2024.06.27 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 27, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - දවල් 01.47 - 03.21
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. ගේ දොර කටයුතු අධික කරන දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ.

මිථුන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. අතමිට සරුකරන දිනයකි.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. වරින් වර ඇති කරන සෙම් රෝගයකින් පීඩා අත් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

වගකීම් බහුල කරන බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කන්‍යා

සහෝදර බැඳීම්වලට හේතු ඇති කරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකි වන දිනයකි.

තුලා

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ව්‍යාපාර ලාබ හිමිකම් ඇති බවක් පෙනේ. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන දිනයකි.

වෘශ්චික

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් පසුවන්න. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳින දිනයකි.

ධනු

වගකීම් බහුල කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාබයකට ඉඩ ඇති බවක් පෙනේ. පවුලේ කටයුතුවලට වෙනස්කම් කීපයක් සිදු කරයි.

මකර

නොගැලපෙන ඇසුරකට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගන්නා දිනයකි.

කුම්භ

සමාජසේවා කටයුතුවලින් කැපී පෙනෙන බවක් පෙනේ. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. මව්පස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. නැති වූ දෙයක් නැවත හිමිකරන ලකුණු පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.