2024.03.09 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 9, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - උදේ 09.20 - 10.51
සුබ දිශාව - උතුර

 

මේෂ

යොදාගත් කටයුතු කීපයක් ප්‍රමාද කරන දිනයකි. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. නිතර යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

අසල්වාසීන් සමඟ සුහදතාවයට කරුණු ඇති කරයි. සෙම් රෝග, මුත්‍රා අමාරු ආදී අසනීප මතුවිය හැකි බවක් පෙනේ. සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි.

මිථුන

පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදු වෙයි. උදරගත ආබාධයකින් පීඩා විඳින දිනයකි.

කටක

අලුත් බැඳීම්වලට කරුණු උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කරුණු සැලසෙන බවක් පෙනේ. සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි.

සිංහ

අමතර ගමන් බහුල කරන දිනයකි. පවුලේ වගකීමක් තමා පිට පැවරීමට ඉඩ ඇත. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදු කරයි.

කන්‍යා

දානමය කටයුත්තක් සම්බන්ධ සැලසුමක් ඇති කර ගනී. වෙනදාට වඩා මවගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

තුලා

උත්සාහයෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. විශේෂ ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙනේ. දරුවකුගේ අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට හැකිවන දිනයකි.

වෘශ්චික

මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනසකට ලක්කරන බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

ධනු

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

මකර

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙනේ. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. රැකියාවේ ගැටලුවකින් නිදහස සැලසෙන දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවලක් වෙනසකට ලක් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.