2024.05.15 බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - දහවල් 12.07 - 01.40
සුබ දිශාව - උතුර

 

මේෂ

වෙහෙසකාරී බවක් ඇති කරන දිනයකි. වැඩිහිටියකුගේ සහය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ.

මිථුන

නැති වූ දෙයක් නැවත හිමි කරයි. විශ්වාසවන්ත කෙනකුගේ අසුරට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ. ඇවිදිලි වැඩි කරන දිනයකි.

සිංහ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. අලුත් දේ ඉගනීමට වෙහෙසෙන දිනයකි. වගකීම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

තුලා

වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. මිහිරි ආහාරපාන කෑමට ලැබෙන දිනයකි.

වෘශ්චික

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු සිදු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

ධනු

සිතේ සැහල්ලුවෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකින් වාසි කීපයක් අත් කරයි.

මකර

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල දිනයකි. දේපළ ගැටලුවකට මැදිවිමට ඉඩ ඇති බවක් පෙනේ.

කුම්භ

අලුත් බලාපොරොත්තු ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

මීන

පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.