2024.04.12 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - උදේ 10.39 - 12.12
සුබ දිශාව - දකුණ

 

මේෂ

අවිවේකී ලෙස දවස ගෙවී යයි. වෙනදාට වඩාා උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. හිතවත්කම් අලුත් කරන දිනයකි.

වෘෂභ

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. එමෙන්ම පැවැති වගකීමකින් නිදහස්ව සැලසෙන බවක් පෙන්නුම් කරයි. වියදම් බහුල දිනයකි.

මිථුන

විශේෂ සැලසුමකට අත ගැසීමට අවස්ථාව උදා කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හිසේ ආබාධයක් නිසා පීඩා ඇති කරන දිනයකි.

කටක

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර මුදල් වැයවීම් බහුල දිනයකි. හදිසි ගමනකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

සිංහ

ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වියදම් අධික දිනයකි.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. හිතවත්කම් අලුත් කරන දිනයකි.

තුලා

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. මවගේ කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. හදිසි මුදල් වැයවීමකට කරුණු ඇති කරන දිනයකි.

වෘශ්චික

හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. වගකීම් බහුල දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

මකර

වගකීම් බහුල කරන දිනයකි. ශාරීරික වෙහෙසීම් හේතුවෙන් නොසිතූ ගැටලුවකට මුහුණපායි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි.

කුම්භ

අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන බවක් පෙනේ. එහෙත් ගෘහ ජීවිතයේ කටයුතු අධික වන බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

හිතවත්කම් අලුත් කරන බවක් පෙනේ්. පවුලේ කටයුතු පිළිබඳ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.