2024.03.15 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.17
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 10.48 - 12.20
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශේෂ සැලසුමකට කටයුතු උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට කරුණු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් දිනයකි.

වෘෂභ

පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා වැඩකටයුතු අධික කරයි. අමතර ලාබ හිමිකරන මාර්ග කිපයක් යෙදීමට ඉඩ ඇත.

මිථුන

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. නිතර ඇසුරු කරන අයකු සමඟ මතභේදයක් ඇති කර ගනී. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කටක

විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. වෙනදාට වඩා ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල කරන දිනයකි.

සිංහ

යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. වරින් වර ඇති කරන යටිබඩ ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන දිනයකි.

කන්‍යා

පැවැති අවිවේකී බව මඟ හැරී යයි. නිතර ගේ දොර කටයුතු අධික කරන බවක් පෙනේ. දරුවකුගේ ඉදිරි වැඩපිළිවලක් වෙනුවෙන් අමතර වෙහෙසීම් වැඩි කරයි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

වෘශ්චික

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. යටපත් වූ උගුර ආශි‍්‍රත ආබාධයක් නැවත මතුවීමට ඉඩ ඇත.

ධනු

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවේ. අමතර දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ගේ දොර අලංකාරයට වෙහෙසෙන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර වියදම් බහුල කරන දිනයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

කුම්භ

අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. රැකියාවේ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.