2024.03.22 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.14
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - උදේ 10.40 - 12.48
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැය වන බවක් පෙන්නුම් කරයි. නීතිමය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන දිනයකි.

වෘෂභ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සතුටට පත්විය හැකි බවක් පෙන්වයි. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

මිථුන

පවුලේ ගැටලුකාරී බවක් ඇති කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ. ශාස්ත්‍රීය ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

කටක

වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකි වෙයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වෙයි. වගකීමකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර ඇතිවන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි ගනුදෙනුවක් යෙදීමට ඉඩ ඇත.

තුලා

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ගෘහ ජීවිතයේ ගැටලු කීපයක් නිරවුල් කර ගැනීමට හැකි වෙයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘශ්චික

විදෙස් ගත හිතවතෙකුගෙන් උපකාරයක් හිමි කරයි. අලුත් බැඳීම්වලට හේතු යෙදෙන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

ධනු

පැවැති අසහනකාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන විමසිලිමත් වන්න. අලුත් බලාපොරොත්තු ඇති කරයි. අමතර ලැබීම් හිමිවන දිනයකි.

මකර

ගේ දොර කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. විශේෂ කෙනකුගේ් ඇසුරට කටයුතු උදා කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

මීන

හදිිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත. වෙනදාට වඩා මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පැරැණි හිතවත්කමක් අලුත් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.