2022 ඡ්‍යොතිෂ විත්ති

ජනවාරි 7, 2022

ලෝකයේ ඕනෑම දෙයක් අනාගතය වෙනුවෙන් පවසන කිසිම විටෙකදී අතීතයට සාපේක්ෂව සම්බන්ධ කර ගන්නා එක සිරිතක්. අප ජීවත්වන ලෝකයේ නැත්නම් විශ්වයේ කවුරු කවදා නිර්මාණය කළාද කියල ස්ථිරයෙන්ම කියන්න කෙනෙක් තවම නැහැ. එකිනෙකාගේ දැනුම් සම්භාරය අනුව එක එක අදහස් ප්‍රකාශ කළත් ඊට වැඩි දැනුම ඇති කෙනා එම අදහස සනාථ කිරීමේ කරුණු සමඟ පැවසුවාම ඒක පිළිගන්නවා.

 

නමුත් මේ කිසිවක් පියවි ඇසට දුටු කෙනෙක් තවම නැති බවයි හැඟෙන්නේ. විශ්වයේ නිර්මාණ මහබඹා ඇති කළා. විෂ්ණු රකිනවා. ඊශ්වරයා නැති කරනවා. තවත් කෙටියෙන් කිව්වොත් ඇතිවනවා, පවතිනවා නැතිවනවා. ඒ අතරතුර දෙපැත්තකට මැදිවි ජීවත්වන මිනිසා ජීවිතය කියන එක තදින් අල්ලාගෙන දෙපැත්තෙන්ම කරදර විඳගෙන ඉදිරියට යනවා. එනම් ජීවත් වනවා හරියට කකුළුවා දියහැලියේ නටනවා වගේ. කොච්චර තදින් අල්ලාගෙන ඉන්නවද කිව්වොත් අප නොහිතන ඕනෑම වේලාවක මරණය එන බවත් දැන දැනම එකතු කරනවා. නමුත් ගෙනියන දෙයකුත් නැහැ. ඒ මනුෂ්‍ය ගතිය, තාක්ෂණය දියුණු වුණාට මානසිකව කිසිම දියුණුවක් නැහැ.

සත්වයාට ජීවත්වන්න උපකාරි වන අත්‍යාවශ්‍යම කරුණු ත්‍රිත්වය තමයි වාතය, ජලය සහ ආහාර මේවා ලැබෙන්නෙ කාගෙන්ද, කොහෙන්ද, කොහොමද කියලා. ටිකක් බැලුවොත් වටිනවා .මේ සියල්ලම ලැබෙන්නේ ස්වභාවධර්මයා තුළින් නැතිනම් විශ්වය තුළින්.

මේ විශ්ව ශක්තිය ගැන ටිකක් හෝ කිසියම් දැනීමක් ඇති කර ගත්තොත් ඒක අපේ ජීවිතවලට ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන් නියම ඡ්‍යෝතිෂයෙන් පැහැදිලි කරන්නෙත් ඒකමයි.

ඕනෑම දෙයක් පවත්වාගෙන යාමට ශක්තියක් ඕනවනවා. අපි ජීවත්වන්නෙ විශ්වය තුළ නිසා අපටත් ශක්තිය අත්‍යවශ්‍ය වනවා. එනම් විශ්ව ශක්තියයි. විශ්ව ශක්තිය උත්පාදනය වන්නේ කොහොමද . ඒක අපිට බලපාන්නෙ කොහොමද? ශරීරයට දැනුණත් පියවි ඇසට නොපෙනෙන මේ ශක්තිය ටිකක් සංකීර්ණ වුණත් ටිකක්වත් අවබෝධ කර ගත්තොත් වඩා වටිනවා. ඕනෑම බඹරයක් , කිරණයක්, ජල පහරක් ස්වකීය හැකියාව පිටතට විහිඳවන කොට ශක්තියක් ඇති කරනවා. ඒක තව කිරණයකට වැදුණාම නැත්නම් සම්බන්ධ උනාම ඝටකයක් එහෙමත් නැත්නම් සංයෝගයක් හෝ සංයුතියක් හදනවා. හොඳට වන්නත් පුළුවන් නරකට වන්නත් පුළුවන්. ඒ වගේම ලෝකයේ පැවැත්මට විශ්වයේ කිරණ තම කක්ෂය වටාත් අනිත් ග්‍රහලෝක වටාත් වේගයෙන් භ්‍රමනය වෙමින් පවතිනනවා. මේක ඡ්‍යොතිෂයේ මෙහෙම විස්තර කරනවා. රවි නැත්නම් සූර්යයා වටේ මේ ග්‍රහලෝක නමය වේගයෙන් කැරකෙනවා. ඒ කැරකෙන හැම වේලාවකම ඉන් රශ්මියක් සමඟ ශක්තියක් ඇති කරනවා. ඒ රශ්මි හා ශක්තිය තව එකක ගැටුණ විගස ප්‍රතිඵලය ඇති කරනවා. එම ගැටීම යහපත් ලෙසද අයහපත් ලෙසද වදිනවා. යම් හෙයකින් යහපත් ලෙස වැදුණ කිරණ “මිතුරු හෝ උච්ච” ලෙසටත් අයහපත් ලෙස වැදුණු කිරණ ‘හතුරු හෝ නීච” ලෙසටත් සලකනවා. මේ හැම කිරණයක්ම ග්‍රහලෝක 9 කට අයිති වනවා.

කිරණ යුගලයකට එක් ග්‍රහලෝකයක් මඟිනුත් සිංහ හා කටක රාශින්වලට එක ග්‍රහලෝකයක් හැටියටත් අයිති වන බව ඡ්‍යෝතිෂයේ පැහැදිලි වනවා. රාශින් 12 ග්‍රහයින් 07 යි. අසුරේන්ද්‍ර නැත්නම් ඡායා ග්‍රහයින් 02 යි. චන්ද්‍රයා ද එක තැනක ඡායා ග්‍රහයෙක් කියලා හඟවන බවත් මම දැක තියෙනවා. ඒක වෙනම අර්ථයක්.

2021 වර්ෂයේ බොහෝ නිවැරදි පලාපල කිව්වේ 2020 ට සාපේක්ෂව කරුණු විශ්ලේශනය කරලා. පලාඵලය විතරක් නොවේ. රාශි ප්‍රභේද, ග්‍රහ ප්‍රභේද වැනි ඡ්‍යෝතිෂ කරුණුූත් එකිනෙක ගලපා හා සලකා බලලා. ඒ අයුරින් 2022 වර්ෂය ගැනත් අපි දැනගත යුතු කරුණූු බොහෝයි.

මේ වසර 2022 පසුගිය වර්ෂයට වඩා යහපත් වනවා. 2021 වසර ශිව දේවතාවන්ට අයත් ජලව සංවත්සරය වුණා. ශිව දේවතා ගැන අහල තිබෙනවනේ. මේ වසර ඒ කිව්වේ 2022 ආරම්භ වන්නෙ වභ්නි නම් දේවතාධිපතිට අයිති ශුභකෘත් සංවත්සරය නමින්. එහෙනම් යහපත් වැඩකාර වසරක් කියලා හැඟෙනවා. එහෙනම් බොහෝ කාර්යයන් ධනාත්මක ස්වරූපයක් ගන්නවා. මේ විස්තර හැම දෙනාටම කුමන හෝ අයුරකින් කිසියම් ප්‍රයෝජනයක් වේවි. 2021 වර්ෂය ආරම්භ කළේ ධනු රාශියේ රවි ගෝචරය වෙලා බුධ පැයෙන්. මෙවර වසර ආරම්භ කළේ ධනු රාශියේ රවි සිකුරු ගෝචරයි වෙලා. බුධ ට අයත් දෙට නැකතින්. ගියවර මීනයට අයත් ධනස්ථානයේ සෙනසුරු ගෝචරය වුණ නිසා හරි හම්බ කළ ධනය සීඝ්‍රව වැය කරන්න අවස්ථාව උදා වුණා. අනික යෝග වූ සෙනසුරු කපටි අන්දමින් ද මුදල් වැය කිරීමට යෙදුණා. මුදල් වැය වුණාට වැය වූ ක්‍රමය පැහැදිලි නැහැ. ඒ ශනි ග්‍රහයාගෙ හැටි. මෙවර බ්‍රහස්පතිට අයිති දෙවැන්නේ නැත්නම් ධනස්ථානයේ බුධ හා සෙනසුරු යෝගීව ඉන්නවා. මෙතැන සෙනසුරු මිත්‍රශීලි ස්වභාවයෙන් ඉන්නෙ 2 වැන්නෙ ගෝචර බුධට ස්වකීය 8 වැන්න ශප්තම් දෘෂ්ඨියට හසුවන නිසා. එතරම් මුදල් නාස්තියක් කිරීම වළක්වනවා.

2022 විශේෂ දෙයක් තමයි. ශිල්ප ස්ථානය බුධට අයිතිව ඇති නිසා බුධ මෙවර 2022 විශේෂ ස්ථානයක් හිමි කර ගන්නවා. ශිල්පය හදාරන දරුවන්ට වඩා හොඳ කාලයක් වනවා. ඔවුන්ට වැඩි පහසුකම් හා සහන නොලැබුණොත් ඔවුන් එය සොයා යාමේ ප්‍රයත්නයක් ඇති කරනවා. පසුගිය දිනවල උස් ස්ථානවලට ගියා වගේ. දිවයිනෙන් පිට පළාතට වුවත් උසස් අධ්‍යාපනය සඳහා යාමට පෙළඹෙනවා. ඉන් රටට උගතුන් අහිමි වීමක් ද පෙනෙනවා. අඟහරුවාට අයත් වීර්ය ස්ථානයේ සිටින ගුරුට නැත්නම් බ්‍රහස්පතිට සප්තම් දෘෂ්ටියට පෙනෙන මිත්‍ර සිකුරු නිසා හතුරු මිතුරු දැක්මක් පිළිබිඹුවනවා. ලග්නයේ ගෝචර වන හතුරු රවිට තමාගේම හතුරු භාවය නැත්නම් විවාහක ස්ථානය පෙනෙන නිසා. තනි තීරණ අනුව බොහෝ විවාහ සිදුවනවා. ඒවා හිතුමතේ වන ඒවා බවත් කිව හැකියි. බ්‍රහස්පතිට අයත් මෙම ස්ථානය සිකුරා සිටීම එම කාරණාව ස්ථීර කරනවා. ගියවර 2021 සතර කෙන්දර රාශී ගෝචර වලින ් රවි හා බුධ වෙනුවට මෙවර රවි සහ සිකුරු සංයෝග වීම නිසා තද ගතියෙන් මිදුණු මොලොක් වසරක් වේවි. එම නිසා ආසන්න රාජ්‍ය යන්ගෙන් උපකාර බහුලව ලබන වසරක වීමට හේතුයි.

විශේෂ කරුණක් නම් රවි හා සිකුරු අංශක 27 15 කින් යෝග වීම නිසා වඩා ප්‍රබල වසංගතයක් ගැන ද පෙන්නුම් කෙරේ. විශේෂයෙන් සඳහන් කිරීමට ඇති කරුණක් වනුයේ ඔමික්‍රෝන් යැයි නවීන වසංගතය බවට දැනුම් දී තිබුණත් මෙතෙක් වටහා නොගත් ඊට වඩා නවීන වසංගතයක් රට තුළට ඇතුළු වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවත් ඉතා සියුම් කෙටිකාලීන වසංගතයක් බවත් කිවහැකි වන්නේය.

2022 වර්ෂයේ කරුණු කාරණා පරික්ෂා කිරීමේදී විශේෂයෙන් සඳහන් කිරීමට කරුණක් ඇත. එනම් ඡ්‍යෝතිෂයේ මව් වශයෙන් හඳුන්වා දෙන චන්ද්‍රයා දුර්වල වනවා. වසර ආරම්භයේ 12 වැන්න ගෝචර වන සඳු ඊට හේතුව වශයෙන් පෙන්වනවා. එක එක ග්‍රහයන් යෝගවීම හා පැවැත්ම මත පතිත වීඇති අංශක ගණනින් විශ්ලේෂණය කිරීමේදී 2020 පසුගිය වසරට වඩා ප්‍රයෝජනවත් වු එකක් වන ග්‍රහ සංයෝග ඇති බව කිව හැක.

2022 වර්ෂයේ සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු ප්‍රබලයකු ලෙස ගෝචරය වීම බොහෝ කාර්යයන් කඩිනම් කිරීමේ ප්‍රතිඵලයක් බව කිව යුතුය. හෙතෙම සිකුරු දුර්වල වීම නිසා පැතිරවීම කඩිනම් වීමක් ගැන ද කිව හැක. හදිසියේ රට තුළට කඩා වැටෙන අමුතුම වසංගතය ගැන යමක් කීමට ඇත. මෙම වසංගතය විදේශයකින් ලැබෙන බවත් ඉතා ක්ෂණික සාන්ද්‍රතාවයකින් යුක්ත කෙටිකාලීන බව ද කිව යුතුය. වසර මුලාරම්භයේ අව තිථියට වුවත්, දින 2 කින් පසු පුර දුරුත්තම එම කළුවර තුළ ආ රිදී ආලෝකයක් මෙන් වේ.

2022 වර්ෂයේ වෙනත් රටවල් හා සසඳන කල ලංකාව පසුගිය වසරට වඩා වැඩි සංවර්ධනයක් පෙන්නුම් කරයි.

පාරම්පරික ඡ්‍යෝතිෂවේදී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.