2024/04/05 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

අප්‍රේල් 5, 2024

 

ඉර උදාව පෙ.ව. 06.07
ඉර බැසීම ප.ව. 06.20
රාහු කාලය උදේ 10.41 -12.14
සුබ දිසාව – දකුණ

 

මේෂ

සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදු වෙයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. එමෙන්ම වගකීම් බහුලවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට ඉඩකඩ ඇති කරයි.

වෘෂභ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

මිථුන

ලිපි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි. නිතර ඇවිදිලි වැඩි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. හිතවත්කම් අලුත් කරන දිනයකි.

කටක

කලබලකාරි ගතිපැවැතුම් ඇති කරයි. සමාජයේ කැපී පෙනෙන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත් කරයි. තැන්පත් ධනය වැයවීමට ඉඩ ඇති බවක් පෙනේ.

සිංහ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත් විය යුතුයි. අලුත් දේ මිලදීගැනීමට කටයුතු උදා කරන දිනයකි.

කන්‍යා

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් වන්න. සතුරු කරදරයක් ඇතිවිය හැකි දිනයකි.

තුලා

ඉක්මන් කලබලකාරි ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර මුදල් වියදම් වැඩි කරයි. ඥාතියකු හෝ ඇසුරුකරන අයකු සමඟ මතභේදයක් ඇති කර ගනී.

වෘශ්චික

අවුල් වියවුල්වලට හසුවීමට ඉඩ ඇති බවක් පෙනේ. වියදම් පක්ෂය අධිකවන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. දුරගමනක් පිළිබඳ අදහසක් ඇති කර ගනී.

ධනු

පවුලේ වගකීමක් තමා පිට පැවරේ. පැවැති බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට කරුණු සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. දානමය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.

මකර

අලුත් කටයුත්තක් ඇරැඹීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත්වන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි.

කුම්භ

අන් අයගේ උදවු උපකාර ලැබෙන දිනයකි. මුදල් ගනුදෙනුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදු වෙයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.