2024.05.16 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 16, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.25
රාහු කාලය - දවල් 01.40 - 03.14
සුබ දිශාව - උතුර

 

මේෂ

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ප්‍රභූ ඇසුරකට කටයුතු උදා කරන දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධිකවන දිනයකි. නිතර ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. අලුත් දේ ඉගනීමට මඟ සැලසෙයි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කටක

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වරින් වර ඇති කරන සෙම් රෝගයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

සිංහ

පැවැති බලාපොරොත්තුවක් බිඳ වැටෙන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කන්‍යා

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කටයුතුවලදී විශේෂ උනන්දුවක් ඇති කරයි. අලුත් දේ ඉගනීමට කටයුතු උදා කරන දිනයකි.

තුලා

නැති වූ දෙයක් නැවත හිමිකරයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නා දිනයකි.

වෘශ්චික

ඉතා කලබලකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

අමතර ලැබීම් සහිත දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වාහනයක අඩුපාඩුවක් සකසා ගැනීමට වෙහෙසෙන දිනයකි.

මකර

වෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධවිමට සිදුවෙයි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. අමතර ගමන් බහුල කරන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. පැවැති උදාසීන ගති මඟහැරී යන දිනයකි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.