2025.01.11 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 11, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.26
ඉර බැසීම - ප.ව. 06.11
රාහු කාලය - උදේ 09.22 - 10.50
සුබ දිශාව - උතුර

 

මේෂ

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. ස්ත්‍රීන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බවක් පෙනේ. අනුන්ගේ දේවල් ප්‍රයෝජනයට ගන්නා දිනයකි.

වෘෂභ

සංගීතය හා කලා අංශයවලට යොමුවිය හැකිය. ප්‍රසිද්ධියක් ලැබිය හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දැනුමෙන් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි.

මිථුන

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. වගකීම් බහුල දිනයකි.

කටක

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. උසස් අය ඇසුරට ලැබෙන දිනයකි.

සිංහ

ශාරීරික වෙහෙසීම් වැඩි කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සමාජයෙන් පැසසුම් ලබන බවක් පෙනේ.

කන්‍යා

වගකීම් බහුල කරයි. දරුවකු වෙනුවෙන් සතුටු විය හැකි බවක් පෙනේ. නිතර පින්දහම් කටයුතුවලට යොමුවන දිනයකි.

තුලා

පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇති කරයි. සෙම් දෝෂයකින් පීඩා අත් කරයි.

ධනු

ගෙදර දොර සාමය ඇති කරයි. බාහිර අලංකාරයට වැඩි කැමැත්තක් දක්වයි. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි.

මකර

ප්‍රසිද්ධියට පත්වන දිනයකි. ඥාති උපකාරයක් හිමි කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරු වෙයි. බලාපොරොත්තු සාර්ථක කරන දිනයකි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මීන

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනසක් සිදු කරයි. වාත වේදනා, හිසේ කැක්කුම් ඇති කරන දිනයකි. සහෝදර උපකාරයක් හිමි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.