2024.10.02 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 2, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - දවල් 12.00 - 01.31
සුබ දිශාව - දකුණ

 

මේෂ

බාහිර අලංකාරයට විනෝදයට කැමැති දිනයකි. පොතට පතට වැඩි කැමැත්තක් දක්වයි. තෙල්බැදුම්, පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි.

වෘෂභ

ඉගෙනීමේ කටයුතුවලට යම් යම් බාධා පැන නැගෙයි. අවිවාහකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. පවුලේ සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි.

මිථුන

අලුත් බලාපොරොත්තු ඇති කරයි. බාහිර අලංකාරයට කැමැති දිනයකි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. හදිසි ගනුදෙනුවකට හේතු සැලසේ.

කටක

විශේෂ කටයුතු කීපයකට කරුණු ඇති කරයි. මවට, සහෝදරයන්ට ළැදි දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරයි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා කෑමෙන් බීමෙන් පරිස්සම්විය යුතු බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි.

කන්‍යා

අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.

තුලා

බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.

වෘශ්චික

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.

ධනු

ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදුකර ගනී.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.

කුම්භ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.

මීන

වෙනදාට වඩා වගකීම් වැඩිකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.