2024.08.28 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - දවල් 12.12 - 01.44
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි. වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

නිතර විනෝදයට කැමැති බවක් පෙනේ. සාහිත්‍ය හා කලා අංශයට යොමුවන දිනයකි. අන් අය සමඟ සුහදව කටයුතු කරයි.

මිථුන

නොසිතූ ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. ඥාන ශක්තිය වැඩි දියුණුවන කටයුතු කීපයකට සම්බන්ධ වේ. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

බලාපොරොත්තු ඉටු කරයි. විශ්වාසවන්ත කෙනකුගේ අසුරට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

සිංහ

කැපී පෙනීමට කැමැති දිනයකි. නිතර පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. හදිසි අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට සිදුවන බවක් පෙනේ.

කන්‍යා

අමතර ගමන් බහුල කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. සහෝදරාදීන් සමඟ එක්ව කටයුතු කරයි. අවිවේකී දිනයකි.

තුලා

කීර්තිය ප්‍රසිද්ධියට කැමැති බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වන්න. උදරාබාධ සෙම් රෝග ඇතිවිය හැකි කාලයකි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. ධාරන ශක්තිය වැඩිදියුණුවන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

ධනු

ප්‍රසන්න හා සිත් ගන්නා සුළු ඉරියව් ඇති කරයි. පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට කැමැත්තක් දක්වයි. වගකීම් බහුල දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදුකරයි.

මකර

අමතර කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු සිදු කරයි. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩිකරන දිනයකි.

කුම්භ

පැරණි හිතවත්කමක් අලුත් කරයි. ප්‍රභූ ඇසුරකට අවස්ථාව උදා කරයි. වගකීම් බහුල දිනයකි.ණය ගනුදෙනුවකින් නිදහස අත් කරයි.

මීන

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.