2024.09.23 සඳුදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 23, 2024

 

ඉර උදාව පෙ.ව. 06.01
ඉර බැසීම ප.ව. 06.06
රාහු කාලය - උදේ 07.31 - 09.02
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

මිථුන

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වීමට හේතු ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගනුදෙනුවකින් නිදහස උදා කරයි.

කටක

පවුලේ අය අතර ප්‍රසාදයට පත් කරයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. මවුපස ඥාතියකු කෙරෙහි විමසිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

කන්‍යා

අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

තුලා

අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු සිදු කරයි. උරුම හිමිකම්වලින් අතමිට සරු කරයි. සෙම් රෝගයකින් පීඩා විඳින දිනයකි.

වෘශ්චික

වියදම් පක්ෂය අධික කරයි. ගතට සිතට අවිවේකී බවක් ඇති කරන කටයුතු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇත. බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදෙනු ඇත.

මකර

ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරයි. තරමක් දුරට කලබලකාරී ගතිපැවැතුම් ඇති කරයි. රැකියා ස්ථානයේ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන දිනයකි.

මීන

හිස පපුව ආශි‍්‍රත ඇතිවන ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුකරන බවක් පෙනේ. විදෙස් ලැබීමකට හිමිකම් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.