2024.05.14 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

මැයි 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 03.13 - 04.47
සුබ දිශාව - උතුර

 

මේෂ

පවුලේ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරන බවක් පෙනේ. නිතර ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති දිනයකි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අන්සතු වස්තු ලාබයකට ඉඩකඩ ඇති දිනයකි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

මිථුන

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. හදිසි වාසි සැලසෙන මාර්ග කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කටක

ගතට සිතට සැනසීම උදා කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. සිතේ සතුටින් දවස ගත කරයි.

කන්‍යා

අලුත් ඥාති සබඳතාවලට හේතු සැලසෙන බවක් පෙනේ. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. අමතර වෙහෙසීම් බහුල දිනයකි.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

වෘශ්චික

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් දේ ඉගනීමට කටයුතු උදාකරන බවක් පෙනේ.

ධනු

වගකීමකින් නිදහස සැලසේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන දිනයකි.

මකර

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට වාසිදායක බවක් පෙන්නුම් කරයි. සමාජයේ කැපී පෙනෙන දිනයකි.

කුම්භ

අමතර ලැබීම් සහිත දිනයකි. වෙනදාට වඩා සිතේ සතුටින් කටයුතු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වරින් වර ඇති කරන වාත වේදනාවකින් පීඩා අත් කරයි. අමතර වැයවීම් බහුල වන කරුණු කීපයක් සිදු කරයි. දුරදිග බලා කටයුතු සිදු කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.