය.
ලොකු අකුරු ලියන අය බෙහෙවින් වියදම් කිරීම මෙන්ම අන්‍යයන්ට ධන ධාන්‍ය මුදල් ආදිය ලෝබ නැතිව පරිත්‍යාග කිරීමද ඉතාමත් ඉටුකරන්නෝ ය. රූල් නැති කඩදාසියේ ලිවීමේ දී බොහෝ අයට පේළි එකම ක්‍රමයකට ලිවීමට අපොහොසත් ය. මෙයින් පෙනී යන්නේ එවැන්නෝ ක්‍රමානුකූලව සියුම් වැඩ කිරීමේ අදක්ෂ අය බවය.
බොහෝ විට වැඩි ප්‍රමාණයක් පේළි නියමලෙස එක පේළියට ලියන අය බොහෝවිට ලිවීමේ දැනීමේ දක්ෂ අය වෙති. මේ අය ලිවීමේ දී පේළිය එක් පැත්තකින් පහළට යයි නම් එය අයහපත් ය.
රවුම් අකුරු ලිවීමේ දක්ෂ අය තේරුම් ගැනීමටද පහසු අය වේ. මේ අය අන්‍යයන්ට විවිධ කාර්යයන්හිදී තැනදී කටයුතු කරයි. එනම් එක සංයමයකින් කටයුතු කරන අතර කෙනෙකු සමාජීය වශයෙන් සමගිව යාමට සිතන නිසා ය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
රත්නදේශපි‍්‍රය
අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
සුන්දර කාන්තාවන් තමන්ගේ ජීවිතයේ අවසන් අර්ධයේ දී ඉතාමත් සැපවත් දිවි පෙවෙතකට හිමිකම් කියන්නේද, බොහොම ධන ධාන්‍ය ලබන්නේ ද තම පවුල් සංස්ථාවේ ශි්රයා...
2021-06-17 18:30:00
පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම, යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණ එළඹීමට පහසුතාවක් ඇති...
2021-06-10 18:30:00
වාත, පිත්ත, කඵ යන ත්‍රිදෝෂ හෙවත් තුන්දොස් ද ,රස, රක්ත, මාංස, මේදස්, අස්ථි, මජ්ජා, ශුක්‍ර යන 7, සප්තධාතු ලෙස ද ස්වේද, මුත්‍ර සහ පුරිෂ යන ත්‍රිමල ලෙස ද...
2021-06-03 18:30:00
පොල්තෙල් භාවිතයට අද බොහෝ අය බියවනුයේ තෙල් සම්බන්ධ වන ගැටලු නිසාමයි. හෘදය වස්තුවේ රෝගවලට පොල්තෙල් අගුණ බවත්, එසේම අධිමේදතාවය වැනි රෝග බහුල වන බවටත් මත...
2021-05-27 18:30:00
ග්‍රහයෝ මඟින් විවිධ දෑ නිවේදනය කෙරෙති. උදාහරණයක් වශයෙන් රවි හෙවත් සූර්යයා මඟින් පියා, රාජ්‍යය, ඊශ්වර දෙවියන්, පද්මරාග මැණික, අහස්යානය, නිකල් ලෝහය....
2021-05-27 18:30:00
ප්‍ර : අපේ හාමුදුරුවනේ මෙවර ඉතා භයානක වසංගත රෝගයක් පවතින විටකයි අපට මේ තෙමඟුල සැමරීමට සිදුවී තිබෙන්නේ. එය අප කරගන්නේ කෙසේද?පි : ඔව් අපි තෙමඟුල සමරන...
2021-05-20 18:30:00
දෙමාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා දෙමාපියන් මොනතරම් වෙහෙසක් කැප කිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන...
2021-05-20 18:30:00
රවි පස්වැන්නේ යෙදී සෙනසුරු දෙවැන්නේ සිටි විට දීර්ඝායුෂ භුක්ති විඳියි. නමුත් යම් යම් රෝගයන් නිසා පීඩාවට ලක්වේ. පියා සමඟ ඇති බැඳීම අඩු කරන අතර දරුවන්ට...
2021-05-13 18:30:00
විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ සුන්දර අවස්ථාවකි. එය කෙනකුට රෝස මල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයකුට එය කටු පඳුරුවලින් පිරුණ වන වදුලක් සේ...
2021-05-13 18:30:00
ග්‍රහ ලොවේ ප්‍රමුඛයා වන්නේ රවි හෙවත් හිරුය. ලෝකයේ ජීවය හා පැවැත්ම හිරු මත රඳාපවතියි. කේන්ද්‍රයක හිරුගේ තැන්පත්වීම ජීවිතය පිළිබඳ කියාපාන කැඩපත වේ....
2021-05-06 18:30:00
ආරෝග්‍යා පරමාලාභා – සන්තෘෂ්ටි පරමං ධනංවිශ්වාසා පරමා ඥාතී – නිබ්බානං පරමං සුඛංනිරෝගිකම තරම් ලොකු ලාභයක්, සතුට තරම් ලොකු ධනයක්, විශ්වාසකම තරම් ලොකු...
2021-04-29 18:30:00
අප ජීවත්වන සමාජය දෙස බැලීමේ දී කෙනෙකු දිළිඳු දුෂ්කරතාවලින් පිරුණු ජීවිතයක් ගත කරන අතර තව කෙනෙක් ධනයෙන් මෙන්ම ගුණ නැණින් ද යුතුව වැදගත් අය වශයෙන් දිවි...
2021-04-22 18:30:00
විවාහයට අතිශයින්ම බලපෑම් කරන බව කියැවෙන භෞම දෝෂය යනුවෙන් හඳුන්වනුයේ කුජ හෙවත් අඟහරු දෝෂයයි. කුජ ස්ත්‍රී පුරුෂ කේන්ද්‍රවල පිහිටි ආකාරය අනුව මෙම යෝගය...
2021-04-22 18:30:00
අසනීප ගතියක් හැරුණු විට අපි කවුරුත්ම මද උණුසුම් වතුර බොන්න කැමති නැහැ. ඒකට හේතුව තමයි අපි සිසිල් ජලය පානයට නිරන්තරයෙන්ම හුරු වී සිටීම. උණු වතුර...
2021-04-22 18:30:00
ජන ක්රීඩාඅතීතයේ පැරණි ගම්වල කතුරු ඔංචිල්ලා හා තනි ඔංචිල්ලා යනුවෙන් දෙවර්ගයක් තිබුණත් වර්තමානයේ දැකිය හැක්කේ තනි ඔංචිල්ලා ක්‍රීඩාවකි. කතුරු...
2021-04-08 18:30:00
අපේ මේ මිනිස් දිවියේ ඉතා වැදගත් සන්ධිස්ථානය ලෙස විවාහය හඳුන්වා දිය හැකි ය. මව්කුසින් ද විවාහය තුළින් ද අප කවුරුත් දෙවරක් ඉපදෙන බව සෘෂිමුණි භාෂිතයකි....
2021-04-01 18:30:00