වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ලේක්හවුස් ආයතනයට පා තබා වසර 50 යි
සෝදුපත් කියවා නිවැරදි කර නැවත අලුත් පිටපත් නිශ්ශංක මහතා අනුමත කළ යුතුය. මෙම දින තුන සියලු අපහසුතා මධ්‍යයේ සේවය කිරීම ඉතා අපහසු කාර්යයකි. ඊයම් විෂ ශරීරගත වීමේදි ඇතිවන ශ්වසන අපහසුතා වෙනුවෙන් ෆෝමන් මහතුන්ට එළකිරි වීදුරුවක් ලබාදීමටද ආයතනය කටයුතු සලසා තිබුණි.
සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතට වසර 50 ක් සම්පූර්ණ වීම පිළිබඳව ඉතා නිහතමානීව සතුටුවිය හැකි අයෙක්මි. 1969 වසරේ මුල්භාගයේ සිළුමිණ පත්‍රයේ දැන්වීමක් පළකර තිබෙනු දුටිමි.
එහි සඳහන් වූයේ ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් විසින් ආරම්භ කිරීමට නියමිත ඡ්‍යොතිෂ පත්‍රයකට පුවත්පත් කලාවේදීන් බඳවා ගැනීමට යන බවයි.
එවකට වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යෘලයේ උසස්පෙළ හදාරමින් සිටි මට රැකියාවක් කිරීමේ දැඩි ආසාවක් තිබුණි. කුඩා කල සිටම මගේ පියාගෙන් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය ඉගෙන ගනිමින් සිටි මම වහා ක්‍රියාත්මක වී අයදුම් පත්‍රයක් සකස් කළෙමි. මගේ පියා යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිලත් වෛද්‍යවරයකුවූ අතර ප්‍රසිද්ධ ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ ඇස්.ඩබ්ලිව්. කස්තුරිරත්න මහතාගෙන් ඡ්‍යොතිෂ්‍ය උගත් අයෙකි.
පාසල් අධ්‍යාපනය හදාරන අතර එකල දවස ආයතනය මුද්‍රණය කළ “ඉරණම” ඡ්‍යොතිෂ පුවත්පතට ලිපි සැපයීමට මගේ පියාගෙන් ගුරුහරුකම් ලදිමි. පියා විසින් වංග ඡ්‍යොතිෂ පොත් සිංහලට පරිවර්තනය කර දෙන ලිපි මගේ අතින් සංස්කරණය වී ඉරණම පුවත්පතට යැවීමට කටයුතු කළෙමි.
ඉරණම පත්‍රයේ ප්‍රධාන කර්තෘ සුමනදාස සමරසිංහ මහතා එම වටිනා නාඩි ඡ්‍යොතිෂ ලිපි ලද සැණින් පුවත්පතේ පළකළේ මගේ ඡායාරූපයක්ද සමගිනි.
ලේක්හවුස් ආයතනයෙන් ලද විදුලි පුවතකට අනුව ඉරණම පත්‍රයේ පළවූ මගේ ලිපි එකතුවක් රැගෙන මම සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමි. උපාධිධාරින් 27 දෙනෙක් එදින පරීක්ෂණයට පැමිණ සිටි හෙයින් මම පසුබෑමකට ලක්වීමි. පැය 2 1/2ක ලිඛිත පරීක්ෂණයට ඉතා සාර්ථකව පිළිතුරු සැපයු අයුරු මතකයේ පවතී. භාව කේන්ද්‍රයක් සැකසීම හා තවත් ප්‍රශ්න 10 ක් ඊට ඇතුළත්ව තිබූ අතර කෙටි ඉංගී‍්‍රසි පරිවර්තනයක්ද ඇතුළත්ව තිබුණි. පැමිණ සිටි උපාධිධාරීන් ඊට දින කීපයකට කලින් මේ සඳහාම ඡ්‍යොතිෂයේ අ යනු ආ යනු හැදෑරූ අය බව දැන ගතිමි.
කෙසේවෙතත් ලිඛිත පරික්ෂණයෙන් පළමු තැනට තේරී පත්වී ඇති බව දන්වා දෙවැනි පරීක්ෂණයට කැඳවීමක් ලැබුණි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගත්කතුවර පියසේන නිශ්ශංක ශූරීන් බැහැදැකීමට එදින අවස්ථාවක් ලැබුණි. අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවණය කළ ගෝමස් මහතා අලුත් පත්‍රයේ නම සුබසෙත බවත් එය නිශ්ශංක මහතාට සිහිනයෙන් පැවසූවක් බවත් මා සමඟ පැවසීමි.
1969 අපි‍්‍රයෙල් 01 වැනිදා පුවත්පත් කලාවේදිනියක් ලෙස පත්වීම ලැබ ලේක්හවුස් ආයතනයේ පඩිපෙළ නගිද්දී මට මහත් ආඩම්බරයක් දැනුණි. පියසේන නිශ්ශංක මහතා සියලු වගකීම් කරට ගෙන කටයුතු කරනවා දුටිමි. විජයසිරි විද්‍යාරත්න මහතා ඡ්‍යොතිෂ අංශය බාරව කටයුතු කළේ ඉතා කෙටි කාලයකි. එකල කර්තෘ මණ්ඩල වල සේවය කළේ ඉතා සුළු පිරිසකි. එයින්ද කාන්තා නියෝජනය ඉතා අල්ප විය.
අක්ෂර ව්‍යාකරණ පිළිබඳව නිශ්ශංක මහතා දැඩි උපදෙස් ලබාදුන් අතර එක් වචනයක් හෝ වැරදි පත්‍රයේ පළවුවහොත් සුළු දඩයකටද යටත් විය යුතුය. අකුරු අමුණන අංශය ඉතා කාර්යබහුලය. උඩ යට මාරුවී ලැබෙන ඊයම් අකුරු පේලි එක එක අමුණා පිටු සකස් කිරීමට දින 03 ක් ගතවෙයි.
සෝදුපත් කියවා නිවැරදි කර නැවත අලුත් පිටපත් නිශ්ශංක මහතා අනුමත කළ යුතුය. මෙම දින තුන සියලු අපහසුතා මධ්‍යයේ සේවය කිරීම ඉතා අපහසු කාර්යයකි. ඊයම් විෂ ශරීරගත වීමේදි ඇතිවන ශ්වසන අපහසුතා වෙනුවෙන් ෆෝමන් මහතුන්ට එළකිරි වීදුරුවක් ලබාදීමටද ආයතනය කටයුතු සලසා තිබුණි.
මේ ආකාරයට දේශපාලන හැල හැප්පීම් මධ්‍යයේ වුවද වසර 38ක් ලේක්හවුස් ආයතනය් රැඳී සිටීමට තරම් භාග්‍යවන්ත වීමි. 1994 වර්ෂයේදි එවකට සුබසෙත පත්‍රයේ ප්‍රධාන කර්තෘ වශයෙන් සේවය කළ කපිතාන් චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා ගේ විශ්‍රාම ගැනීමෙන් ඇතිවු පුරප්පාඩුවට අයදුම් පත්‍රයක් යොමු කිරීමෙන් එම තනතුර මා වෙත ලැබුණි. විශ්‍රාම ලැබුවද එතුමාගෙන් ලද උපදෙස් කර්තෘ පදවිය ගෙන යාමට මහත් පිටිවහලක් විය.
මෙම තනතුරු හොබවන කාලය තුළ බංග්ලාදේශය කල්කටා එන්දිසාර් වැනි නගරවල පැවැත්වු ජාත්‍යන්තර ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ කිහිපයකටම සහභාගිවීමට අවස්ථාව උදාවිය. ඡ්‍යොතිෂයට අදාළ සියලු විෂයයන් අන්තර්ගත කොට පැවැත්වු දින 10 සම්මන්ත්‍රණවලදි විශාල දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකිවිය.
එවකට සුබසෙත පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ වශයෙන් සේවය කර දැනට අප අතරින් වියෝ වූ විනී මද්දුමගේ මහතාත් දැනට සිළුමිණ පත්‍රයේ සේවය කරන සුභාෂිණි ජයරත්න මහත්මියත් මා වෙත ලබා දුන් සහයෝගය අගයමි.
සුබසෙත පත්‍රයට වසර 50 ක් පිරීම යනු ලේක්හවුස් ආයතනයට පා තබා වසර 50 ක් පිරීම හෙයින් මගේ ජීවිතයේදි එම දිනය සිහිපත් කිරීම සඳහා කෙටි මතක සටහනක් එවන මෙන් සුබසෙත පත්‍රයේ සේවය කරන චම්පිකා අඹුවන්ගල මහත්මියගෙන් මට ලැබුණු ආරාධනයට මගේ කෘතඥතාවය මෙසේ සටහන් කරමි.
ගීතා ජයසූරිය
හිටපු සුබසෙත කර්තෘ