2024.12.02 සඳුදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.07
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - උදේ 07.35 - 09.04
සුබ දිශාව - උතුර

 

මේෂ

වගකීම් බහුල දිනයකි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරයි. හදිසි ගනුදෙනුවකට සැලසුමක් ඇති කරයි. උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ.

වෘෂභ

පැවැති වෙහෙසකාරී බව මඟ හැරී යයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි.

මිථුන

ධාර්මික කටයුතුවලට යොමුවන දිනයකි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වැඩිහිටි උපදෙස් අනුව කටයුතු සිදුකරන දිනයකි.

කටක

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

සිංහ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. දුරබැහැර ගමනක් යෙදෙන බවක් පෙනේ. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා ඇති කරයි.

කන්‍යා

තරමක් ආඩම්බරකාර ගති පැවැතුම් ඇති කරයි. නොසිතූ කරදරයකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න.

තුලා

ඉගෙනීමේ කටයුතුවලට දක්ෂතා දක්වයි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘශ්චික

සමාජයේ ප්‍රසිද්ධියට පත් කරයි. පවුලේ වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. සෙම් රෝගයකින් පීඩා අත් කරයි.

ධනු

කරදර බාධා මඟහැරී යයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තෑගි භෝග හිමිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. විවිධ අවහිරතා මතුකරන දිනයකි.

කුම්භ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට යොමුවේ. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ගතට සිතට සැනසිල්ල උදා කරයි.

මීන

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විශේෂ ගමනකට කටයුතු උදා කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට හැකිවෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.