2024.03.08 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මාර්තු 8, 2024

 

ඉර උදාව – පෙ.ව. 06.20
ඉර බැසීම – ප.ව. 06.22
රාහු කාලය – උදේ 10.50 -12.21
සුබ දිශාව – උතුර

මේෂ

වගකීම් බහුල කරයි. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අඹුසැමි සහයෝගයකට කරුණු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

වෘෂභ

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. වෙනදාට වඩා ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා වේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ.

කටක

ලැබීම් අතින් යහපත් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. විවාහ ගිවිසුමකට කටයුතු උදා කරන දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතුවල වෙනසක් සිදු කරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන දිනයකි.

කන්‍යා

අවිවේකී වුවත් සැලසුම් කීපයක් වෙනසකට ලක් කරයි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට පාඩු සිදුකරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

තුලා

නිතර විසිතුරු දේ මිලයට ගැනීමට කටයුතු උදා කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘශ්චික

ගේ දොර සැප පහසුව අඩුකරන කටයුතු කීපයක් යෙදේ. තරග විභාගයකින් ජය අත්කරන බවක් පෙන්නුම් කරයි. නොගැලපෙන ඇසුරකට කටයුතු සැලසෙන බවක් පෙනේ.

ධනු

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර පොත්පත්, ලිපිලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. මෙතෙක් පීඩාගෙන දෙමින් පැවැති අසනීපයකින් සුවය හිමි කරයි.

මකර

ගතට සිතට සැනසිල්ල අඩුකරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වන්න. පවුලේ කටයුතු පිළිබඳ වෙනසක් සිදු කරන දිනයකි.

 

කුම්භ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. දේපළ ගැටලුවකින් නිදහස අත්කරන බවක් පෙනේ.

මීන

විදෙස් සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.