2024.03.24 ඉරිදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.13
ඉර බැසීම - ප.. 06.21
රාහු කාලය - සවස 04.50 - 06.21
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවතකු හමුවීමට කටයුතු උදා කරයි. හදිස්සියේ පවුලට සම්බන්ධ වන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

වෘෂභ

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. නිතර හමුවන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. දුර ගමන් ගැන සැලකිලිමත් විය යුතු දිනයකි.

මිථුන

අවිවේකි වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වරින් වර ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි ගමනකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

කටක

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙන බවක් පෙනේ්. අන්සතු වස්තු ලාබයකට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරයි.

සිංහ

පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අඹුසැමි මතභේදයක් දුරදිග යාමට ඉඩ ඇති බවක් පෙනේ. යටපත් වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතු කරයි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කෙනකුගේ වගකීමක් තමා වෙත පැවරීමට ඉඩ ඇත.

තුලා

නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ අසනීපයක් පිළිබඳ සැලකිලිමත් වන්න. යටපත් වූ අසනීපයක් නැවත මතුවන බවක් පෙනේ.

වෘශ්චික

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. නිතර පොත්පත් ලිපි ලේඛන කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ.

ධනු

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. දරුවකුගේ ඉදිරි අනාගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යටපත් වූ චර්මගත ආබාධයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු කරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ.

කුම්භ

වගකීම් බහුල කරයි. නිතර සමාජයේ ජනපි‍්‍රයත්වයට කරුණු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරන දිනයකි.

මීන

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර සිතේ චංචලබවකින් කටයුතු සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.