වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ආහාර ගතයුත්තේ මෙහෙමයි!
ආයුර්වේදය යනු හුදෙක් රෝගීන් සඳහා ඖෂධ ලබාදෙන විද්‍යාවක් නොවේ. ගර්භාවස්ථාවේ සිටම නිරෝගීකම ආරක්ෂා කරගතයුතු ආකාරය පැහැදිලි කරන ආයුර්වේද දර්ශනය තුළ ඉන්පසු බ්‍රහ්ම මූර්තියෙන් අවදිවීමේ සිට රාත්‍රී නින්දට වැටෙනතුරු සිදුකරන සියලුම ක්‍රියාවන් පවත්වා ගත යුත්තේ කෙසේදැයි මොනවට පැහැදිලි කරයි.
සියලුම ප්‍රාණීන්ගේ සම්භව හේතුව ආහාරයයි. එසේම ප්‍රාණීන්ගේ බලය, වර්ණය, ඕජස යන මේවාට මූලයද ආහාරයයි. යමක් තේරුම්ගත හැකි වයසේ සිට ආහාර සඳහා තමාගේ ජීවිතයේ මෙතරම් වැදගත් ස්ථානයක් ලබා දෙන්නේ දැන හෝ නොදැන මේ කාරණා හේතුවෙනි. නමුත් මනසින් උසස් මනුෂ්‍යයන් සිය මසැස මෙන්ම මනසද උපයෝගී කොටගෙන ආහාර දෙස බැලීම කළයුතුම ක්‍රියාවකි.
වර්තමානයේ පෝෂ්‍යදායි ආහාරයක් ලෙස හඳුන්වන්නේ කාබෝහයිඩ්‍රේට (ඛ්චපඡධඩරඤපචබඥඵ) ප්‍රෝටීන් (ර්‍ථපධබඥඪද) විටමින් (මඪබචථඪදඨ) තන්තු (ජ්ඪඡඥප) මේදය (ජ්චබ) ඛණිජ ලවණ (ර්ඪදඥපචතඵ) ජලය (එචබඥප) යන මේ ප්‍රධාන සංඝටක 07 අඩංගු ආහාරයයි.
ආයුර්වේද මතානුකූලව ආහාරය ෂඩ් රසයෙන් යුක්ත විය යුතුයි. එනම් මධුර, අම්ල, ලවණ ,කෂාය ,කටු, තික්ත යන රසයන් හයෙන්ම යුක්ත විය යුතුයි. මෙය ඕනෑම වයසක තරාතිරමක පුද්ගලයෙකුට තමාගේ ආහාරය පිළිබඳ මිනිය හැකි දර්ශනයකි.
මධුර, අම්ල, ලවණ යන රසයන් තුනෙන් ශරීරය තුළ පවතින වාතයද, කෂාය , මධුර, තික්ත යන රසයන්ගෙන් පිතද , කෂාය , කටු, තික්ත යන රසයන්ගෙන් සෙමද පාලනය කරගත හැකිවෙයි. මේ අනුව මෙම රස හය සහිත ආහාරය සමබල ආහාරයක් වැනිය . එමෙන්ම තමාගේ ශරීරයේ පවතින වාත, පිත, කඵ යන තත්ව අනුව ආහාරයේ රසයයන් කෙසේ ගැලපිය යුතුදැයි අදහසක්ද මෙමගින් ලබාගත හැකිවෙයි.
වෛද්‍ය එන්.එම්.යූ. මධුභාෂිණි නවනගරය , මාදම්පේ
0770796988