ඔබේ ගැටලුවට අපෙන් විසඳුම්

මැයි 24, 2024

 

රණසිංහ - අඹේපුස්ස

ප්‍රශ්නය - ඉදිරි මාස කීපය කෙසේද කියා දැනගත හැකිද?.

 

පිළිතුර -

ගතවෙන කාලය අපලයි. මේ කාලය තුළ හදිසි අනතුරු, වෛරස්වලින් සෑදෙන අසනීප ද නෛතික ප්‍රශ්න, ශල්‍ය කර්මවලට ඉඩ තිබෙන කාලයකි. මැයි අග සතියත් දෙසැම්බර් 21, 22, 23 යන දිනයන් පරිස්සම් වෙන්න. මේ කාලය ආගමික වතාවත්වල යෙදෙන්න. බ්‍රහස්පතින්දා කහ මල් ද, අඟහරුවාදා රතු මල්, ඖෂධ, ගිලන්පස සමඟ බෝධි පූජා තබන්න.

 

සිංහගේ - කඩුවෙල

ප්‍රශ්නය - කකුලේ ආබාධය කවදා සුවවේවි ද?

 

පිළිතුර -

පාද, කොන්ද, උදරය සම්බන්ධ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවේ. මැයි 13, 14 අපල දින ටිකක් පරිස්සම් වෙන්න. 2028 වෙනකම් වරින්වර සෞඛ්‍ය තත්ත්වයේ ගැටලු පෙන්වයි. හැකි සෑම අවස්ථාවකම සිල් සමාදම් වෙන්න. ආගම දහමට නැඹුරුව ජීවත් වෙන්න. එවිට මනසට සහනයක්, කයට සුවපහසුවක් දැනේවි.

 

තිළිණි - බදුල්ල

ප්‍රශ්නය - රැකියාවක් ලැබෙන කාලය සහ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

 

පිළිතුර -

ඔබට තාක්ෂණය හා කලාවට සම්බන්ධ රැකියා හොඳයි. ග්‍රැෆික් ඩිසයිනින්, රූපලාවණ්‍ය, විදේශ රැකියා හෝ විදේශයට සම්බන්ධ ස්ථානවල රැකියා කිරීමට පුළුවන්. ඔබගේ හැකියාවන්වලට සුදුසු රැකියාවක් අගෝස්තු අග සැප්තැම්බර් මුල ලැබෙනු ඇත. රාජ්‍ය අංශයටද වාසනාවක් පෙන්වයි. සෞඛ්‍ය ගැන ද අවධානය යොමු කරන්න.

 

හසන්තිකා - හොරණ

ප්‍රශ්නය - මාගේ විවාහය සහ රැකියාව කවදා ඉටුවේද?

 

පිළිතුර -

ඔබට ලග්න ඒරාෂ්ටක හා ජන්ම ඒරාෂ්ටක අපල දෙකම එකවර ලබා ඇති නමුත් 2025 මැයි මාසයට පෙර ඔබගේ විවාහය සිදුවේ. 2024 නොවැම්බර්, දෙසැම්බර් විවාහය සඳහා සුබ පිහිටීම් ඇත. වාණිජ හෝ කලා විෂයයන් ඉගෙනගත් කෙනෙක් ඔබගේ අනාගත සහකරු වෙයි. ඔබට මූල්‍ය ආයතන රැකියාවලට සුබයි. 2025 අප්‍රේල් වනතුරු අපල ඇති නිසා පරිස්සමෙන් වැඩ කරන්න. ඉන්පසු රැකියාවේ සාධනීය, වෙනසක්, දියුණුවක් ඇතිවේ.

 

ජයවිලාල් - කුලියාපිටිය

ප්‍රශ්නය - මට දෙවියන්ගෙන් පිහිට තිබේද? ඒ කුමන දෙවියන්ගෙන්ද?

පිළිතුර -

ඔබට ශුද්ධ වූ උසස් භවයන්වල සිටින අයගේ පිහිට ආරක්ෂාව ඇත. සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරන්න.

 

නාඩි ඡ්‍යොතිෂවේදී,

චමීර බියන්විල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.